»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2013 අප්‍රේල්  28 දින
* 2013 අප්‍රේල්  21 දින
* 2013 අප්‍රේල්  14 දින
* 2013 අප්‍රේල්  07දින
* 2013 මාර්. 31දින
* 2013 මාර්. 24 දින
* 2013 මාර්. 17 දින
* 2013 මාර්. 10 දින
* 2013 මාර්. 03 දින
* 2013 පෙබ. 24 දින
* 2013 පෙබ. 17 දින
* 2013 පෙබ. 10 දින
* 2013 පෙබ. 03 දින
* 2013 ජන. 27 දින
* 2013 ජන. 20 දින
* 2013 ජන. 13 දින
* 2013 ජන. 06 දින
 
 
   
ගල් කටුවෙන් මල්
 

ගල් කටුවෙන් මල්

 

අඳුරු බබා වැසි වැටිලා ගඟ උතුරා ගලන්නෙපා
පඳුරු ලලා වල් පැළවී යන එන මං වැහෙන්නෙපා
කිඳුරු ලියන් අත වැනුවත් හිමි දෑසට පෙනෙන්නෙපා
සොඳුරු සුරම් සඳ එළියේ කුමුදක සිත වෙළෙන්නෙපා

අව්වේ ගිනි රැස් මා ලෙන් මා හිමි හිස දැවුණාදෝ
ගව් ගාණක් පයින් ඇවිත් හති කැක්කුම් වැටුණාදෝ
ගල් කොටනා ඇඟිලිවලට මිටි පාරක් වැදුණාදෝ
සිල්ලර බඩු අරන් එන්න රුපියල් සත මදිවීදෝ

කිරට අඬන චන් දෝ ම බිළිඳිගෙ මුව ඉකිබිඳේය
දුරට ඇහෙන ඇගෙ හැඬුමින් කිරි නැති තැන පුඩුරිදේය
කැඳ උගුරක් පොවන තුරා මිත්තණියන්ටත් වදේය
අම්බිලියා පෙන්නුවා ම සෝඩි ටිකිරි හිත හැදේය

ගල් කටුවෙන් මිරිස් ගලේ මල් කෙටුවත් සුවාමිනේ
ගල් හිත්වල අපේ දුකට මල් නො පිපෙයි සුවාමිනේ
දෝසි පුහුල් නොගෙනාවත් තරහක් නෑ සුවාමිනේ
මං හැදුවා ලුණු මිරිසක් රොටී කන්න! සුවාමිනේ

ජේ. ජේ. වික්‍රමසේන කවියාගේ සවැනි පද්‍යාවලිය පළකරන්නට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අනුග්‍රහය ලැබී ඇත්තේ මෙහි අන්තර්ගත අර්ථ සම්පන්න භාවයත් රසාත්මක ලීලාවත් කරණකොටය, ගොඩගේ පොතක් වන මෙහි පෙරදවන ලියා ඇත්තේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ විද්වතා ය.

”ධනයෙන් – බලයෙන් හෝ නිලයෙන් වේවා ඉහළට ගිය බොහෝ දෙනාට සිදුවූයේ තමාට තමා අහිමිවීමයි. ජේ.ජේ. අයත් වන්නේ ඒ ගොඩට නොව තමාට “තමා” අහිමි කොට නොගත් අතළොස්සටයි. තමා කොතැන කවර වෙසකින් සිටියත් තමාට තමා අහිමි කොට නොගන්නා මිනිසා ජීවිතය වින්දනය කරයි” ... කවියාගේ ආත්ම සංයුත්ත කාව්‍යාකෘතියේ ආලෝකය මෙම කාව්‍යාවලියෙන් නොමඳව දිස්වන බැව් මහැදුරුවරයා සඳහන් කරයි.

”විරිත කෙරෙහි වැඩිතර බැඳීමක් ඇත්තකු වුවද ඔහු විරිත් ගැති හුදු ගතානුගතික කවියෙක් නොවෙයි. ඔහුගේ විරිත හා සංයෝග වනුයේ ඔහුට ද හිමි භාෂාස්වරයයි. එය ජනකවියේ උත්තීන් හා ප්‍රකාශන ලීලාවන් කෙරෙන් අනුප්‍රාණය ලබන්නේ යැයි නන්දන වීරසිංහ මේ කවිපොතේ පසු වදනින් අදහස් දක්වයි.

ගල් කටුවෙන් මල් උක්ත කවිය දරිද්‍රතාව පතුලක යම්තම් හැසී ගැවසී දිවි ගැට ගසා ගත්ත ද දයාර්ද්‍ර භාවය - සෙනහස අතරින් ගලායන නැවුම් පුසුඹක් සූචනය කරන්නේ අප ද ප්‍රේමය වෙත බඳවාලමිනි. යසෝදරා වත වැනි ජන සුව ඇන් දූ කවි සිහිපත් කරන ආවේශයක් එහි ගැබ්වෙයි. භාවිත ගුණය මතු කැරෙන පදවැලින් අඹු සැමි බැඳුම් හි සුවතාව දනවයි, සියුම් උත්ප්‍රාසයක් යටි පෙළින් විශද වන්නේ නිතැතිනි.

කෙටි හා දිගු වදන් ඇමිණුනු රසකවි මාලාවක් ඇතුළත් මේ කවි කියැවූයේ අප සිත් බැඳුණු ළෙන්ගතුකමිනි. හිතේෂිවන්ත භාවය චාටුවෙන් මුක්ත ආදරය, ප්‍රේමය ජීවිතයට අත්‍යවශ්‍ය කදිම ඔසුවක් බැව් සිහිකරන අප කවියා ජුනෙයිදීන් යාළුවේ නමින් පබැඳි කවිය යුග අවශ්‍යතාවක් වියත් කරන පරිදි දැඩිව අප හද පරිකල්පනයට යොමු කළ බැව් කියනු වටී.

ජුනෙයිදීන්, මා ඔබ මුණ ගැසුණු දිනේ
දැනෙයි ඔබ පිදූ සුනිමල සොයුරු ගුණේ
ගෙනෙයි සියුම් මිහිරක් පෑ හදෙහි සෙනේ
ඔබෙයි මගෙයි හද බිම්ර නැත අඳුරු වුණේ

ඔබ සිටියාට අඩ හඳ සහ තුරුව ළඟ
මා සිටියාට පන්සල් ගල මතට නැඟ
ඔබ මුස්ලිමකු මා කළු සිංහලයකු වග
කියමින් කුළල් කාගෙන නොහැළුණෙමු මග

සමුගත් පසුව අප එක පන්තියේ සිට
පාලාවියේ ලුණු අළඹෙන් එහා රට
කලපුව අයින දිග කල්පිටි දිහා වට
යනකොට කිම ද ඔබ මුණනො ගැසුණේ මට

භාෂීකත්වය, වාර්ගිකත්වය, ජාතිකත්වය, ආගමික භාවය... මිනිස් සමාජයක ජන සංස්කෘතියක සංහිඳියාවට සහජීවනයට මිස විලෝපනයට, සූරා කෑමට, පාගා හප කර ලීමට නොහෙන මුදු දයාබර්ත සුසුම් සමුගත් බැව් කවියා අපට යළිදු සිහිපත් කරනුයේ කරුණාවෙනි.

රත්මල් යායේ වසන්ත සිහිනය නම් කවිපෙළ චමත්කාරයේ විස්මය සුවදායක භාව මංජරියක් බවට පත් කරන්නකි. අප්‍රාණික අජීවි වස්තුවක ජීවය පණනල ගැහෙන සජීවි භාවයකට පත්කළ අපූරුව ඉන් දිස්වෙන්නේ රසික හද ඔද ගන්වමිනි.

කලා ඔය නිම්නයේ පෑල දිග මායිමේ
මොණර නිම්නයේ කුඹුක් වැටියක් මැදින්
කළු පොළොව රළු නැතැයි නිහඬව ම පවසමින්
රුවැත්තිය යයි ගලා සිලි ල සිහිලස දෙමින්

තිඹිරි බක් මී දිවුල් පලු වීර බාලොලී
කරඹ එරමිණි පතොක් කටු අතර වෙළි වෙළී
මල් තෙකල පීදිලා පුසුඹ මුවරද හැළී
ඇයට නැත තනිකමක් සිටින තුරු රතුපුලී

හම්බු පන් මල් කරල් තෙමන්නට පැනිත්තෙන්
උඩ පනින තිත්තයෙන් නෙළුඹු දැලි යට ඉඳන්
මං කඩේ සිල් රකින කො කුන්ගෙන් බේරිලා
මී ඔයේ මිරිදියේ ජලජ රේඛා මවයි

මූකලානෙන් ඇවිත් යුවතිපතියන් ලෙසින්
තිත් මුවන් මුවඟනුන් මවද්දී රති දසුන්
කුඹුක්පත් විළි වැදී රතු ම රතු වී ගියත්
පැන් පවස් පෙම් පවස් සැනහි සැනහී නිවෙයි

නිරිත දිග මෝසමේ මොර බිඳින වැසි දියෙන්
ළවැල්ලෙහි පහුරු සෙබඩියන් තෙමෙද්දී
මේ කුළට පෙම් බඳින මොණර පිල් දිග හැරෙයි
”හෝ ළඳුන්” හද තුටින හො හෝ ගාමින් ගලයි

ඈ ගෙනෙන දියවරින් සංසිඳී හද ගිමන්
ජීවිතේ මල් රොනට පියාඹා එයි බිඟුන්
ඔය දෑල විසිතුරු ය සුපුෂ්පිත රත් මලින්
මම මෙතන නැවතිලා එය දනිමි සිහිනැසින්

කවියක ඉස්මතු වන අව්‍යාජභාවය නොකිළිටි ගතිය, මානව හිතවාදී සහ කම්පනීය ගුණ සමුදාය පළට කරන කවි 43 කින් සමුපේත අප කවියා ගේ කාව්‍ය සමුච්චය කියවා බැලිය යුතු වටින නිර්මාණාවලියක් බැව් පවසනුයේ ගුණ මසුරු නො වෙමිනි.

අපි බොහෝ දෙනට ගොදුරුබිම් වෙමු. අනුන් කැපූ බොරු වළේ වැටෙන අපි ගොඩවන මං නැතිව හසරක් නොදැන වල්මත් වෙමින් සිටිමු. පොදු ජන ජීවන හුස්ම වැටෙන සේයාව හඳුනන කවියකු වූ වික්‍රමසේන ගේ කවිත්වය ඉඩෝරයට වැටෙන පොද වැස්සකින් මතු වන ළා කොළ පැහැති නිල්ලක් ඇස නිවන ගුණයක් හිත සනහන රුවත් දනවන්නකි. නව රිකිලි පොහොනා කිරි දිය උල්පත් මවන්නකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා