|

දේශයේ ශාස්ත්‍රීය උන්නතියට ම ඇප කැප වූ,
ශාස්ත්‍රීය දැනුම් දහරාවකින් පූර්ණ වූ,
ශාස්ත්‍රීය මහා මෙහෙවරයන් ගෙන් ම පැසුණු
පාඩිත්‍ය රත්නයන් පිළිබඳ පුන්කලසේ ප්‍රධාන
සංස්කාරිකාවට මෙන් ම එහි කාර්ය මණ්ඩලයට ද
ඇත්තේ පුදුමාකාර “ඉවකි.” ඒ ‘ඉව‘ කෙතරම්
ගාම්භීර දැයි පුන්කලසේ මුවදොර වදනට වැඩම කරවන
බුද්ධියේ කෙළ පැමිණ සිටින දැවන්තයන්ගෙන් ම
මනාව ප්‍රත්‍යක්ෂ වනු ඇති.
වසර 1930. මාසය මාර්තු. දිනය 30 දා. දවස
ඉරිදා. මෙදින පත්තර මහගෙදර තිඹිරි ගෙයක්ම වී.
සුවිශේෂ උපතකි. වළල්ලාවිට කෝරළයේ සංඝ පීතෘවර
සංඝරක්ඛිත හිමිපාණෝ උපන් නැකැත් බැලූහ. හිරු
සඳු ඇතිතාක් කල් ජනරංජන වන සුබ මූර්ථයක්
සැදිණ.
විස්තර » |