|

පෙර’පර දෙදිග බොහෝ දෙනා පිළිගන්නා පරිදි ඉන්දියානු සිනමාව ආමන්ත්‍රණය කරනුයේ හදවතට
ය. හදවතේ සියුම් තැන් සොයනා එ මෙන් ම මොහොතකට පේ‍්‍රක්ෂකයා සිනමාවෙන් වියුක්ත කරනා
ගීතය ඉන්දියානු සිනමාවේ අනිවාර්ය අංගයකි. සිනමා ගීතයන්ට සම වැදෙන පේ‍්‍රක්ෂකයෝ
නිතැතින් ම ඒ සුමිහිරි හඬට හිමිකම් පානා ගායක ගායිකාවන් හදවතින් වැළඳ ගනිති. සිනමා
ලෝලී ජන මන පිබිදූ එබඳු ගායක ගායිකාවන් අතළොස්සකි.
ඈ නමින් අල්කා යග්නික් ය. ඉන්දියානු සිනමාව හා ඇගේ නාමය යාවී ඇත.
මන්ද, ඉන්දියානු සිනමාවේ ගායක ගායිකාවන් අතර හොඳම පසුබිම් ගායිකාව වශයෙන් ෆිල්ම්
ෆෙයා(ර්) සම්මානය හත් වතාවක් ලබා ගනිමින් ඈ ඉදිරියෙන් හිඳින්නී ය. ඇය පසුබිම්
ගායනයෙන් දායක වී ඇති චිත්‍රපට ගණන 550 කට අධික ය.
විස්තර » |