|

විවාහය තීන්දු කර ඇති තරුණියක් සිංහල අලුත් අවුරුදු කෑමට සැරසි සිය පෙම්වතා එනතුරු
මඟ බලමින් කී කවියකි. මේ කවියේ එන “කෝන” යන යෙදුමින් සිංහල අලුත් අවුරුද්ද අර්ථවත්
වෙයි. බොහෝ විට නුවර කලාවියේ ගැමියා අලුත් අවුරුද්ද හැඳින්වූයේ කෝණ යන නමිනි.
කෝණ - කොන - කෙරවල – යන්න සඳහන් කරමින් සමහරු පවසන්නේ අවුරුද්දේ කෙළවර ඇතිවන නව
අවුරුදු උදාව කෝණ යනුවෙන් නම් වී ඇති බවයි. එහෙත් අප විසින් කළ සොයා බැලීම් වලදී
අනාවරණය වූයේ මෙය අලුත් ඇඳුම් අදින මංගල්‍යයක් බව ය. කෝණ යනු කෝණම යන අරුත් දෙයි.
කෝණම යනු ඇඳුමයි.
විස්තර » |