»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2013 මැයි 05 දින
* 2013 අප්‍රේල්  28 දින
* 2013 අප්‍රේල්  21 දින
* 2013 අප්‍රේල්  14 දින
* 2013 අප්‍රේල්  07දින
* 2013 මාර්. 31දින
* 2013 මාර්. 24 දින
* 2013 මාර්. 17 දින
* 2013 මාර්. 10 දින
* 2013 මාර්. 03 දින
* 2013 පෙබ. 24 දින
* 2013 පෙබ. 17 දින
* 2013 පෙබ. 10 දින
* 2013 පෙබ. 03 දින
* 2013 ජන. 27 දින
* 2013 ජන. 20 දින
* 2013 ජන. 13 දින
 
 
   
රෝහණ රාජධානියේ පැරණිම නගරයක් සොයාගිය ගමනක් අකුරුගොඩ
 

රෝහණ රාජධානියේ පැරණිම නගරයක් සොයාගිය ගමනක් අකුරුගොඩ

 

රුහුණේ මාගම්පුර රාජධානියට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ පිහිටි අකුරගොඩ රුහුණේ පැරණි ම ඉතිහාසය මතු කරන ප්‍රදේශයකි. තිස්ස වැවත්, තිස්සමහා සෑයත්, සඳගිරි පැරණි දාගැබත් ටිකිරියගොඩානත් අතරේ අකුරුගොඩ ග්‍රාමය පිහිටියේ ය.

රෝහණ රාජධානියේ පැරණි නගරය හා ජනාවාස තොරතුරු සොයා යන පුරාවිද්‍යාඥයෝ අකුරුගොඩ කේන්ද්‍රගත කර පුරාවිද්‍යාත්මක ගවේෂණ කැණීම් ආරම්භ කර දිªගු කලකි. ජර්මන් රජයේ හා ශ්‍රී ලංකා රජයේ පුරාවිද්‍යාඥයෝ ඒකාබද්ධ වී සිදුකරන අකුරුගොඩ කැණීම පාදක කර මූල ඓතිහාසික යුගයේ ජනාවාස තොරතුරු දැනට අනාවරණය කර ඇත. මූල ඓතිහාසික යුගය යන්නෙන් අනාවරණය වන්නේ ක්‍රි.පූ. 1000ත් ක්‍රි.පූ.300 අතර කාලයයි.

මෙම වකවානුව් මාගම ප්‍රදේශයේ පැවැති මානව ජනාවාස තොරතුරු ද ඒ හා බැඳී තිබූ තාක්ෂණයෙත්, ලෝහ කර්මාන්තයත්, කළු රතු වළං අවශේෂ මෙන් ම කාසි වර්ග හා පබළු වර්ග ද වශයෙන් පැරණි සාධක සමුදායක් හමු වේ. අකුරුගොඩින් හමුවන වළං සහ අනෙකුත් ගෘහෝපකරණ වර්ග මාගමට ම ආවේණික ලක්ෂණ දරයි. එයට හේතු වූයේ රුහුණේ ජනාවාස බිහි කළ අය රුහුණේ ම රැඳුණු බැවිනි. ඔවුන්ගේ කලාව, තාක්ෂණය, භාෂාව ආදිය ශ්‍රී ලංකාවේ වෙනත් පළාත්වල ව්‍යාප්ත නොකළහ.

එහෙයින් රුහුණේ ගැමි ශෛලිය හා සමකළ හැකි කලාවක් දිවයිනේ තවත් තැනක දක්නට නොමැත. රුහුණේ ජනාවාස බිහිකිරීමට ද පෝෂණය කිරීමට ද කැප වූ අය අතර, කාම්බෝජයෙන් පැමිණි සූරියගුප්ත වැනි විජාතික සංක්‍රමණිකයෝ ද දායක වූහ.

මේ සංක්‍රමණිකයන් සම්බන්ධ තොරතුරු ඇතුළත් සෙල්ලිපි ගණනාවක් මාගම පර්වත කීපයක් ආශ්‍රිතව වෙති. මේ අනුව මාගම ජානපදිකයන් තුළ වූ සැලසුම් ශිල්පය හා නිර්මාණ තාක්ෂණය මාගමටම ආවේණික වූවක් බවට තිස්ස මහාසෑයේ කොත්කැරැල්ල කදිම නිදසුනකි.

මෑත කාලීන මාගම ප්‍රදේශයේ තිබෙන තාක්ෂණය මතුපිට සාධකවලින් හඳුනාගන්නා සේම, අකුරුගොඩ සිදුකරන කැණීම් මඟින් හමුවන පුරාවස්තු උරගානුයේ ද පරීක්ෂා කරනුයේ ද අදින් වසර ගණනාවකට පෙර මාගම වූයේ කෙබඳු තාක්ෂණයක් ද ජීවත් වූ මිනිසුන්ගේ ජීවන රටාව කොයිවිධිය ද යන්න අධ්‍යයනය කිරීම ය.

මාගම මානව ජන තොරතුරු සොයා යන අකුරුගොඩ පුරාවිද්‍යාත්මක පිරික්සීමේ දී මාගම පැරණි නාගරික ජනතාව වළං තැනීමට හෝ යකඩ නිෂ්පාදනය සඳහා යොදා ගත් උදුන් දැනට හමු වී ඇත. එලෙසම විවිධ වර්ගයේ පබළු ද විවිධ හැඩයේ උළු හා ගඩොල් ද මුළුතැන් ගෘහඋපකරණ අතර ඇඹරුම් ගල් ද රාශියකි. විවිධ කැටයම් හා මෝස්තර ද කීපයකි.

වරිච්චි බිත්ති සාධක ද කාලරත්න වර්ණ වළං වර්ග ද කුරුටු ලකුණු සහිත වළං වර්ග ද අනේකවිධ ය. මීට අමතරව සුසාන අවශේෂ ද මානව ජනාවාස තොරතුරු ද අද වන විට මාගම පැරණි නගරය ආශ්‍රිතව සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී ඇත. මේ තොරතුරු අනුව පැහැදිලි වන්නේ අකුරුගොඩ ප්‍රදේශයේ මූල ඓතිහාසික ජනාවාසයක් හෙවත් ක්‍රි.පූ. 03 වැනි සියවස වන විට රුහුණේ ශිෂ්ටසම්පන්න සමාජයක් තිබූ බවයි..


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා