ස්වතන්ත්‍ර නිර්මාණයක් කරනවට වඩා
පරිවර්තනයක් කිරීම අමාරුයි

 


 

අභය හේවාවසම්

ඓතිහාසික තොරතුරු සංගෘහිත ලංකා ඉතිහාසය පිළිබඳ, ලංකාවේ ජීවත් ව සිට නිර්මාණාත්මක ව සටහන් කළ විදෙස් ලේඛකයන්ග් කෘති මතු නොව පිදෙල් ක්‍රස්ත්‍රෝ වැනි ලෝක පූජිත දේශපාලනඥයන් පිළිබඳ චරිත කතා ද එකසේ නිර්මාණශීලී ව පරිවර්තනය කළ අභය හේවාවසම් මහතා නිහඬ ලෙස මේ රටට විශාල සේවාවක් කළ ලේඛකයෙකි.

විස්තර »

දරුවන් ඇති අම්මාලා

 

මා එදා ඒ සාප්පු සංකීර්ණයට ගියේ මගේ කුඩා පුතු ප්‍රෑමයේ හොවාගෙනයි. යම්තම් බහ තෝරන වියේ සිටි සුරතලකු වූ නිසා ඔහු ප්‍රෑමයෙන් පිටතට නොවැටෙන සේ බඳින ලද රැහැනකින් යුතු ව සිටි බැවින් මට ඉන් වැටෙතැයි ඒ ගැන කිසිදු අවිශ්වාසයක් නොවී ය.

අප නිවසේ සිට වැඩි දුරක් නොවූ ලන්ඩනයේ අර්ල්ස්කෝට් උමං දුම්රිය අසල වූ වයිට්ලීස් සාප්පු සංකීර්ණයට ඇවිද යෑමට මා පුරුදු ව සිටියේ විනෝදයට මෙනි.

විස්තර »

ජයසිරි සේමගේ ගේ
කුස පබාවතී සිත්කම් සරණිය -40

 


 

අප රදුන් හට ස
දෙව පබවත් බිසොව ව
නැත කරව යුදව
කියා යැව්වෝ ලියවමින් ප ො

ත්
ත්
ත්
ත්

 

සූරයා

 

ක් ගමක එක් සූර තරුණයෙක් වාසය කෙළේ ය. ඔහු උපක්‍රම දනී. මනා නුවණැ’ත්තෙකි. දිනක් ඔහු වනයේ ඇවිදිමින් සිටිනා’තර මහා හඬක් ඇසී වහා ම ගසක් සෙවණෙහි වූ බිම් ගෙයකට පිවිස සැඟැවී ගති.

එසේ හඬ දෙමින් පැමිණියේ සොර මුලකි. ඔවුහු ඒ ගස සෙවණෙහි වාඩිගෙන තම තමන්ගේ වීරකම් පිළිබඳ පුරසාරම පටන් ගත්හ.

”මං නම් මගේ මුදල් ගස් බෙනයක හංගනවා” එකෙක් කීය.

අනෙක් ඇත්තෝ ද මුදල් සඟවා තබන්නට ගත් තීරණ දැනුම් දුන්හ. බිම් ගෙයට වැදී මෙතෙක් නිහඬ ව සිටි සූර තරුණයා එක්වර ම මහා හඬින් කෑ මොර දෙන්නට විය:

  විස්තර »

මිනිස් පණිවුඩය

 

ද්ධාගම වූ කලී ආගමෙක් පමණක් ම නො වේ. එයට අයත් ඓතිහාසික පසුබිම ද, සාහිත්‍යය සහ කලා ද, දර්ශනය ද, සමාජ, දේශපාලන, අධ්‍යාපන යන ආයතන ද, ශික්ෂා සංග්‍රහය ද යන මේවා ගෙන බලන කල එය පරිපූර්ණ ශිෂ්ටාචාරයෙක් ද වෙයි.

එහි සම්භවය ගංගා නම් නදීයගේ නිම්නයේ විය. එතැනින් පටන් ගෙන එය දඹදිව මුළුල්ලේ පැතිර ගියේය. ඉක්බිති අශෝක මහාධිරාජයාගේ පුත්‍ර රාජකීය ධර්මදූත මහින්ද මහ රහතන් වහන්සේ විසින් ලංකාවට ගෙනෙන ලදුව අවුරුදු දෙදහස් පන්සියයකට පසු අදත් එය මූල පරිශුද්ධත්වයෙන් යුතුව විරාජමාන වෙයි.

විස්තර »

ඉපැරැණි බවේ හා නවීනත්වයේ සංකලනය මහගමසේකරයන්ගේ චිත්‍ර කලාව

 

හගමසේකර නම් නිර්මාණාත්මක චිත්‍ර ශිල්පියා අප අතරින් වෙන් වී පසුගිය 14 වර්ෂ 34ක් ගතවිණි. මේ ලිපිය මහගමසේකරයන්ගේ චිත්‍ර කලාව සම්බන්ධ වූවකි.

මහගමසේකර නම් අපූර්ව සිත්තරා 1929 අප්‍රේල් මස 07 වැනි දින සියනෑ කෝරලයේ රදාවාන නම් සුන්දර ගම්පියසේදී මහගමගේ ජෝන් අප්පුහාමි සහ රණවක ආරච්චිගේ රොසලින් නෝනා නම් යුවලට දාව ඉපදිණි. පවුලට සිටි එක ම දරුවා මහගමසේකර ය.

විස්තර »

බස රැකගත් හෙළ හවුල

 

වැරැදි සිංහල භාෂා ව්‍යවහාරය නො කෙලෙසා ඉදිරියටත් පවත්වා ගෙන යාමේ අරමුණෙන් 1941 ජනවාරි මස 11 වැනිදා කුමාරතුංග මුනිදාස පඩිවරයාණන් ගේ මූලිකත්වයෙන් ඇරැඹි හෙළ හවුලට මේ වසරේ ජනවාරි 11 වැනි දාට හැට නව වසරෙක් සැපිරිණි.

නිවැරැදි බස් වහර රැකැගැනීමේ පිවිතුරු චේතනාවෙන් ඊට ම කැප වී ක්‍රියා කරන මේ සා දිගු ඉතිහාසයක් ඇති වෙනත් භාෂා සංවිධානයක් දක්නට නො ලැබේ.

විස්තර »

කවිකාර කොම්බි

 

ගාව සුමානේ කලුවර ලීයෙන් හදවාපු පබිලියන් ඇඳක් පටවාගත්තු පිංහාමිගෙ කරත්තේ පංසල් වත්තට ඇතුල් වුනා. ලොකු හාමුදුරුවෝ ආවාසයේ හිටන් තලඅත්තක් ඉහලාගන හිරි පොද වැස්සේ පංසල් මිදුලට වැඩම කරා.

”ඈ පිංහාමි උපාසක මොකදෑ මේ ඇඳක් පටවාන”

”අපේ හාදුන්නේ විදානේ රාල හීනාබාස්ගෙ වඩුමඩුවෙන් මේ ඇඳ පටවලා දීලා කීවා පංසලට බාර කොරන්ඩ කියලා.

විස්තර »