මම සරච්චන්ද්‍රයන්ගේ අනියම් ගෝලයෙක්  

 


 

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

කවියකු, නවකතාකරුවකු, නාට්‍ය නිෂ්පාදකවරයකු, තිර රචකයකු, කෙටිකතාකරුවකු, ගීත රචකයකු, ගුවන් විදුලි පූරකයකු, පරිවර්තකයකු, ජනශ්‍රැති පර්යේෂකයකු, සන්නිවේදන පර්යේෂකයකු ඈ නන්විධ ක්ෂේත්‍ර ඔස්සේ නිර්මාණකරණයෙහි නිරත වන දුර්ලභ ගණයේ මහැදුරුවරයකු අපට සිටී. හේ ජනසන්නිවේදන විෂය ක්ෂේත්‍රය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියා ද වේ. ඔහු පෘථුල දැනුමකින් හෙබි, නිරන්තර දැනුම් පිපාසාවෙන් යුතු ව ඥාන ගවේෂණයේ යෙදෙන අප මහැදුරු සුනන්ද මහේන්ද්‍රයෝ ය. හේ නිරන්තර නව අත්හදා බැලීම් කරන්නේ ය. නව ආඛ්‍යාන රටා සොයා යන්නේ ය.

විස්තර »

මානව හිතවාදී දාර්ශනිකයා
ඊ.ඩබ්ලිව්. අදිකාරම්
 

අපේ මහත්තයෝ - මහත්තයෝ - කාරෙකම විනාශයි. විනාශයි”මෙහෙකාර කොලුවා බෙරිහන් දෙමින් ගරාජයෙන් එළියට පැන නිවසේ බරාඳයට දිවැවිත් නතර වූයේ ය. සුදු ජාතික ඇඳුමකින් සැරසී ගමනකට සූදානමින් උතුරු සළුව ද කර මත දමාගත් සිහින් කෙසඟ සිරුරකට හිමිකම් කී තැන්පත් ඉරියව්වෙන් පසු වූ ‘මහත්මයා’ කොලුවා දෙස සන්සුන් ව බැලුවේ ය.

විස්තර »

පුන්කලස සරසන ඉතිරි සංවාද  
»
»
»
»
»
»
»
»
»
»

 ඕනෑම නිර්මාණකරුවකුට දර්ශනයක් තිබිය යුතුයි

 

දිනේෂ් සුබසිංහ

දිනේෂ් සුබසිංහ යනු අපේ පරපුරේ සිටින ප්‍රතිභාපූර්ණ සංගීතවේදීන් අතළොස්සෙන් එක් අයෙකි. සංගීතය අරභයා සහජ ප්‍රතිභාවකින් යුත් ඔහු එහි අත පොත තැබුවේ බී.වික්ටර් පෙරේරා ගාන්ධර්වයාණන් ගේ අවසාන ශිෂ්‍යයා ලෙසිනි. රාවණාහත්ත ශූර ලෙස වැයීමෙන් මතු නොව ඒ ඔස්සේ දේශීය අක්මුල් සොයා යෑමෙන් ද එය වඩාත් ප්‍රචලිත කළ දිනේෂ් ලෝක ප්‍රකට භාරතීය සංගීතවේදී ඒ.ආර්.රහමන් ගෙන් සංගීතය ප්‍රගුණ කිරීමේ භාග්‍යය ලැබුවේය. “හුම්මානය” ඔස්සේ ටෙලි නළු සංගීතයට බට ඔහු එතැන් සිට ටෙලි නළු 32ක ස්වර සංරචනය කරමින් සිග්නීස් සම්මානයට ද පාත්‍ර විය.

 විස්තර »

ගස් වෙද මහත්තයා

 

එදා ඉරිදාවකි. එය පාසල් යාමට අවශ්‍ය නොවූ දිනයක් වූ හෙයින් මා හට සතුට ගෙන දුන් දිනයක් විය. මගේ හිතුමතයට වැඩ කිරීමට හැකි දිනක් වූ බැවින් සෑම ඉරිදාවකම මගේ දින චර්යාව විවිධාංගී විය. දිනය ඉරිදාවක් වූ බැවින් අම්මා ද වැඩට නොගොස් ගෙදර සිටියාය. තාත්තා ප්‍රදේශයේ රබර් ඉඩම් කුලියට ගෙන කිරි කැපීම ආදායම් මාර්ගයක් ලෙස කර ගෙන ගියේය. එහෙත් එදා අම්මා සහ තාත්තා ගෙදර සිටීම යම්කිසි වැදගත් කාර්යයකට මුල පිරීමක් සඳහා බව මම දැන සිටියෙමි. එහෙත් එය කුමක් ද යන්න මා දැන සිටියේ නැත. අප ජීවත් වූ නිවස කුඩා පොල් අතු සෙවිලි කළ වරිච්චි බිත්තිවලින් සැකසූ එකක් වූ බැවින් ඒ සඳහා අලුත් නිවසක් තැනීම් කටයුතු ආරම්භ කළේ මීට අවුරුද්දකට පමණ පෙරය.

විස්තර »

හයවන ජෝර්ජ් ගේ (රාජකීය) ගොත ගැසීම!  

ටොම් හූපර් (TOM HOOPER) විසින් අධ්‍යක්ෂණය කැරුණු 2010 දෙසැම්බර් මාසයේ දී උතුරු ඇමෙරිකාවේ ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කරන ලද ”THE KING’S SPEECH” චිත්‍රපටය, මා හැඟි සිනමා කෘතියකි. මෙහි කතාව මධ්‍යගත කර තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ හයවන ජෝර්ජ් රජු ගේ (KING GEORGE VI) චරිතය හා හැසිරිම වටාය. හයවන ජෝර්ජ් රජු වූ කලී වර්තමාන බ්‍රිතාන්‍ය මහ රැජින වන දෙවන එළිසබත් (QUEEN ELIZABATH II) ගේ පියතුමා වෙයි. මෙහි හයවන ජෝර්ජ් ලෙස කොලින් ෆර්ත් (COLIN FIRTH) රඟපාන අතර, ඕස්ට්‍රේලියානු කථානාබාධ චිකිත්සක (SPEECH THERAPIST) වරයා ලෙස ජොෆ්රි රෂ් (GEOFFREY RUSH) පෙනී සිටියි.

 විස්තර »

මායාකොව්ස්කි කවියාගේ ශෝකාන්තය - IV

 

කොකේසස් හි සිට මා මොස්කව් නගරයට පැමිණි පසු මට හැඟී ගියේ මායා මා හා පෙමින් මුසපත් ව සිටින බව ය. මම ප්‍රීතියෙන් කුල්මත් වූයෙමි. අපි නිතර නිතර හමුවූයෙමු. ප්‍රමෝදජනක අයුරින් ප්‍රීති වීමු. වෙනත් දෙයක් ගැන අප සිතුවේ නැත.මෙයින් පසුව මායාකොව්ස්කිගේ ස්වරූපය වහා ම හා ක්‍රමයෙන් ද නරක් විය. පිරිහීමට පත්විය. යම් දෙයකින් ඔහු කනස්සල්ලට පත්ව සිටි අතර පැය ගණන් නිහඬව සිටියේ ය. මගේ පැත්තෙන් මා ඒවා හඳුනා ගන්නට උත්සාහ කළේ විහිළු කිරීමෙනි. ඔහු තම කරදර, දුක් කම්කටුලු මා හා බෙදා හදා ගත්තේ නැත. ඔහුගේ හැඟීම්වල හෙළිදරව්වක් කළේ කලාතුරකිනි.

 

 විස්තර »