අපේ මාතෘ භූමිය පරාධීන කළ නොහැකිය

 


 

මහාචාර්ය ගුණපාල මලලසේකර

අප බුදුන් තුන් වාරයක් ලක්දිවු වැඩ තුදුස් තෙනක් පාරිභෝගික කොට අරක් දී වැඩියාහු ය. එසේ හෙයින් මේ ලක්දිව නම් මිථ්‍යා දෘෂ්ටි ගත් රජුන්ට නො සීහෙනු ඒකාන්ත ධර්මයෙක. සම්‍යක් දෘෂ්ටි ගත් රජුන්ට ම සීහෙනු ද ඒකාන්ත ධර්මයෙක.

විස්තර »

බළල් ඇස්

 

සීතල සුළඟක් හෙමින් හෙමින් ඇඟේ දැවටෙනවා යාන්තමට සුද්දිට දැනුණා. රෑ තිස්සේ ගුලිවෙලා හිටපු නිසා ඇඟ හිරි යන්න අඹ ගහේ කඳ පහුරු ගාලා මිදුලේ වැලි ගොඩ උඩට ඇවිත් ටිකක් හාන්සි වුණා. අව් රස්නේ ඇඟට දැනෙන කොට ආයෙත් ඇස් පියවෙලා ගියේ සුද්දි දන්නෙ ම නැතු ව.

ලියන මහත්තයා කඩේ පැත්තේ ගියා ම ආපහු එන්නේ සෑහෙන වෙලාවකට පස්සේ.

විස්තර »

ජයසිරි සේමගේ ගේ
කුස පබාවතී සිත්කම් සරණිය -41

 


 

’පබවත් වෙත ගොසි
අඬා වැඳ පද සිප ගෙ
කිවෙන් සිත් බිය ගෙ
නික්ම’වුත් සහ නඟුන් සත්දෙ




 

තෙරේෂෙච්කා

 

රුසියාවේ විසූ එක් වියපත් යුවළකට දරුවෝ නොසිටියහ. මේ හේතුවෙන් ඔවුන් පසුවූයේ මහත් කනස්සල්ලෙනි. දිනක් මේ මැහැලිය වනයෙන් සොයාගත් දැව කැබැල්ලක් සිය උකුල මත හොවා නැළැවිල්ලක් ගයමින් සිටිනා විට අරුම පුදුම යමක් සිදුවිය. ඒ දැව කැබැල්ලට ජීවය මුසුවිය. එයින් බිළිඳකු උපණ. දෙමහල්ලෝ අමන්දානන්දයට පත්වූහ. ඔවුහු සිය පුත්‍රයාට තෙරේෂෙච්කා යැයි නම් තැබූහ. පුතු ඉක්මනින් වැඩිණි. යහපත් දරුවකු වූ ඔහු අසල ගංගාවේ ඔරු පැදීමටත් මාළුන් දඩයමටත් ලොල් විය.

  විස්තර »

මානව හිමිකම් හරිහැටි බුක්ති විඳින්නේ
ලොව කී දෙනා ද

 

මොහාන් සමරනායක

සෑම වසරක ම මානව හිමිකම් දිනය දෙසැම්බර් මස 10 වැනිදාට යෙදී තිබේ. 2009 වසර මානව හිමිකම් දින තේමාව වී තිබුණේ “විවිධත්වය වැලඳ ගැනීම තුළින් වෙනස්කම් පිටුදැකීම” යි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු මධ්‍යස්ථාන සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය එක් ව 2009 වසර මානව හිමිකම් දිනයේ දී මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීය.

විස්තර »

සාහිත්‍ය කලාව මෙරට ප්‍රචලිත වුණේ
පුවත්පත නිසයි

 

ආචාර්ය ධනපාල බාලගේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (B. A) ගෞරව උපාධියත් ඒ විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති  (M. A) උපාධිය හා දර්ශන සූරී (PH.D) උපාධිය ලැබූ ආචාර්ය ධනපාල බාලගේ සැලැසුම් සේවා තරඟ විභාගයෙන් ලංකාවේ දෙවැනියා ලෙස සමත් වූයේ ය.

ඔහු ශ්‍රී ලංකා සැලැසුම් සේවයේ අධ්‍යක්ෂවරයකු ලෙස රත්නපුර හා මොනරාගල වැනි දුෂ්කර පළාත්වල සේවය කළ නිහඬ උගතෙකි.

විස්තර »

නිදහස සමරණ මොහොතේ සිහිපත් කළ
යුතු ම සංසිද්ධියක්

 

දහසේ හැට දෙවන සංවත්සරය යෙදීම නිමිතිකොට ගනිමින් තෝරාගත් මේ ලිපිය 1934 සැප්තැම්බර් 09 වන ඉරිදා සිළුමිණ පුවත් පතේ පළ වූවකි. මේ ලිපිය අප උපුටා ගත්තේ 1998 පෙබරවාරි ‘සිව්දෙස’ සඟරාවෙනි. සිළුමිණ සඳහා මේ ලිපිය සපයා ඇත්තේ ඉතිහාසඥයකු වූ ජේ. ඒ. විල් පෙරේරා මහතා ය. ශශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නැව් නැංවීම, ශෝකයෙන් පීඩා විඳිමිනුත් වීරයකු ලෙස හැසිරීම, 17 වසරක් සිර භාරයේ සිට මිය ගිය සිංහලේ අන්තිම රජතුමා යන මාතෘකා ඒ ලිපියට යොදා තිබුණි.

විස්තර »

යකඩ යකාගේ රස කතාවක්

 

පද්මා එදිරිසිංහ

මේ කතාව නුවර දුවන යකඩ යකා හෝ බදුල්ල බලා යන පොඩි මැණිකේ ගැන නොවේ. දුම්රියේ උපත ගැන කතාවකි. එය සයුරෙන් එතරදී සිදු වූ උපතක් බව කීම ද අනවශ්‍ය වන්නේ එය බොහෝ දෙනා දන්නා කරුණක් නිසා ය.

අද බොහෝ දුම්රිය අඟුරු නොකතත් අඟුරු සමඟ කිසි ම සම්බන්ධයක් නැතත් දුම්රිය බිහි වූයේ ගල් අඟුරු ගොඩේ ය.

විස්තර »