සිහින් සිරිපොද ඇදහැලෙමින් තිබේ. ඈත රජරටට වසන්තය ගෙනෙන්නේ මේ වැහි බිජුවටය. ගහ කොළත් ජීවිතය ගැන මියුරු කතා කියමින් හිඳී. පරාක්‍රම සමුද්‍රයේ දියවර මත රැලි රටා නංවමින් ගලා එන තෙත බරිත සුළඟ සෙල් ටැඹ අතරින් ගලාගෙන ඇවිත් හිරිගඩු නංවමින් සැඟ වී යයි .මේ මොහොතේ අප සිංහලයේ සැබෑ සංහිඳියාව මූර්තිමත් කරන පොලොන්නරුව පුරාණ ශිව දේවාලය අසලය. පොලොන්නරු පුරාණ නගරයට ප්‍රධාන ප්‍රවේශයෙන්...