වියරණ දොස් නැති එක කෘතියක් මට පෙන්වන්න

 


 

මහාචාර්ය රත්නසිරි අරංගල

පසුගිය වසරේ පෙර නොවූ විරූ පරිද්දෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථ වගේ ම නිර්මාණාත්මක සාහිත්‍යයට අදාළ ග්‍රන්ථ බිහිවීමක් දක්නට ලැබුණා. මේ ප්‍රවණතාව ලාංකේය නවකතා කලාවේ සාධනීය ප්‍රබෝධයක් ලෙස සලකා අපට සතුටු විය හැකි ද?

එවැනි තත්ත්වයක් බැලූ බැල්මට පෙනෙනවා. නමුත් ග්‍රන්ථකරණයේ යෙදෙන බොහෝ නිර්මාණකරුවන් ඒ පිළිබඳ හැදෑරීමකින් හෝ අධ්‍යයනය කිරීමකින් තොරව මේ කාර්යයට අනුගත වෙලා ඉන්නවා කියන හැඟීමකුත් මට තියෙනවා......

විස්තර »

 ඉල් මහේ දවසක් දා

 

‘කෝච්චිය යන්නෙ නැහැල්ලු අම්මෙ”

”ඒ මොකද”

ඉස්ටයික් එකක්ලු”

”ඉස්ටයික් කියන්නෙ”

දුම්රිය පොළේ ටිකට් කවුළුවේ සිට පැමිණි සුමනාවතී පැවසූ වචනය ඇයගේ මවට පැහැදිලි නොවුණි. ඒ වචනයේ තේරුම තම මවට පැහැදිලි කරදීමට තරම් අවබෝධයක් සුමනාවතීට ද නොවී ය. බලාපොරොත්තු කඩවනසුලු හැඟීමක් ඒ වචනය ඇසීමෙන් සුමනාවතීගේ සිතට ඇතුල්විය.

විස්තර »

ජයසිරි සේමගේ ගේ
කුස පබාවතී සිත්කම් සරණිය -38

 


 

එවිගසම සහ සැ
මදුරදුන් ලියැවූ ලෙ
හසුන් සදමින් ය
යැවී සත් නිරිඳකුට සත් දෙ




 

අපූරු සොල්දාදුවා

 

ක්තරා අපූරු සොල්දාදුවෙක් ඈත රුසියාවේ ජීවත් විය. ඔහු නිතර අවන්හලකට විත් රන් කාසි වියදම් කොට අහර ගනියි. දිගින් දිගට ම මෙය සිදුවන විට අවන්හලේ හිමිකරුට ඔහු ගැන සැක පහල විය.

”මේකා සොරෙක් විය යුතුයි. මේ ගැන උසස් නිලධාරීන්ට දන්වනවා” එය එසේ ම සිදු විය.

උසස් නිලධාරීහු අවන්හලට ආහ. ඔවුහු සොල්දාදුවා ගෙන් මෙසේ ඇසූහ. “නුඹට රත්තරන් කොහෙන්ද?”

”මොන රත්තරන්ද? මා දුන්නේ නිකම් ම නිකං ඇට කැබලි පමණයි”

ඔහු මෙතෙක් අවන්හලට ගෙවූ රන් කාසි මෙවිට ඇට කැබලි බවට පත්වී ඇති සැටි අවන්හල් හිමිකරු දුටුවේ ය.

  විස්තර »

ශ්‍රී පාදයේ සිදුවන තවත් හාස්කමක්

 

ය මසක් දැඩි වර්ෂාව, සැඬ සුළං - තද මීදුම - පාළුව- වන සතුන් සමඟ වෙලී පවතින ශ්‍රී පාදය උඳුවප් පුර පසළොස්වක පොහොය යෙදෙන දෙසැම්බර් මස සිට ශ්‍රීපාද වන්දනා සමය උදාවී යළිත් පාළුව දුරුකර මිනිස් පහස ලැබීම ඇරඹෙයි. දෙසැම්බර් මස උඳුවප් පුර පසළොස්වක උදාව සමඟ රත්නපුර ගල්පොත්තාවල විහාරයේ සිට හාස්කම් පිරුණු සමන් දෙවි රුව රිය පෙරහරකින් නල්ලතන්නියට වැඩම කරවයි.

නල්ලතන්නියේ සිට සමන් දෙව් රුව ඉතා ගෞරවයෙන් හිස මත තබාගෙන පියගැට පෙළ දිගේ පෙරහරින් වැඩමවීම චාරිත්‍රයයි.

විස්තර »

සිනමා වාරණයේ සත්‍යය

 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසයන් විසින් පවත්වන ලද 2006/2007 සිග්නිස් උත්තමාචාර උළෙලේ තේමා දේශනය.

මාගේ දේශනයට සූදානම් වන විට අනිවාර්යයෙන් ම කියන්ට ඕනෑ යැයි සිතූ කථා වස්තුවක් මාව පොලඹවනු ලැබුවා. මෙය සිනමාව කලාව ගැන උනන්දු ඔබත් කවදා කොහේදී හෝ කියවා ඇතැයි මට සිතුණත් මම මෙය කියන්නම්.

එක් තරුණියකි. ඇගේ සිහිනය කන්‍යා සොහොයුරියක් වී සිය ආධ්‍යාත්මික සුවය ලැබීම ය. ඈට හිමි එක ම නෑයා වැන්දඹු මාමා කෙනෙක් පමණි.

විස්තර »

නිර්මාණය විචාරය හා සමාජය විනිවිදින ගුරුමුෂ්ටි

 

කේ.ජයතිලක නම් වූ කෘතහස්ත ලේඛකයා සිය ලේඛන කාර්යයෙහි ලා ප්‍රමුඛ වශයෙන් නිරත වූ විෂය ක්‍ෂේත්‍රය ‘නිර්මාණ සාහිත්‍යය’ බව අපි දනිමු. එහෙත් මෑත භාගයේදී ඔහු විසින් එළිදක්වනු ලැබූ කෘතීන් වර්ගීකරණය කළ හැකි වන්නේ ‘නිර්මාණ සාහිත්‍යය’ වශයෙන් ම නො වේ.

එතෙකුදු වුවත් ඒ හැම තුළින් නිර්මාණකරණයේ යෙදෙන්නෙකුට උරා පෙරා ගත හැකි සාරයක් ද තිබේ. සාහිත්‍යයික, ආගමික, දේශපාලනික, දාර්ශනික ආදී වශයෙන් වන විවිධ .......

විස්තර »

කවිකාර කොම්බි

 

හුවෙනිදා පානු පැයට කොම්බියි උන්ගේ අප්පයි තෙත්තික්කාර කොලු පැටියයි මඟට බැස්සේ තමුන් හුවමාරු කරපු බඩුවලින් කරත්තේ පුරවාගන. කුම්බලා කරවල, කොඩුවා කරවල, තල් හකුරු, දුන්කල, අල, ළූනු, කලු සුරුට්ටු වාගේ එව්වා බොහොම ලාබෙට කරත්තෙට පිරුනා.

ආපහු එන අල්ල පනල්ලේ කහටගහදිගිලිය ගම්මැද්දට ගිහුන් ආරච්චිලට සුරුට්ටු මිටියක් දුන්කල දෙක තුනක් දීලා එන්ඩ කොම්බී අමතක කරේ නෑ.

විස්තර »