අලුත් අවුරුද්දට ප්‍රාදේශික
අනන්‍යතාවක් තියෙනවා

 


 

සිංහල අලුත් අවුරුද්ද මෙවැනි පරිභෝජනීය සමාජ වටපිටාවකදී වින්දනීය පක්ෂයට වඩා සැණකෙළියක ස්වරූපයකින් ඉදිරිපත් වීමක් පෙනෙන්නට තිබෙනවා යැයි කතාබහට ලක් වෙනවා.

කාලාන්තරයක් තිස්සේ සිංහල අලුත් අවුරුද්ද වෙනස් වෙමින් පැවැත එනවා. එක් කාලයකදී ගැමියන්ගේ උත්සව ස්වභාවයක් පැවැතිලා තිබෙනවා. හැත්තෑව අසූව දශක වෙනකොට මේ උත්සවයේ වැදගත්කම ක්‍රමයෙන් අඩුවෙමින් යන බව පේනවා. වෙළෙඳපොළ ක්‍රියාවලිය හා 90 දශකයේ මැද භාගය වන විට ඇතිවන මාධ්‍ය ව්‍යාප්තියත් සමඟ පරිභෝජනවාදී සංස්කෘතියක් නිර්මාණය වෙනවා.

විස්තර »

අනේ මෙහෙමත් අවුරුදු

 

හයක් හතරක් නොතේරෙන කාලයක, හැමදේ ම ඉල්ලන, හැමදේ ම දැන ගන්න දඟලන කොලු පැටියෙක් හැටියට හිටිය කාලේදී සිංහල අලුත් අවුරුද්ද අපට පෙනුණේ මහා වසන්තයක් හැටියටයි.

ඒ කාලේ රූපවාහිනිය කියා දෙයක් අහලාවත් තිබුණේ නෑ. හැබැයි දෑතින් බදන්න බැරි තරමේ වයර්ලස් රේඩියෝවක් නම් තිබුණා. අවුරුදු කාලෙට කොවුල් හඬ ඇහුණේ රේඩියෝවෙන් විතරක් නොවෙයි.

විස්තර »

උඩරට අවුරුදු සිරිත්

 

ලංකාවේ මුල්කාලීන ව ක්‍රියාත්මකවී ඇත්තේ චන්ද්‍ර මාස ක්‍රමයයි. ඒ බව 12 වන සියවසේදී හමුවුණු සෙල්ලිපියක සඳහන් වන බව කියැවෙයි. සූර්යයා ලංකාවට මුදුන්වීම පදනම් කරගෙන අප්‍රේල් මස 13 – 14 දින අලුත් අවුරුදු උදාව සැමැරීම ඇරඹී ඇත්තේ ශත වර්ෂ ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟිනි. ගඩලාදෙණි සෙල්ලිපියට අනුව ලංකාවට ශතවර්ෂ ක්‍රමය ලැබී ඇත්තේ් ක්‍රි:ව: 14 වන සියවසේදී ය.

විස්තර »

නුවර කලාවියේ අවුරුදු චාරිත්‍ර

 

විවාහය තීන්දු කර ඇති තරුණියක් සිංහල අලුත් අවුරුදු කෑමට සැරසි සිය පෙම්වතා එනතුරු මඟ බලමින් කී කවියකි. මේ කවියේ එන “කෝන” යන යෙදුමින් සිංහල අලුත් අවුරුද්ද අර්ථවත් වෙයි. බොහෝ විට නුවර කලාවියේ ගැමියා අලුත් අවුරුද්ද හැඳින්වූයේ කෝණ යන නමිනි.

කෝණ - කොන - කෙරවල – යන්න සඳහන් කරමින් සමහරු පවසන්නේ අවුරුද්දේ කෙළවර ඇතිවන නව අවුරුදු උදාව කෝණ යනුවෙන් නම් වී ඇති බවයි. එහෙත් අප විසින් කළ සොයා බැලීම් වලදී අනාවරණය වූයේ මෙය අලුත් ඇඳුම් අදින මංගල්‍යයක් බව ය. කෝණ යනු කෝණම යන අරුත් දෙයි. කෝණම යනු ඇඳුමයි.

විස්තර »

රට රටවල අවුරුදු සිරි විසිතුරු

 

අලුත් අවුරුද්ද බොහෝ රටවල උත්සවශි‍්‍රයෙන් සමරන වැදගත් උත්සවයකි. ශ්‍රී ලංකාවේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමී ව මෙන් ම ඊට සමාන ව බොහෝ ආසියානු රටවල අවුරුදු උත්සව සැමරේ.

චීනයේ අලුත් අවුරුද්ද හඳුන්වන්නේ ‘යුආන් ටෑන්’ යනුවෙනි. එය ඔවුන්ගේ සූර්ය දින දර්ශනය අනුව ජනවාරි 21 දින සිට පෙබරවාරි 20 අතර දිනයක සැමරෙන්නේ ඒ මාසයේ නව සඳ උදාවෙන දිනයට අනුවය.

විස්තර »

අපේ‍්‍රල් 13 දා අවුරුද්ද වූ හැටි

 

දොළොස් මසක් ගිය තැන පැමිණෙන අපේ‍්‍රල් 13 දා මෙරට වැසි බහුතර ජනකායකට උත්සව දිනයකි. ඔවුන් අතර කුඩා දරුවාගේ සිට සැරමිටි වාරුවෙන් යන මහල්ලා දක්වා වෙසෙන හැම තරාතිරමක කෙනෙක්ම මේ දිනය ගැන සලකන්නේ තමන්ගේ අවුරුද්ද හැටියටය.

අවුරුදු හැඟීමෙන් ප්‍රමෝදය හා ප්‍රබෝධය ගෙන දෙන අපේ‍්‍රල් 13 දා හා සම්බන්ධව ඇති ඉතිහාසය කුමක් ද? මා මෙහිදී ඔබ ඒ පුරාවෘත්තය කරා ගෙන යන්නේ අපේ‍්‍රල් 13 දා ගැන ඔබේ බුද්ධිය පොදුවේ පළල් කරන්නටය.

  විස්තර »

යුද්ධයෙන් පසු අලුත් ම අලුත් අවුරුද්දක්

 

ගෙමිදුලේ ඇති අලිපේර ගසේ සිට කොවුලා නද දෙන හඬ හාත්පස සිසාරා යයි. සුපුරුදු පරිදි ජනේලයෙන් පිටත බලන විට කොවුලා ද කෙවිලිය ද එහි සිටිනු දැකිය හැකියි. වෙනදා මෙන් නොව මේ කාලයේදී ඇසෙන කොවුල් නාදයත් සමඟ ‘අවුරුදු ඇවිදිල්ලා’ යන පණිවිඩය ද අපට ලැබෙයි. අප කුඩා කල දුටු පරිසරය වෙනස් වී ඇතත් කොහා ගේ හඬ අසන්නටත් කොහා දකින්නටත් ලැබීම ගැන සිතට සතුටක් දැනේ.

විස්තර »

මී වදවල පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී

 

සිංහල අවුරුද්ද ගැන පවසද්දී මට සිහිපත් වනවා මෙයට වසර පනහකට පමණ එපිට ‘පරෙවිය : සාම අස්න’ උදෙසා මා රැසැයූ ‘මඟුල් ගීය’.

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී - මී වදවල පැණි පුරවන්නී - කුරුලු සරින් කන් පිනවන්නී - මුළු ලොව උයනක් කරවන්නී...
මේ මඟුල අන් කවරකුගේ වත් නො වෙයි; වසත් කුමරියගේ යි. පැහැදිලි සෘතු භේදයක් නොදැක්වූවත් අපට සිංහළ අවුරුද්ද එළඹෙනුයේ වසත් උතුවට අයත් බක් මස දී යි. ‘බක්’ නම් ‘බා’ (භාග්‍යය) ‘අක්’ (අග්‍ර) මාසය යි. ඇයි එය භාග්‍යයෙන් අග්‍ර මාසය වන්නේ?


විස්තර »

ජන සාහිත්‍ය පෝෂණය වූයේ
අපේ අවුරුද්ද නිසයි

 

මුදියන්සේ දිසානායකයන් සමඟ සිංහල අලුත් අවුරුද්ද හා බැඳි ජන කෙළි පිළිබඳ ව කෙරුණු සාකච්ඡාවක් පහත දැක්වේ.

වර්තමානයේ අප සිංහල ජන ක්‍රීඩා ලෙස දකින ඇතැම් ජන ක්‍රීඩා අපට ආවේණික සම්ප්‍රදායට හා චින්තනයට අනුකූල නොවන බව ඔහු මෙහිදී අවධාරණය කරයි.
ජන ක්‍රීඩා සහ ජන නැටුම් ලෝකයේ කවර රටකත් දක්නට ලැබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවේ ජන ක්‍රීඩා සහ ජන නැටුම්වල දක්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ ඒවා සිංහල අලුත් අවුරුද්ද සමඟ බැඳී පැවැතීමයි. මේ ජන කෙළි සහ සිංහල අලුත් අවුරුද්ද අතර පවතින්නේ කුමන ආකාරයේ සම්බන්ධයක් ද?

විස්තර »

අලුත් අවුරුද්ද මානව සමාජ
විද්‍යාත්මක ඇසින්

 

සිංහල අලුත් අවුරුද්දට සම්බන්ධ සිරිත් විරිත් හා ජන ක්‍රීඩාවල පටන් ඒවා සඳහා පසුබිම් සකස් කරන ආකල්ප විකල්ප දක්වා වූ විෂයය පරාසය සූර්යයාගේ නොයෙක් ආකාර හා විලාසයන් ගෙන් සමන්විත ය.

අලුත් අවුරුද්දට සෘජු ව සම්බන්ධ නැකැත් මෙන් ම සිංහල මාස ක්‍රමය ද සූර්ය චාරිකාව සමඟ බද්ධ වේ. මහාචාර්ය නන්දසේන රත්නපාල ”ජ්ධතඬතධපඥ ධට ඉපඪ තචදඬච” ග්‍රන්ථයේ සඳහන් කරන අන්දමට “අවුරුදු සංක්‍රාන්තිය” නම් සංකල්පයෙන් පැරැණි අවුරුද්දේ අභාවය හා නව වසරක උපත ද අදහස් වේ.


විස්තර »