අද පුවත්පත්, ලේඛකයන් හදන්නේ නැහැ

 

 

ජයකොඩි සෙනෙවිරත්න

“ආදර ගඟ ගලන දෑස” නවකතාව ලිවීමෙන් නවකතාකරණයට පිවිසි ඔහු එතැන් පටන් විවිධ මාතෘකා තේමාවන් ඔස්සේ නවකතා රැසක් පාඨකයන් අතට පත් කළේ ය. ජනපි‍්‍රයත්වය හෝ විචාරය පසුපස හඹා නොයන ඔහු තමන්ගේ ගමන හුදෙකලාව යන්නේ ය.

විස්තර »

ඉතිං කොහොමද එගොඩ වෙන්නෙ

 

කවුද යකෝ මේ අවලමා ඔරුවෙ කොල්ලෑව කපල තියෙන්නෙ? ඌට හෙණ හත ගහන්න ඕනෑ. ඉතින් අද මිනිස්සු කොහෙවත් ගිහින් ඉවරනෙ.’ බේගමුව තොටුපළේ සිට තෙබුවන තොටුපළට ගමේ මිනිසුන් එතෙර කරන තේගිරිස් අයියා කෑ ගැසී ය. හොරණ ඉස්කෝලෙට යන තරුෂ, හොරණ පොළේ කෙසෙල් විකුණන අංගො නැන්දා, ක්ලිනික් එකට යන ගබෝ ආච්චි යන සියලු දෙනා ම අනාථ වී සිටිති.

විස්තර »

පුන්කලස සරසන ඉතිරි සංවාද  
»
»
»
»
»
»
»
»

ජපන් ප්‍රස්තාව පිරුළු නැවත කියවමු

 

හමුවීම යනු වෙන්වීමේ ආරම්භයයි

ඈත අවධිවල විසූ ජපන් ජාතිකයන් බොහෝ දුරට අර පරෙස්සම පුරුදු පුහුණු කළ බවට ජපන් සංස්කෘතික ඉතිහාසය ද දෙස් දෙයි. ඒ සමඟ ම ඔවුන් අදහන සෙන් (Zen) බුදු දහම මඟින් කියවෙන දාර්ශනික අදහස් ද ඔවුන්ගේ ජීවන රටාව තුළට වැද්දගෙන ඇත. එවන් අදහසක් පළ කරන ප්‍රස්තාව පිරුළක් මා ශ්‍රවණය කළේ ජපන් ජාතික මහාචාර්යවරුන් කිහිප දෙනකු සමඟ සහභාගි වූ දිවා භෝජන සංග්‍රහයකදීය.

විස්තර »

ජාතක පොතෙන් උපන් ප්‍රස්තාව පිරුළු

 

ජාතක පොතේ 59 වැන්න ලෙස භේරිවාද ජාතකය සඳහන් වී ඇති අතර එය වැඩි පද ගහන්නේ විනාසෙට ලු යන පිරුළට මුල් වී තිබේ. බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාව සිදුකොට වදාළේ ජේතවනාරාම වාසී ව හුන් එක්තරා අකීකරු භික්ෂු නමක අරබයා ය. එවක බෝසතාණන් වහන්සේ භේරිවාදක කුලයක ඉපිද භේරිවාදන ශිල්පයෙහි නිපුණ ව එහි නියුතු ව සිටියහ. එවක එක් නැකත් කෙළි කාලයක ඒ වග දැනුම් දෙමින් රට පුරා අණ බෙර ගසද්දී ගම්වැසි මේ භේරිවාදකයාට ද ඒ පුවත දැනගන්නට ලැබිණි.

විස්තර »

පත්තර ලෝකයේ දැවැන්තයා ඩී. බී. ධනපාල

 

තමුසෙ දැන් කාර්යාලයට ගිහින් මොනවද ලියන්න හිතාගෙන ඉන්නෙ?” රත්මලාන ගුවන් තොටුපළේ සිට පත්තර කන්තෝරුව බලා ආපසු එමින් සිටි ඒ ප්‍රවීණ පුවත්පත් කතුවරයා තම මාධ්‍ය සගයාගෙන් විමසුවේ ය. ඒ විමසුමට හේතුව වූයේ නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ප්‍රථම අධ්‍යක්ෂ ධුරය සඳහා ඉන්දියාවේ සිට පැමිණීමට නියමිතව සිටි ආර්.ආර්. පාඨක් මහතා එදින ගුවන් තොටුපළට නොපැමිණීම ය.

“මං ලියනව සර්, ‘පාඨක් මහත්මයා ආවේ නැහැ. හෙට එනවා කියලා’ මාධ්‍ය සගයා ගත් කටට ම කීයේ ය.

විස්තර »

නවකතාවෙන් ජීවිත දර්ශනය මැවූ
සමර්සෙට් මෝම්

 

සමර්සෙට් මෝම් බ්‍රිතාන්‍යයෙන් බිහිවූ මාහැඟි නවකතාකරුවෙකි. ඔහු තුළ තුබූ දුරදක්නා නුවණත් ස්වකීය ජීවිත දර්ශනය එක් මාහැඟි වාක්‍යයකින් පිඬුකොට දැක්වීමේ හැකියාවක් අතිශය විස්මය ජනකය. 1874 ජනවාරි මස 25 දා උපන් මෝම්ට වයස අවුරුදු 08 පිරෙන විට මව මියගිය අතර ඔහුගේ පියා මිය ගියේ ඉන් වසර 02 කට පසුවය. මෝම් පවුල ජීවත්වූයේ පැරීසියේය. සමර්සෙට් මෝම් ගේ මවත් පියාත් මිය යාමෙන් පසු තම මාමාගේ සෙවණ යට ඇති දැඩි වූ ඔහු යෞවන වියේදීම අධ්‍යාපන කටයුතුවලට දක්‍ෂයකු බව ප්‍රකට කළේය. ගත්කරුවකු වීමට පෙරුම් පිරූ මෝම් රටරටවල සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දැක්වීය. පසුව ඔහු තම මාමාගේ ඉල්ලීම පරිදි වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තීරණය කළේය. මෝම් වයස අවුරුදු 18 දී ශාන්ත තෝමස් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු විය.

 විස්තර »