අද බිහිවෙන බොහෝ නවකතා
ශාස්ත්‍රීය ග්‍රන්ථ වගේ

 


 

ජයසේන ජයකොඩි
 

ප්‍රවීණ ගත්කතුවර ජයසේන ජයකොඩි මහතා පසුගිය 17 වැනි බ්‍රහස්පතින්දා සිය හැත්තෑහතර වැනි ජන්ම දිනය සැමැරුවේ ය. වියපත් භාවයක ස්වභාවයකුදු නොමැති ව සිනාමුසු ව උද්‍යෝගයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රය පිළිබඳ වැදගත් අදහස් රාශියක් ඉදිරිපත් කළ මේ ප්‍රවීණ ලේඛකයා, මේ දිනවල ‘මහ කසුප් හිමි’ නමින් කෘතියක් සම්පාදනය කරමින් සිටී.

විස්තර »

පේ‍්‍රමසිරි කේමදාසයන් පශ්චාත් නූතනවාදියෙක් නොවේ

 

ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවය සිංහල කියවන සමාජයේ අදහස් මහා ඕඝයක් මුදා හැරියේ ය. හැම කෙනෙකුට ම පාහේ කියන්නට යමක් තිබුණා මෙනි. දැන් ඒ අදහස් පිළිබඳ විග්‍රහයක් කරන්නට සුදුසු කාලයයි.

මේ ලිපිය කේමදාසයන්ගේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක් නොවේ. අපගේ මේ උත්සාහය කේමදාසයන්ගේ අභාවයත් සමඟ සිංහල සමාජයේ පළ වූ අදහස් සමුදායේ හරය වටහා ගන්නට සහ ඒ පිළිබඳ සමාජ විචාරයක් සම්පාදනය කරන්නට ය.

විස්තර »

ඔබට නවකතාකරුවකු වීමට අවශ්‍ය ද

 

නවකතාකරුවා ලිවිය යුත්තේ කුමක්ද? නවකතාකරුවාට ලියන්නට ඇත්තේ කුමක්ද? ප්‍රථමයෙන් ම, නවකතාකරුවා යනු සමාජයේ තමා අවට සිදුවන දෑ පිළිබඳ ව ඉතා සාවධාන ව හා විමර්ශනශීලී ව බලා සිටින්නෙකි.

සැබවින් ම කිවහොත් බල්සාක් කියන්නාක් මෙන්, නවකතාකරුවා යනු තමා අවට ලෝකයෙහි කාරණාකාරණා ඉතා සාවධාන ව, වෙහෙස මහන්සියෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීම මගින් ‘මානව ආකාරයන් පිළිබඳ සිතුවම් මවන්නකු’ වීමටත්, ‘අභ්‍යන්තර මානව නාටකයන්හි පොතේ ගුරකු’ වීමටත් ‘සමාජයීය භෞතික දේපළ පිළිබඳ ව පුරා විද්‍යාඥයකු’ වීමටත් ‘හොඳ නරක පිළිබඳ ලියාපදිංචිකරුවකු’ වීමටත් හැකි තැනැත්තෙකි.

විස්තර »

 

 පලා ගිය තාපසයා

 

 

‘අපූර්ව‘ නම් වූ දිවයිනකි. එහි අපූරු මිනිසෙක් වාසය කෙළේ ය. හෙතෙම ‘මධුර’ නම් විය. ඔහු දිවි ගෙවූයේ තාපසයකු ගේ විලාසයෙනි. මධුර සැරසී සිටියේ දුඹුරුපාට ලෝගුවක් වන් ඇඳුමකිනි. හිස කෙස් හොඳින් වැවී තිබිණ.

මනාව වැඩුණු රැවුළ ඔහු ගේ මුහුණෙන් දිස් වූ ශාන්ත ස්වභාවයට ගැඹුරු බවක් ද එක් කළා සේ ය. කිසිවකු තමා අසලට පැමිණි විටත්, සමුගෙන ඉවතට යන විටත් ආශිර්වාද ලීලාවෙන් සුරත ඔසවා “ශාන්ති... ශාන්ති...” යනුවෙන් මිමිණුවේ ය.

 විස්තර »

නපුරේ අවසානය

 

ක්තරා රාජ මාලිගයක විසු එක් රාජ කුමරියක ගේ මරණ මොහොත ළඟා විය. ඒ බව හොඳින් වටහා ගත් ඈ සිය පිය රජු අමතා මෙසේ කීවා ය. “තාත්තේ මා මළ පසු ප්‍රධාන පූජකයාගේ කුඩා පුතු මගේ දෙණ අසල තුන් දිනක් ම බයිබලය කියැවිය යුතුයි. මෙය මාගේ අවසාන ඉල්ලීමයි.” ඇත්තෙන් ම දින කිහිපයක් ඇතුළත ඇගේ මරණය සිදුවිය.

පිය රජතුමා අතිශය කම්පාවට පත් ව එහෙත් සිය දියණි ගේ දෙණ හුදෙකලා කුටියක තැන්පත් කොට පූජක පුතු ලවා බයිබල පාඨ කියැවීමට සැලස්වූයේ, තම දියණි ගේ අවසාන කැමැත්ත ඉටු කර දෙනු කැමැත්තෙනි.

  විස්තර »

අන්තිම මොහොතතෙක් ලිවීම මගේ බලාපොරොත්තුවයි

 

සිහිල් එම්. සිරිසේන

ලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් උපහාරයට ලක්වූ ප්‍රවීණ ලේඛක සිහිල් ඇම්. සිරිසේන හොරණ ශ්‍රී පාලි නිකේතනයේ ආදී ශිෂ්‍යයෙකි. ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ චිත්‍ර කලා අංශයේ ප්‍රධාන කථිකාචාර්ය හා කැලණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද දිගු කාලීන පුළුල් මෙහෙවරක නියුක්ත වූ සිහිල් අද ජීවිතයේ සන්ධ්‍යා සුවය ගත කරමින් සාහිත්‍ය භාෂා හා කලා පෝෂණය උදෙසා මෙහෙවරක නියුක්ත ව සිටී. කවියට ලේඛනයට චිත්‍රයට මාධ්‍ය ක්ෂේත්‍රයට සහ දේශනයට ඔහු තවමත් නිබඳ පූර්ණ දායකත්වය ලබාදෙයි.

විස්තර »

ගෙවුණු වසරේ සාහිත මංසලකුණු

 

2008 වසරේ ප්‍රශස්ත නවකතා සඳහා පිදෙන ප්‍රකාශක උත්තමාචාරය වූ “ස්වර්ණ පුස්තක සම්මාන” උළෙලද උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබුවේ කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී තෙවැනි වරට ය. ස්වර්ණ පුස්තක ඇගයීම් අතර හොඳ ම කෘති පහට නිර්දේශ වූ නාමයන් ද ඒ කෘතීන් ද මෙසේ ය.

ප්‍රශස්ත නවකතාව සඳහා බටුවන්ගල රාහුල හිමියන්ගේ “බොර තෙල්”, කරුණාදාස සූරියආරච්චිගේ “අන්ධකාර තාරකාව”, කැත්ලීන් ජයවර්ධනගේ “සත්‍යකාම”, මහාචාර්ය චන්‍ද්‍රසිරි පල්ලියගුරුගේ “එපුර රැජැයූ ඇය” සහ සුනේත්‍රා රාජකරුණානායකගේ “පොදු පුරුෂයා” යන නවකතා නිර්දේශ වී තිබිණි.

විස්තර »

කවිකාර කොම්බි

 

හුවෙනිදා පානු පැයට කොම්බී නිදි පැදුරෙන් නැඟිටින කොට වටකර බුදියාන හිටිය නෑම්බියෝ ටික කුස්සියේ කසි බිසියේ බත මාලු පිනි හදනවා. කෙල්ලට වැව දිහාට්ට ගිහුන් එලිපහලියේ යන්ඩ හීං පැංචියක් හඹුඩු වුනා. හීල් පිහමනට තිබුණු කොකස්සෝ (වැව් මාලු විශේෂයක්) වෑංජනෙයි බතුයි එක්ක සප්පායන් වෙලා කරත්තේ බැන්දා.

කොම්බි ආරච්චිලගෙ හාන්සි පුටුව ගාවට ගෙහුන් ආරච්චිලට වැඳලා එහෙම අපුච්චයි පැටියයි කැටුන් කරත්තෙට වාරු දුන්නා. එදා දොහේ දාච්චිහල්මිල්ලෑව කුඩාපට්ටිය මොරකෑව පහුකරාන මහදන් වෙලාව පහු වෙනකොට හොරොව්පොතානට ආවා. බැලින්නන් දෙමළ වෙළෙන්දෝ බස බස ගගා දෙමළ කතා කොර කොරා වෙළඳන් කරනවා.

විස්තර »