|

නවකතාකරුවා ලිවිය යුත්තේ කුමක්ද? නවකතාකරුවාට
ලියන්නට ඇත්තේ කුමක්ද? ප්‍රථමයෙන් ම,
නවකතාකරුවා යනු සමාජයේ තමා අවට සිදුවන දෑ
පිළිබඳ ව ඉතා සාවධාන ව හා විමර්ශනශීලී ව බලා
සිටින්නෙකි.
සැබවින් ම කිවහොත් බල්සාක්
කියන්නාක් මෙන්, නවකතාකරුවා යනු තමා අවට
ලෝකයෙහි කාරණාකාරණා ඉතා සාවධාන ව, වෙහෙස
මහන්සියෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීම මගින් ‘මානව
ආකාරයන් පිළිබඳ සිතුවම් මවන්නකු’ වීමටත්,
‘අභ්‍යන්තර මානව නාටකයන්හි පොතේ ගුරකු’ වීමටත්
‘සමාජයීය භෞතික දේපළ පිළිබඳ ව පුරා
විද්‍යාඥයකු’ වීමටත් ‘හොඳ නරක පිළිබඳ
ලියාපදිංචිකරුවකු’ වීමටත් හැකි තැනැත්තෙකි.
විස්තර » |