»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2012  ජූලි  22 දින
* 2012 ජූලි 15 දින
* 2012 ජූලි 08 දින
* 2012 ජූලි 01 දින
* 2012 ජුනි 24 දින
* 2012 ජුනි 17 දින
* 2012 ජුනි 10 දින
* 2012 ජුනි 03 දින
* 2012 මැයි 27 දින
* 2012 මැයි 20 දින
* 2012 මැයි 13 දින
* 2012 මැයි 06 දින
* 2012 අප්‍රේල් 29 දින
* 2012 අප්‍රේල් 22 දින
* 2012 අප්‍රේල් 15 දින
* 2012 අප්‍රේල් 08 දින
* 2012 අප්‍රේල් 01 දින
 
 
   
දුම් පානය
 

දුම් පානය

 

ප්‍රතිපත්තියක් වශයෙන් අපි තීරණය කරල තියෙනවා කිසිම දුම්වැටි වර්ගයක් ගැන අපේ පත්තරේ වෙළඳ දැන්වීම් පළ කරන්නේ නෑ කියල.”

එසේ කීවේ ඒ ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ය. එය අසා සිටියේ දැවැන්ත දුම්වැටි සමාගමක අයිතිකරුවෙකි.

”මොන හේතුවක් නිසාද ඔබ ඒ වාගේ තීරණයක් අරන් තියෙන්නේ?” සමාගම්කරුවා ඇසී ය.

”අපේ පුවත්පත කියවන පිරිසට අයහපත් වන කිසි දෙයක් වෙළඳ දැන්වීමක් වුණත් පළ නොකරන්නයි අපි තීරණය කළේ. කොයිතරම් අපට මුදල් වශයෙන් පාඩු වුණත් අපි ඒ පාඩුව දරා ගෙන ඉන්නවා.”

”හොඳයි අපි අපේ ගාස්තුව වැඩි කෙරුවොත් කැමති වෙනවාද?”

”නැහැ මොනතරම් මුදල් සංඛ්‍යාවක් දුන්නත් අපි අපේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නෑ.” සමාගම් අයිතිකරුවාගේ හා පුවත්පත් කතුවරයාගේ කතාව එතැනින් අහවර නොවී ය.

”අපි අපේ පුවත්පත් මඟින් දුම් නොබොන්නන්ගේ සමාගමක් පටන් ගන්නයි කල්පනා කරල තියෙන්නේ.” කතුවරයා හුස්මක් ගෙන කීය.

”ඒ කොයි විදිහටද?”

”අපි අපේ සාමාජිකත්වය හුඟාක් විවෘත කරනවා. පළමු වර්ගය තමයි ජීවිතයේ කවදාවත් දුම්පානය නොකළ පිරිස. දෙවැනි පිරිස තමයි දුම් පානය කරමින් ඉඳල වැටහීමකින් යුතුව ඒක නතර කරපු උදවිය. තුන්වෙනි වර්ගය තමයි වෛද්‍ය උපදෙස් මත මෙන්ම පොත පත කියවා ලබා ගත් විද්‍යා ඥානයෙන් දුම්පානය නතර කළ උදවිය.”

”ඉතින් එහෙම සාමාජිකත්වය ලබා දීල ඊළඟට මොකද කරන්නේ?” සමාගම්කරුවා ඇසී ය.

”අපි මේ හැම කෙනකුගේ ම මත අප පුවත්පතේ දිගින් දිගට ම පළ කරනවා.”

”ඇයි එහෙම කරන්නේ?”

”වඩාත් යහපත් දුම් නොබොන්නන්ගේ සංගමයක් අපේක්ෂාවෙන්.”

දුම්වැටි සමාගම් හිමියාගේ මුහුණ කෙමෙන් වෙනස් විය.

”තව ටිකක් පැහැදිලි කරන්න.” ඔහු ඉල්ලා සිටියේ ය.

”අපි මුලින් ම දැනට පවතින වෛද්‍යවිද්‍යා මත අපේ පුවත්පතේ පළ කරනවා.”

”මම කැමතියි ඒවායෙන් ටිකක් දැන ගන්න.”

පුවත්පත් කතුවරයා ලිපි ගොනුවක් දිගු කළේ ය.

වෛද්‍යවරුන් විසින් ඉතා කෙටියෙන් ලියන ලද සටහන් සමුදායක් එහි දැක ගැනීමට හැකි විය.

”දුම් බීම ආස්වාදජනක විය හැකි ය. එහෙත් කෙමෙන් එයින් සිදු වන අනර්ථය ඔබ වටහා ගත යුතු ය.”

”දුම්බීම සිදු වන විට අහල පහල සිටින්නන්ට එය හිරිහැරයක් පමණක් නොව, ඔවුන්ගේ ආබාධ වලට මුල විය හැකි ය.”

”දුම්බීම හේතුකොටගෙන පිළිකා රෝගය ඇති වන බව සහතික ය. එබැවින් ඔබ දුම් බොන්නකු නම් වහා ඉන් මිදීමට පියවර ගන්න.”

කතුවරයා හා සමාගම් හිමියා අතර ගෙවී ගියේ දැඩි නිශ්ශබ්දතාවකි. ඊළඟට කතා කළේ සමාගම් හිමියා ය.

”මේ තොරතුරු කියවන කොට මගේ ඇඟත් හිරිවැටෙනවා.” ඔහු කී ය.

”ඔබ දුම් නොබොන කෙනෙක්ද?” ඇසුවේ පුවත්පත් කතුවරයා ය. මුවඟට හිනාවක් නඟා ගත් සමාගම් හිමියා කීවේ කුමක් ද?

”මම ජීවිතේට දුම්වැටියක් බීල නෑ.”

”එහෙම නම් ඔබට අපේ දුම් නොබොන්නන්ගේ සංගමේ සාමාජිකත්වය ලබා ගන්න පුළුවන්.”

සමාගම් හිමියා කල්පනාවට වැටිණ. මෙහි කිසියම් සත්‍යයක් ඇත. ඒත් මට මගේ නිෂ්පාදනය වන දුම්වැටි කොහොම හරි කරල අලෙවි කරගන්න වෙනවා. ඉතින් කොහොමද මම දුම් නොබොන්නන්ගේ සංගමේක සාමාජිකත්වය ලබා ගන්නේ. ඇයි බැරි? මම දුම් බොන්නේ නැති කෙනෙක්. ඒත් මගේ ජීවිකාව රැකෙන්නේ වෙනත් උදවිය මගේ දුම්වැටි පාවිච්චි කරන නිසා.

”මොනවද ඔබ කල්පනා කරන්නේ?” ඇසුවේ පුවත්පත් කතුවරයා ය.

”මම ඉන්නේ දෙගිඩියාවකින්.” ඔහු කී ය.

”මොකක්ද දෙගිඩියාව.”

”ඔබේ පුවත්පතේ මේ අලුත් ව්‍යාපාරය නිසා මට පාඩු විඳින්නට සිදු වේවි. ඒත් අනිත් අතට සමාජයට යහපතක් වේවි.”

”ඔබ ඉහළ පෙළේ නුවණක්කාර ව්‍යාපාරිකයකු බවයි මට පේන්නේ.”

”ඒක වෙන්න පුළුවන්. මේ සමාගම පටන් ගත්තේ මම නෙවි. මගේ තාත්තා. මට මතකයි මේක ගොඩනඟන්න අපේ තාත්තා විඳපු දුක් කන්දරාව.”

”මොන විදිහේ දුක් කන්දරාවක්ද?”

”උදේ ඉඳල රෑ වෙනතුරු තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් හැම මාර්ගයක් ම හෙව්වා.”

”අන්තිමේ හොයා ගත්තා?”

”නෑ තාත්තා නතර කරපු තැන ඉඳලයි මම පටන් ගත්තේ?”

”ඔබේ පියා දුම් බොන්නෙක්ද?”

”ඔව් අපේ පියා දවසකට දුම්වැටි දහයක් විතර මුලදි මුලදි බිව්වා.”

”ඒක ටික ටික වැඩි වුණා.”

”ඔව් දුම්වැටියක් කටේ තියාගෙන තමයි කල්පනා කරන්නේ. දුම්වැටියක් දල්වාගෙන තමයි වැසිකිලි යන්නේ. කෑමෙන් පස්සෙත් දුම්වැටියක් දල්වාගන්නවා.”

”ඔබට ඒ ඇබ්බැහිය ගිය නැති එක පුදුමෙනුත් පුදුමයි.”

”ඒක ඇත්ත. කවුරුත් ඒ කතාව මට කියනවා.”

”ඔබේ පියා අසනීප වුණා ද?”

”ඔව් හෘදයාබාධයකින් නැති වුණේ.”

”දුම්බිම හේතුවක් වෙන්න ඇති?”

”වෙන්න පුළුවන් කියල තමයි වෛද්‍යවරු කියන්නේ.”

දෙදෙනා අතර නැවතත් ගෙවී ගියේ මඳ නිහඬතාවකි. ඊළඟට කතා කළේ පුවත්පත් කතුවරයාය.

”අපි කැමතියි ඔබතුමා සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡාවක් අපේ පුවත්පතේ පළ කරන්න.”

”මොකක්ද ඉන් බලාපොරොත්තු වන්නේ”

”දුම්පානය නොකරන දුම්වැටි සමාගම් හිමියකුගේ කතාව කාටත් දැන ගැනීමට සැලැස්වීම.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා