අතීත නිර්මාණාස්වාදය මගේ වර්තමානයයි  

 

පණ්ඩිත් අමරදේව

සංගීතයෙහි ශ්‍රී ලාංකිකත්වය පසිඳමින් තීර්ථ යාත්‍රා කළ, පණ්ඩිත් අමරදේව ‘හෙළයේ මහා ගාන්ධර්වයාණන්’ නම් වූ අර්ථ බන්දුත්වයට ද ගුණෝපේත වන්නේ ය. ස්වකීය සංගීත සම්ප්‍රදායෙහි චමත්කාරය විත ඥානයෙන් විමසමින්, සු අසූ වස් සම්පන්න ව මෙකල්හි චිර ජීවන සම්පත්තිය ලබමින් සිටින එතුමාණෝ පසුගිය දිනයක අප හා වාග් සාදයකට එළඹුණ හ.

විස්තර »

ආත්මාර්ථකාමි යෝධයා

 

ඔස්කාර් වයිල්ඩ්

හැමදාම හවසට පාසල් ඇරී ගෙදර ඇවිත් ඔවුහු සෙල්ලම් කරන්නට යෝධයාගේ ගෙවත්තට යන්නට පුරුදුව සිටියහ. එය ලස්සන විශාල වත්තක්. එහි මෘදු කොළ තණ වැවී තිබිණි. එහේ මෙහේ හැම තැන ම තණපත් අතරින් තරුකැට වගේ ලස්සන මල් හිනැහිණි. වත්තේ තැනින් තැන පීච් ගස් දොළහක් වවා තිබිණි. වසන්ත කාලයට එහි ශ්වේත රක්ත සහ මුතු කැට වර්ණයෙන් යුත් මල් පිපේ. සරත් ඍතුවේ දී පල දරයි. ගස් උඩ ලැගුම් ගෙන මිහිරි, සුමිහිරි ගීත ගායනා කරති. ළමයි ඔවුන්ගේ සෙල්ලම් නතර කොට ඒ ගීවලට සවන් දෙති.

විස්තර »

පුන්කලස සරසන ඉතිරි සංවාද  
»
»
»
»
»
»
»
»

ජපන් ප්‍රස්තාව පිරුළු නැවත කියවමු

 

හිත ඇත්නම් පත කුඩාද

බතට මාළුව බඩගින්නයි” පසුගිය දිනක මා ශ්‍රවණය කළ මේ කියමන අපට විටින් විට අසන්නට ලැබෙන්නකි. දුප්පත්කම ගැන කියන විටකදී, “හිඟන්නන්ට කොයින්ද උණු බත්” යන යෙදුම ද හුරුපුරුදු පිරුළකි. එදා වේල සොයාගත නොහැකි ව සිටින අසරණයකුට උණුවෙන් බත් වේලක් තබා නිවුණු බත් පතක් හෝ ලබා ගැනීම අසීරු වන අවස්ථා එමට ය. දරුවන් පෝෂණය කිරීම ඉතා අසීරුවෙන් කරන මවක් යන්තම් හාල් මිටක් සොයා බතක් උයා ඔවුන්ට කෑමට දුන්නත් ඊට අවශ්‍ය මාළුවක් සාදා ගැනීමට තරම් හැකියාවක් නොමැති විට “බතට මාළුව බඩගින්නයි” යනුවෙන් තමන්ටම කියා ගනිමින් දරුවන්ට බත් පත බෙදා දෙනු ඇත.

විස්තර »

 රේඛාව තැනූ හැටි

 

ලාංකේය සිනමාවේ කලාත්මක ධාරාවේ ප්‍රථම චිත්‍රපටය වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව‘ තිරගත වී පසුගිය දෙසැම්බර් 28 වැනිදාට 55 වසරක් සපිරේ. ආසියාවේ වයෝවෘද්ධතම සිනමාකරුවා වූ 92 හැවිරිදි ලෙස්ටර් සමඟම මේ සුවිශේෂ අවස්ථාව සැමරීමට ලැබීම ලාංකික අපගේ භාග්‍යයකි. කුමාර කොතලාවල මහතා (ටොරානා වීඩියෝ මූවීස්) ‘රේඛාව’ “D.V.D මාධ්‍යයෙන් එළිදක්වා සංරක්ෂණය කොට තිබෙන අතර දැන් එමඟින් ලෙස්ටර්ගේ “ගිරය” ටෙලි නළුව ද ජනගත කොට ඇත. “The Making of Rekava” යන හිසින් 1957 දී ලෙස්ටර් “Sight and Sound” නම් වූ කීර්තිමත් බටහිර සිනමා සඟරාවට ලිපියක් ලීවේය.

විස්තර »

සේකර ඇසුරෙන් බිඳක්

 

මහගමසේකර (1929 – 1976) අප හිතවතාණන් ආපසු සොයා යාමේ ගමන අපි එළඹෙන 2012 ජනවාරි 14 වැනිදා තුංමංහංදියෙන් පටන් ගනිමු. ඒ පිළිබඳ කතාබහ කැරෙන අතරවාරයේදී මගේ සිත පිවිසි මතක සටහන් සමුදායෙන් බිඳක් ඔබ හමුවේ තැබීමට මම වෑයම් කරමි. එක්දහස් නවසිය පනස් නවය හෝ හැට පමණ කාලයේදී මම කොළඹ ආනන්ද මහා විද්‍යාලය පැත්තේ සිට පුංචි බොරැල්ල පැත්තට පයින් ඇවිදගෙන යමි. පුංචි බොරැල්ල හන්දියේ වම් පැත්තේ තිබූ මහා පරණ ගොඩනැඟිල්ල හඳුන්වන ලද්දේ නොරිස් හෝටලය යනුවෙනි. මෙහි පසුපස එක් කාමරයක උත්තුංග දේහධාරී ගුරුතුමෙක් නේවාසිකව සිටියේය.

විස්තර »

 ප්‍රංශ මාතාවගේ නොමළ හදවත වික්ටර් හියුගෝ

 

දේශයේ ශාස්ත්‍රීය උන්නතියට ම ඇප කැප වූ, ශාස්ත්‍රීය දැනුම් දහරාවකින් පූර්ණ වූ, ශාස්ත්‍රීය මහා මෙහෙවරයන් ගෙන් ම පැසුණු පාඩිත්‍ය රත්නයන් පිළිබඳ පුන්කලසේ ප්‍රධාන සංස්කාරිකාවට මෙන් ම එහි කාර්ය මණ්ඩලයට ද ඇත්තේ පුදුමාකාර “ඉවකි.” ඒ ‘ඉව‘ කෙතරම් ගාම්භීර දැයි පුන්කලසේ මුවදොර වදනට වැඩම කරවන බුද්ධියේ කෙළ පැමිණ සිටින දැවන්තයන්ගෙන් ම මනාව ප්‍රත්‍යක්ෂ වනු ඇති. වසර 1930. මාසය මාර්තු. දිනය 30 දා. දවස ඉරිදා. මෙදින පත්තර මහගෙදර තිඹිරි ගෙයක්ම වී. සුවිශේෂ උපතකි. වළල්ලාවිට කෝරළයේ සංඝ පීතෘවර සංඝරක්ඛිත හිමිපාණෝ උපන් නැකැත් බැලූහ. හිරු සඳු ඇතිතාක් කල් ජනරංජන වන සුබ මූර්ථයක් සැදිණ.

 විස්තර »