කතා කරන්න ඕනෑ තරම් දේ තිබියදී
පරිවර්තන නාට්‍ය කුමට ද

 


 

ආර්. ආර්. සමරකෝන්

හැටේ දශකයේ නාට්‍යකරණයට ප්‍රවිෂ්ට වූ රණසිංහ රාජපක්ෂ සමරකෝන් හෙවත් ආර්. ආර්. සමරකෝන් ස්වීය අනන්‍යතාවකින් හෙබි කුසලතාපූර්ණ නාට්‍යවේදියෙකි, නවකතාකරුවෙකි. කිසිදු විශ්වවිද්‍යාලයකට හෝ ගුරු කුලයකට අයත් නොවී ස්වාධ්‍යායෙන් නාට්‍ය කලාව ප්‍රගුණ කළ ඔහු ‘ලෙඩක් නැති ලෙඩෙක්’ (1965), ‘චරිත දෙකක්’ (1967), ‘අහසින් වැටුණු මිනිස්සු’ (1971), ඉඩම (1975), කැලණි පාලම (1978), ‘ජේලර් උන්නැහේ’ (1986), ‘දූවිලි’ (1990), ‘රජ කතාව‘ (1991), ‘කපුටු බෝ’ (2006) වැනි නිර්මාණ ඔස්සේ දේශීය ස්වතන්ත්‍ර නාට්‍ය කලාවේ නිම් වළලු පුළුල් කළේ ය.

විස්තර »

වත්තෙ මහත්තයා

 

ටින් ගොඩින් අඳුර වැටෙමින් තිබුණි. වේලාව සවස හය පසුවන්නට ඇතැයි සිතේ. රබර් යායක් මැද පිහිටි සරෝජිගේ ලැයිමට දහවල් කාලයේ පවා නිසි පරිදි හිරු එළියක් නොලැබෙන බැවින් යන්තම් සවස හය වන විට, මූසල අඳුරක් ලැයිම පමණක් නොව ඔවුන්ගේ ඇඟ පතද වෙලාගෙන පැතිරේ.


මේ වන විට ලැයිම් පේළිය වටා රොක් වෙමින් තිබූ අඳුර ද ස්වාභාවික අඳුරක් නොව වත්තේ රබර් යාය විසින් නිර්මාණය කරන ලද්දකි.

විස්තර »

ජයසිරි සේමගේ ගේ
කුස පබාවතී සිත්කම් සරණිය -39

 


 

එක ම දූ උදෙ
අප සත් දෙනෙකු මෙ ලෙ
ගෙන්වී යයි අනි
වෙමින් මදු නිරිඳුන්ට සරො

සා
සා
සා
සා

 

යක්ෂණිය ගේ නපුර

 

ක්තරා පිටිසරබද රුසියානු ගම්මානයකට එක් කලෙක දී මරණය අතිශය සුලබ සිදුවීමක් විය. හැමදිනක දී ම එක් පවුලක අය මරණය කරා යති. නපුරු යක්ෂණියක් සෑම සවසක ම එක් නිවෙසක දොරකට සන් කරයි. එවිට දොර ඇරේ. පවුලේ ඇත්තෝ මරණයට පත් වෙති.

මුළු ගම ම යක්ෂණිය කෙරෙහි බියපත් වී සිටියි. යක්ෂණිය ද එ ගම මුළුමනින් ම සිය ආධිපත්‍යයට ගෙන සිටියා ය.

මේ අතර දිනක් අභීත රණවිරුවෙක් ගමට ආවේ ය. ඔහු මේ ආගන්තුක ගම්මානයට පිවිස එක් නිවෙසක් වෙත විත් මෙසේ කීය;

”දයාබර නිවැසියනි, අද රැය මෙහි ගත කිරීමට ඉඩ දෙනවාද?

  විස්තර »

අපේ සිංහල නම්

 

1958 වසරේ සැප්තැම්බර් 14 වැනි දින ‘සිළුමිණ’ පුවත්පතේ පළවූ ලිපියකි.

කළුපැහැ හෙයින් කාවන් තිස්ස යයි ද මුඩු හිස් ඇති හෙයින් කළුන්නා යයි ද මහරවුළු ඇති හෙයින් මහ දැළියා කිස් යයි ද, විසල් වරල ඇති මහ සිළු මහ තිස් යයි ද, ඇදුණු දත් ඇති හෙයින් රියන් දළා යයි ද රජහු නම් ලදහ. චොර නාග කරල් සොර, හැළි ගැරඩින් ඉස් කෑ මිහිඳු රියන් දළ ආදී රජුන්ගේ නම් වර්තමානිකයන්ට නම් කෝලාහාල කිරීමට ප්‍රමාණවත් වේ.

පැවැත්මෙහි වෙනස් කම් ඇනුව එක් මිනිසකුගේ නම කීප වරක් වෙනස් වූ තැන ද දක්නා ලැබේ.

විස්තර »

‘කතාවෙන් කතාවට’ වසරක් පිරේ

 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභිනව සිංහල වැඩසටහන් ව්‍යුහයේ ගුණාත්මක භාවයක් ඇති කරනු පිණිස යෝජිත ව්‍යාපෘතිවලින් එකකි විනෝදාස්වාදය අධ්‍යාපනය හා වින්දනය යන ‘කතාවෙන් කතාව‘ නම් වූ සජීවී වැඩසටහන.

ලෝකප්‍රකට ඉංග්‍රීසි ගුවන් විදුලි වැඩසටහනක් වූ ‘ස්ටෝරි ටෙලර්ස්’ අනුගත ‘කතාවෙන් කතාව“ ස්වීය භාවයෙන් යුතුව සැලසුම් කොට මෙහෙයවනු ලබන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්. කතා කරුවන් ලෙස පෙනී සිටින කරුණාරත්න අමරසිංහ, අමරදාස ගුණවර්ධන හා සුනේත්‍රා ප්‍රියදර්ශනී විතානයන් යන ශිල්ප මණ්ඩලයකි.

විස්තර »

ඥානාලෝකයෙන් සිත් පහන් කළ ප්ලේටෝනියානු ආදරය

 

සුගියදාක ඔබ කියැවූ නේරු - එඩ්විනා ‘ප්ලේටෝනියානු ආදරය’ පිළිබඳ නවමු හෙළිදරව්ව වූ ‘ඔවුන් අතර තිබුණේ ප්ලේටෝනියානු ආදරයක්’ සංලාපයේ දී එඩ්විනා මවුන්ට්බැට්න්ගේ කනිටු දුවණිය පැමෙලා මවුන්ට්බැට්න් හික්ස් ඉහත ඇලුම්කම හා සමසේ ගෙන උපමා තැබුවේ මධ්‍යගත යුගයේ නයිට්වරුන් වෙත තිබූ  Chivalric Love  හෙවත් ‘ශිෂ්ට ආදරය’ යන්නකි. එහෙත් ඊට එකඟ විය නොහැකි ය.

විස්තර »

කවිකාර කොම්බි

 

හ පෝයට පුරා හඳ මෝදු වෙන අල්ල පනල්ලේ කොම්බී නාගන වක්කරාන ගෙදර ආවා. හොරොව්පතාන මාමන්ඩිලෑ ගෙදර හරි කසි බිසියක්. කොම්බී ගෙනාපු වී කුරහන් ටික දෙමළ කඩේට දීලා ගමට අරන් යන බඩු සැරි වැරි කරන්ඩ මුදලාලිට බාරකරලා මාමලෑ ගෙදර ආවා.

රෑට බතට කලියෙන් පන්සල් යමු කියාපු හින්දා මාමගේ නෑම්බියෝ දෙන්නත් තඩලාන කොම්බී පන්සල් ගියා.

විස්තර »