වත්මන් මානවයා ජාන සම්මිශ්‍රණයේ ප්‍රතිඵලයක්

 


 

මහාචාර්ය නිමල් පෙරේරා

ඉතිහාසය හාරා අවුස්සන වත්මන් මිනිසා නිරතුරු ව සොයා බලන්නේ අතීත මානවයාගේ ක්‍රියාකාරකම් කෙසේ ද යන්න පිළිබඳ ව ය. හුංගම මිණි ඇතිලියෙන් හමුවූ පරිපූර්ණ මානව ඇටසැකිල්ල ආදි ලාංකික මානවයා පිළිබඳ තොරතුරු නිහඬ ව පවසයි.

විස්තර »

මහත මිනිහයි කෙට්ටු මිනිහයි

 

ඇන්ටන් චෙකෝෆ්

මිතුරන් දෙදෙනා හමුවූයේ නිකොලායෙවිච් දුම්රිය ස්ථානයේ දී ය. ඉන් එක් මිතුරෙක් හොඳ හැටි මහත දෙහෙත පෙනුමැත්තෙක් වූ අතර අනෙකා වැහැරී ගිය කෙට්ටු සිරුරකින් යුක්ත විය.

මහත තැනැත්තා බොජුන් හලකින් කෑම කා එන ගමන් ය. බටර් තැවැරුණු ඔහුගේ තොල් ඉදුණු චෙරි මෙන් ඔපවත් ය. දිස්නය දෙන සුලු ය.

විස්තර »

ජයසිරි සේමගේ ගේ
කුස පබාවතී සිත්කම් සරණිය - 41

 


 

’සැඩ නල වන් ළප
ලෙසින් සැලෙමින් හදව
මවුට තද දුක් ප
කියා දළසෝ තෙපුල් පබව

ත්
ත්
ත්
ත්

 

කැලෑ යක්ෂයා

 

පෙර කල රුසියාවේ විසූ එක් පූජකයකු ගේ සිඟිති දියණි වරක් ඔවුන් විසූ කැලෑබද නිවසින් පිට ව කැලයේ ඇවිදින්නට ගිය නමුත් ඈ යළි පැමිණියේ නැත. මේ පුවතින් මුළු ගම ම කැලැඹිණි. වනය පීරමින් ඈ සෙවූ ගම්මුන් කිසිවකුට ඈ මුණනොගැසිණි.

මෙසේ බොහෝ කලක් ගෙවිණි. එක් නිර්භය දඩයක්කරුවෙක් එගම විය. දිනක් ඔහු කැලයේ සිය සුනඛයා ද සමඟ දඩයමකට පිටත් විය.

  විස්තර »

කාව්‍ය සහ කවි කථාව

 

චාල්ස් අබේසේකර

ප්‍රවීණ කලා විචාරක චාල්ස් අබේසේකර විසින් විරචිත මේ ලිපිය ගුවන් විදුලි තරංගණි සඟරාවේ 1954 මාර්තු කලාපයේ පළවූවකි.

කාව්‍යයෙන් නොයෙක් දෙනා නොයෙක් දේ බලාපොරොත්තු වෙති. සමහරු කාව්‍යයෙන් උපදේශ නැතහොත් එහි යම් කිසි පිළිගත් සිද්ධාන්තයක් බලාපොරොත්තු වෙති. එදිනෙදා හැසිරීමට යෙදිය හැකි යම් කිසි උපදේශයක් ගැබ් වී තිබූ පමණට ම ඔවුහු එය කාව්‍යයක් යයි පිළිගනිති.

විස්තර »

ජීවිතයේ යථාර්ථය විනිවිද දුටු කුමාරගම

 

කොළඹ යුගයේ තරුණ කවීන් අතර කැපී පෙනෙන කවීහු කිහිප දෙනෙක් වූහ. සාගර පලන්සූරිය, අල්විස් පෙරේරා, චන්ද්‍රරත්න මානවසිංහ, එච්.එම්. කුඩලිගම හා මීමන ප්‍රේමතිලක ඒ අතරින් පෙරමුණේ සිටියහ.

මේ සියලුම කවීන්ට වඩා අපූරු ප්‍රතිභාවකින් යුත්, ජීවිතයේ යථාර්ථය විනිවිඳ දුටු කවියකු වශයෙන් විමලරත්න කුමාරගමට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.

විස්තර »

කුරක්කන් කවි ගොඩට ම දමා ලේබල් කළ
 නුවර කලාවියේ ඇඹරුම් හීපද

 

පේ පාරම්පරික ජන කවිය උපත ලද්දේ ජනතාව විසින් යෙදෙන එක් එක් වෘත්තීන් පාදක කොටගෙන ය.

කුරක්කන් කවි ගැල් කවි, පාරු කවි, පතල් කවි, නෙළුම් කවි ආදී කවි වර්ග ඒ ඒ වෘත්තීන්ට ආවේණික වූ ක්‍රියාකාරකම් තේමා කොටගත් ඒවා ය. යම් යම් කාර්යයන්හි නියැලීමේ දී ඒ සඳහා වන මහන්සිය විඩාව දුරුකර ගැනීමට කවි කීහ.

විස්තර »

කවිකාර කොම්බි

 

න්සලට බදරැස්කාල (පිරිලා තදබදවෙලා) හිටපු සෙනඟ කන්දරාව ගල්ගිල්ලැහැ බලාන හිටියා. ආරච්චියයි ගෝලයෝ දෙන්නයි හාමුදුරුවෝ ගාව වැටිල නමස්කාර කොරලා කොම්බී දිහා බැලුවා.

”මුලාදෑනි මහත්තැන් මින් මනත හරි දැනගන්ඩ කුපාඩි කොමටයි මුලාදෑනි කොමටයි ඉනකඩ අහක් කරන ගෑනු හැමතැනම නැති බව“ කොම්බී බස බස ගාලා කියවාන ගියා. ඒ අවුඅස්සේ ලොකු හාමුදුරුවෝ කතා කරා.

විස්තර »