සංස්කෘත හා පාලි නමැති මවුපියන් බිහි කළ අතිජාත පුත්‍රයා සිංහල භාෂාවයි

 


 

ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ද (B.A) සංස්කෘත පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද (M.A) දර්ශනශුරී (PH.D) උපාධිය ද ලත් ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයන් සංස්කෘත භාෂා පඬිවරයෙකි.

විස්තර »

උණුහුම් කරදිය

 

රාමසාමි වඩිවේල් සරණාගත කඳවුරකට වී මේ අයුරින් හුදකලාව සිටීමට සිදුවේයැයි කිසිදිනක නොසිතුවේ ය.

එහෙත් අතීතයේ දී පරි පූර්ණව විඳි සුවපත් නිසල පරිසරය හැරදමා ඉරිතැලී බිඳී ජීවිතය සුන්නද්දූලි වී යද්දී රාමසාමි ඇඳිවත පමණක් ඇතිව දෛවය විසින් සරණාගත කඳවුරක් වෙත යොමු කරන ලදී. කඳවුර බොහෝ ශබ්ද සහිත විය. කෙඳිරීම් සුසුම්ලෑම් සමඟ තොර තෝංචියක් නැති ව කරන දෙඩවීම් ද සොල්දාදුවන් ගේ බරැති පාවහන් හඬවල් ද ඔවුන්ගේ සංග්‍රහශීලී වදන් ද ඒ අතර විය.

විස්තර »

ජයසිරි සේමගේ ගේ
කුස පබාවතී සිත්කම් සරණිය
- 43

 


 

දැක දුක් වෙමින් සි
මවු විසෝ සඳ නොනැව
ගොසින් මදු රජු වෙ
මෙසේ ඇසුවා නැමද සරණ  




 

අවතාර සපත්තු

 

පුරාතන රුසියාවේ සාර් රජුට සේවය කළ එක්තරා සොල්දාදුවකු ගේ වාර්ෂික නිවාඩු කාලය උදාවිය. මහත් සේ සතුටට පත් හෙතෙම සිය ගම්බිම් බලා පිටත් වූයේ ය.

එසේ යන අතරමඟ දී ඔහුට ඉතා අසරණ මැහැල්ලක මුණගැසිණි. මේ මැහැල්ල අතිශය අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ පා සිටියා ය.

ඇගේ අසල්වාසී මහල්ලකු ඊට දින කිහිපයකට ඉහත මියැදී තිබූ අතර දැන් ඔහු අවතාරයක් ව එගම බිය වද්දයි. මැහැල්ල පසුපස ද එයි.

  විස්තර »

වහරේ මිහිර

 

ම් කෙනකුට සාක්ෂරතාව නැතිකම පැරැණියන් සඳහන් කෙළේ ‘ඒ මිනිහා මළපත අකුර දන්නෙ නැහැ’ යනුවෙනි. කුමක්ද මේ මළපත අකුර?

මැටි පුවරුවල අකුරු ලියූ යුගයෙන් පසු ව අකුරු ලියන ලද්දේ කොළවලය. ඇතැම් කොළ වර්ගවල කටුවකින් අකුරු ලිවිය හැකි නමුත් එහි පැවැත්මක් නැත. කොළය වේලෙන විට අකුරු මැකී යයි.

එහෙත් වේලුණු තල් කොළයේ අකුරු ලිවීමට පැරැණි අය පුරුදු ව උන්හ. තල් කොළය අකුරු ලිවීමට සුදුසු සේ සකස් කරගත් විට පුස්කොළ නමින් හැඳින්විණි.

විස්තර »

දේශපාලන පෝස්ටරයට යටවූ අපේ කවිය

 

විය සිංහලයාට විශේෂයෙන් ම ලංකාවට අලුත් දෙයක් නොවේ. විශේෂයෙන් ම ඇදලා පැදලා කියන දෙය කිසියම් විරිතකට අනුව කියන දෙයක් අපේ ඉපැරනන්ගේ කල පවා පැවත ආ බව සැහැලි - වන්නම් - යාදිනි - අසුන් කවි හා ජන කවි වලින් පෙනේ. මේ නිසා මේවායේ කිසියම් ව්‍යාප්තයක එක් අංගයක් ලෙස ගීතය නිසදැස සැලැකිය හැකි ය.

ආරම්භයේදී අසුන් කවි - යාදිනි - සැහැලි - වන්නම් ආදිය රචිත ව නොතිබුණ නමුත් බොහෝ දුරට කටවහර සහ මුඛ පාරම්පරික ව ඒවා අද දක්වා අප අතර භාවිතයේ පවතී.

විස්තර »

අකුරු කියැවීමට නොදත් ලෝ ප්‍රකට කාටූන් ශිල්පියා

 

හුට වචන පිළිබඳ ප්‍රශ්නය පැන නැඟුණේ වයස අවුරුදු තුනේ පමණ සිටය. ඔහුට වචන හරිහැටි කියවෙන්නේ නැත.

එය ඉතා භයානක ප්‍රශ්නයක් විය. වචන හරිහැටි කතා කරන්නට නොහැකි වීම හදා ගන්නට උත්සාහ ගත්තද ඔහුට කියන්නට අවශ්‍ය වචනය හරිහැටි කටින් පිට නොවෙයි.

එය කියවෙන්නේ අකුරු පටලැවී වෙනත් අන්දමකිනි. ඒ නිසා ඔහුගේ මව විසින් ඔහු භාෂා පන්තියකට යවන ලදි.

විස්තර »

කවිකාර කොම්බි

 

ඩිංග දොහකට පස්සෙන් පහු කොම්බි වෙළඳන් කරත්තෙට වී කුරහන් පැටෙව්වේ නාකි නිළමෙට කෙමන අටවන හැටියක් ගැන හිතාන.

හොරොව්පොතානේ වෙච්චි සංගදි කිරිහාමි මුදලාලිට වහන් කොරාන කෙල්ල ගමනට සැරි වැරි වුනා.

”කොම්බියම්මා මිදුලට බහින කොට හූනෙක් ඇඬුවා. ඩිංගිත්තක් කල් අල්ලලා පලයන්” ගිරගි උන්දා එහෙම කියාන මිදුලට බැස්සා.

විස්තර »