»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 දෙසැ. 04 දින
* 2011 නොවැ. 27 දින
* 2011 නොවැ. 20 දින
* 2011 නොවැ. 13 දින
* 2011 නොවැ. 06 දින
* 2011 ඔක්. 30 දින
* 2011 ඔක්. 23 දින
* 2011 ඔක්. 16 දින
* 2011 ඔක්. 09 දින
* 2011 ඔක්. 02 දින
* 2011 සැප්. 25 දින
* 2011 සැප්. 18 දින
* 2011 සැප්. 11 දින
* 2011 සැප්. 04 දින
* 2011 අගෝස්තු 28 දින
* 2011 අගෝස්තු 21 දින
* 2011 අගෝස්තු 14 දින
* 2011 අගෝස්තු 07 දින
* 2011 ජුලි 31 දින
* 2011 ජුලි 24 දින
* 2011 ජුලි 17 දින
* 2011 ජුලි 10 දින
* 2011 ජුලි 03 දින
 
 
   
අද විචාර අවිචාරවත්
 

අද විචාර අවිචාරවත්

 

මහාචාර්ය දිලිප් චන්ද්‍රලාල්

මහාචාර්ය දිලිප් චන්ද්‍රලාල්, වසර 28 කට අධික කාලයක සිට ජපානයේ ඔකිනාවා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටී. ජන සන්නිවේදනය සහ වාග් විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික උගතකු වන හෙතෙම ගත් කතුවරයකු ද වෙයි. සිංහල ජනකථා කිහිපයක් ඇසුරෙන් ඔහු කළ නිර්මාණ කිහිපයක් මෑතදී ජපන් බසටද පෙරළිණි. වාග් විද්‍යාව, ජනසන්නිවේදනය හා සාහිත්‍ය පිළිබඳ ව පෙරළිකාර මත පළ කරන මහාචාර්ය දිලිප් චන්ද්‍රලාල් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක කළ සංලාපයකි මේ. මෙහිදී ඔහු අවධාරණය කෙළේ සාහිත්‍ය වර්ග කළ නොහැකි බවත් ගීත සාහිත්‍යය යනුවෙන් දෙයක් ලෝකයේ කොතැනකවත් දක්නට නැති බවත් ය.

ඔබේ දැක්ම අනුව සාහිත්‍ය කියන්නේ කුමක්ද?

ජන ජීවිතයේ ලබන අත්දැකීම් නිර්මාණාත්මකව, රසාත්මකව සහ අලංකාරවත්ව ඉදිරිපත් කිරීම මඟින් මිනිසාට ආශ්වාදයක් ලබාදීම තමා මා සාහිත්‍ය හැටියට දකින්නේ.

ඔය කියන ආකාරයේ සාහිත්‍යයට අනන්‍යතාවක් තියෙනවද?

ජන ජීවිතයේ අත්දැකීම් භූගෝලීය, සංස්කෘතික සහ පාරිසරික වශයෙන් පෙරී එනවා. එහෙම ගත්තම සාහිත්‍යයට අනන්‍යතාවක් හිමියි. නමුත් විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ සහ භාවාත්මක හැඟීම් කවර සමාජයකට වුවත් රස විඳින්න පුළුවන්. ඒ නිසා සාහිත්‍ය සතුව තිබෙන්නේ විශ්වීය ස්වභාවයක්.

සාහිත්‍යයේ අනන්‍යතාව සහ විශ්වීය ස්වභාවය, එක විට ගමන් කිරීම අනිවාර්ය කොන්දේසියක්ද?

ඒ දෙක අතර සමතුලනය රැක ගැනීම විශිෂ්ට සාහිත්‍යකරුවකු සතු හැකියාවයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ නාට්‍ය නිර්මාණ ඒ සඳහා එක් නිදසුනක්. මනමේ නාට්‍යය ගැන හිතන්න. එය පෙරදිග අත්දැකීමක්. අනෙක් නාට්‍ය ගත්තොත් ජාතක කථා, පුරාවෘත්ත, ජන කථා, ගම්බද අත්දැකීම් යනාදිය වස්තු බීජ කරගත් ඒ නාට්‍ය ඕනෑම සමාජයකට රස විඳින්න පුළුවන්. ඒවා හදවතට කා වදිනවා. අත්දැකීම් අමුවට ඉදිරිපත් කිරීම වෙනුවට ඒවා නිර්මාණ බවට පත් වුණේ විශ්වීය ගතියක් පෙන්නුම් කරමින්.

සාහිත්‍ය වර්ගීකරණය කෙරෙනවා. ඔබ එයට එකඟද?

සාහිත්‍ය වර්ගීකරණය කළ නොහැකියි. ඒ මගේ මතය. නමුත් මූලික වශයෙන් ගද්‍ය හා පද්‍ය හැටියට වර්ග කෙරෙනවා. ඉන්පසුව පෙරදිග අපරදිග හැටියට භූගෝලීය වශයෙන් සාහිත්‍ය වර්ග කළ කාලයකුත් තිබුණා. තවදුරට ගියොත් ළමා සාහිත්‍යය, යෞවන සාහිත්‍යය, ගීත සාහිත්‍යය වගේ වර්ග කෙරෙනවා. සාමාන්‍ය අවබෝධයට මිස මේ විදිහට කරන බෙදීම් – වර්ග කිරීම් අර්ථාන්විත නැති බවයි මගේ අදහස. ළමා සාහිත්‍යය කීවාට විශිෂ්ට ළමා සාහිත්‍ය නිර්මාණ වැඩිහිටියන්ටත් රස විඳින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නම් මෑත කාලයේ එවැනි ළමා සාහිත්‍යය නිර්මාණ දකින්න ලැබෙන්නේ නෑ. කුමාරතුංග මුණිදාස සූරීන් ගේ හීං සැරය ගත්තොත් කාටත් එක ලෙස රස විඳිය හැකි විශ්වීය ස්වභාවයක් පෙන්වන නිර්මාණයක්. බොහෝ රටවල ළමා සාහිත්‍ය නිර්මාණ කියලා වර්ග කෙරෙන දේ වැඩිහිටියන්ටත් රස විඳිය හැකි ලෙසටයි ඉදිරිපත් කෙරෙන්නේ. ජපන් සාහිත්‍යයේ මේ ගතිය හොඳින් දකින්න පුළුවන්. එවැනි නිර්මාණ ඉතා ජනපි‍්‍රයයි.

ඔබ ගීත සාහිත්‍යය ගැන සඳහන් කළා. ඇත්තට ම එහෙම සාහිත්‍යාංගයක් තියෙනවද?

ව්‍යවහාරයේ තිබෙන නිසයි එසේ සඳහන් කළේ. එය මගේ අදහසක් නෙවෙයි. ලෝකයේ කොතැනකවත් ගීත සාහිත්‍යය කියා දෙයක් පවතින්නේ නෑ. මොකක්ද ගීත සාහිත්‍යය කියන්නේ? පද රචනයද? තනුවද? සංගීතයද? ගායනයද? මේ සියල්ල මා දකින්නේ සංගීතයේ ම කොටස් හැටියටයි. ශ්‍රී ලංකාවේ ඇතැම් විට ගීත රචනාව සංගීතයෙන් වෙන් කරලා රස විඳින්න උත්සාහ දරනවා. පද්‍ය සාහිත්‍යයේ පවතින දුර්වලතාව නිසයි, ඒ තත්ත්වය දකින්න ලැබෙන්නේ.

පද්‍ය සාහිත්‍යයේ ඔබ දකින දුර්වලතාව මොකක්ද?

අද පද්‍ය සාහිත්‍යය පොදු ජනතාව අතරට ගිහිං නෑ. නමුත් කොළඹ යුගයේ කවි නම් පොදු ජනතාව අතරට ගියා. අද එවැන්නක් දකින්න නෑ.

සාහිත්‍යයේ නව ප්‍රවණතා? මෙය මහ පොළවේ පවතින දෙයක් ද?

මිනිස් සමාජය සංක්‍රමණය වෙත්දී සාහිත්‍යයේ නව ප්‍රවණතා මතු වුණා. ඒක ඇත්තට පවතින දෙයක්. සමාජ පරිණාමයේදීත් මේ තත්ත්වය දකින්න තිබුණා. 20 වැනි ශත වර්ෂයේ සංක්‍රමණ, යුද්ධ, විශාල වශයෙන් දකින්න ලැබුණා. ආරක්ෂාව හා ආර්ථික කියන සාධක මත ජනතාව රට රටවලට වේගයෙන් සංක්‍රමණය වෙන්න ගත්තා. මේ අත්දැකීම් සාහිත්‍යයේ නව ප්‍රවණතා හැටියට ප්‍රකාශයට පත් වුණා. ඉන් පසුව හා අදත් විවිධ හේතු සාධක මත සාහිත්‍යයේ නව ප්‍රවණතා ඉස්මතු වෙනවා.

සාහිත්‍යයේ සම්භාව්‍ය හා නූතන යන බෙදීම ඔබ පිළිගන්නවද?

සම්භාව්‍ය කියන සාහිත්‍ය කෘති රචනා වෙලා තියෙන්නේ පොදු ජනතාවට ළඟා විය නොහැකි භාෂා රටාවකින්. ඇත්තටම ඒවා අති විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ. ගී‍්‍රක හා සංස්කෘත සාහිත්‍යය ගත්තත්, අපේ කව්සිළුමිණ ගත්තත් මේවා පොදු ජනයාට ගෝචර වන්නේ නෑ. මෙතන තිබෙන මූලික වෙනස භාෂාවයි. මා අදහස් කරන්නේ සම්භාව්‍ය කියන සාහිත්‍ය නිර්මාණ පළ කෙරුණේ පොදු ජනයා අතර භාවිත වූ භාෂාවට වඩා වෙනස් තත්ත්වයකින් බවයි. අනෙක් අතට සම්භාව්‍ය සාහිත්‍ය කෘති පරිශීලනය කළ හැක්කේ ඒ භාෂාව, උපමා, අලංකාර, අවබෝධ කර ගත හැකි පරිණත දැනුමක් ඇති සීමිත පිරිසකට පමණයි. නමුත් සාහිත්‍යයේ සම්භාව්‍ය හා නූතන කියන බෙදීම මා පිළිගන්නේ නෑ.

ශේක්ස්පියර් ගේ හැමිලට් සහ ආතර් කොනන්ඩොයිල් ගේ ෂර්ලොක්හෝම්ස් මේ දෙක අතර වෙනස ඔබ දකින්නේ කොහොමද?

ඒ නිර්මාණ දෙක ම විශිෂ්ට සාහිත්‍ය කෘති. නමුත් හැමිලට් සමඟ සසඳන විට කෙනෙක් කියයි ෂර්ලොක් හෝම්ස් සාහිත්‍ය කෘතියක් නෙවෙයි කියලා. ඒක පදනම් විරහිතයි. විචාරකයන් අගතිගාමී විය යුතු නෑ. සාහිත්‍ය ලෝකයේ පක්ෂපාති විචාර අප කොතෙකුත් දකිනවා. කියන්න තියෙන්නේ මේ විචාර අවිචාරවත් කියලයි. ඒ විතරක් නෙවෙයි ගුරු කුලවලට බෙදිලා ඇතැම් දේ උස් කරන්න, තවත් දේ පහත් කරන්න, කරන විචාර ඇත්තටම විකාර ලෙසයි සලකන්න වෙන්නේ. මේවා සාහිත්‍යයේ අවගමනයටයි හේතු වෙන්නේ.

ඔබ බොහෝ කාලයක් ජපානයේ ජීවත්වන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ලෝක සාහිත්‍යයේ ජපානයට තියෙන තැන කොයි වගේ ද?

ජපන් ජාතික මුරකාමි ගේ කෘති ලෝකය පුරා ඉතා ජනපි‍්‍රයයි. ඔහු වෘත්තීය ලේඛකයෙක්. පූර්ණකාලීනව ලිවීමට ම යොමු වුණ නිර්මාණකරුවෙක්. චීනය, බටහිර – යුරෝපීය රටවල මුරකාමි ගේ කෘති ඉතා ජනපි‍්‍රයයි. ශ්‍රී ලංකාවේත් ඔහුගේ කෘති පළ වී තිබෙනවා. නූතන ජපන් සමාජයේ හැල හැප්පිලි, සිතුම් – පැතුම් ඔහු ඉතා දක්ෂ ලෙස නිරූපණය කරනවා. නූතන සමාජයේ මානසික වියවුල් - පුද්ගල සබඳතා ඉතා සියුම්ව විග්‍රහ කරන්නත් ඔහු ඉතා දක්ෂයි.

නූතන ලෝක සාහිත්‍යය පරිශීලනය කිරීම අතින් ජපානය මොන වගේ තැනකද ඉන්නේ?

ජපානයේ ඉංගි‍්‍රසි උගත්තු හිඟ නෑ. නමුත් අති බහුතරයක් සාහිත්‍ය පරිශීලනය කරන්නේ ජපන් භාෂාවෙන් විතරයි. ලෝකයේ පළ කෙරෙන සෑම හොඳ සාහිත්‍ය කෘතියක් ම ජපන් භාෂාවට පරිවර්තනය කෙරෙනවා. පරිවර්තනය නොවුණ හොඳ කෘතියක් සොයා ගැනීමයි අසීරු. ජපානයේ පරිවර්තන කලාව ඉතා වේගවත්. ඇමෙරිකාවේ පළ කෙරෙන කෘතියක් ඒ මොහොතේ ම ජපන් භාෂාවට පරිවර්තනය කෙරෙනවා. එහි අදහස ඔවුන් ලෝක සාහිත්‍යය නිරතුරුව පරිශීලනය කරන බවයි. ඔවුන් ඒ අතිනුත් අපට වඩා පොහොසත්.

මුද්‍රිත කඩදාසියේ පොත් හැටියට කියවීමට වඩා දැන් online කියැවීම පැතිරෙන බවත් පෙනෙනවා. ජපානයේ අත්දැකීම මොකක්ද?

ඇත්ත. ඒ තත්ත්වය බහුලව දකින්න ලැබෙනවා.

එහෙම ගියොත් මුද්‍රිත පොත් කියවීම අභාවයට යයිද?

නෑ. online (පොත්) කියවීමට විරුද්ධ වෙන්න හෝ බිය වෙන්න වුවමනා නෑ. එය තරුණ පරම්පරාව අතර වේගයෙන් පැතිරෙනවා. නමුත් ඒ නිසා මුද්‍රිත පොත් කර්මාන්තය නතර වෙන්නේ නෑ.

මුද්‍රණ ශිල්පය යුරෝපයේ ජනපි‍්‍රය වෙත්දී එයට එරෙහිව විශාල විරෝධතා මතු වුණා. නමුත් ඒ විරෝධතා අද තේරුමක් නැති දේ බවට පත් වෙලා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා