ජාත්‍යන්තර සංස්කෘතික ලෝක සිතියමට
ලංකාව ගෙන යා යුතුයි

 


 

රවිබන්දු විද්‍යාපති

වි සර සවි” නමැති මේ ප්‍රසංගය සංවිධානය කළේ මා සිප් සතර හැදෑරූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ අරලිය කණ්ඩායමයි. මගේ නිර්මාණ භාවිතාවේ ධාරාවන් කිහිපයක එකතුවක් මේ ප්‍රසංගයට ඇතුළත් වුණා.

එනම් එක් අතකින් සාම්ප්‍රදායික නැටුම් ආශි‍්‍රත මගේ නිර්මාණ, සංගීත ඛණ්ඩ ආශි‍්‍රත නව නර්තන නිර්මාණ, මෙතෙක් මා නිර්මාණය කළ මුද්‍රා නාට්‍යවල කොටස් සහ ප්‍රධාන වශයෙන් බෙරය මුල් කොට ගෙන මා කළ නිර්මාණ සමුච්චයක් මීට අන්තර්ගතයි.

විස්තර »

බොරු කකුල්

 

හළයේ උළු කැට එකිනෙක බිමට බෑවෙයි. කම්කරුවෝ යුහුසුලුව වැඩ කරති. උළු සියල්ල ඒ සමීපයේ නවතා ඇති ට්‍රැක්ටරයේ ටේරලයෙහි අඩුක් කෙරේ. එහෙත් ඒවා පැටවීම විනා නොබිඳ බේරා ගැනීමේ අවශ්‍යතාවක් නොපෙනේ.

දින දෙකක් ගතවෙද්දී වහළය සම්පූර්ණයෙන් ම ඉවත් වී බිත්ති පෙරළන්නට පටන් ගෙන තිබිණ.
 

විස්තර »

මහජන රජයේ වැඩට මහජන බස

 

1970 වර්ෂයේ අගෝස්තු 23 වැනිදා සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපියක් මෙවර පුනර්පාඨනය වශයෙන් පළ කෙරේ.

හිටපු අධ්‍යාපන හා සංස්කෘතික ඇමැතිවර ඊරියගොල්ල මහතාගේ නියෝගයෙන් ඇති කරන ලද “සම්මත සිංහලය” දැන් අධ්‍යාපන ඇමැතිවර අල්හාජ් බද්උද්දීන් මහතාත් පිළිගත්තා යයි ද, පාසල් පොත් පෙළත් පෙරසේම පවත්වාගෙන යනවා යයිද, සියලුම අතිරේක කියවීම් පොත් ආදියත් රජය මඟින්ම ප්‍රකාශයට පමුණුවන ග්‍රන්ථයක්    . . . . .
 

විස්තර »

 

මෝඩ වෘකයා

 

 

ක් සුනඛයෙක් ඉතා මහලු වියට එළැඹි හඬ නගා බිරීමට පවා නොහැකි වූ තැන සිය හාම්පුතා විසින් ඒකා වනයේ අතරමං කර දමන ලදී.

මෙයින් මහත් සේ සොවට පත් ව සිටි සුනඛයාට තවත් වියවුලකට මැදිවන්නට සිදුවූයේ වෘකයකු ඒකා කා දමන්නට ඉදිරිපත් වූ හෙයිනි. වෘකයා සුනඛයා වෙත’විත් මෙසේ කීය. “මට නුඹ ඕනෑ”

”ඒ කුමටද?” සුනඛයා ඇසී ය.

 විස්තර »

 දුරස් වන විට තවත් ළං වනු පමණකිය ඔබ...

 

දිනෙන් දින දුරස් වෙමින් සිටිය ද, එය තවත් ළං වීමක් මෙන් හැඟෙන මේ ස්වභාවය ආදරය යි. එමඟින් ලැබෙන මහත් ප්‍රමෝදය පුද්ගලයා තව දුරටත් එහි බැඳලන හේතු කර්තෘකය වෙයි.

තම පි‍්‍රයාව ගේ දුරස් වීමෙන් විප්‍රවාසයට පත් තැනැත්තකු ගේ සංවේදනා සංකේතිත ගීත ප්‍රබන්ධයෙකි මේ.

1969 දී පළමු ව ගුවන් විදුලි සරල ගී වැඩසටහනක් සඳහා මහාචාර්ය සනත් නන්දසිරි සංගීතය නිමවා ගැයූ මේ ගීතය, එහි ප්‍රශස්ත රචනා චාතුර්යය විසින් 70 දශකයෙහි දී අප තුළ මහත් ආභ්‍යන්තරික පිබිදවීමක් සිදු කරන ලදී.

  විස්තර »

කවිකාර කොම්බි

 

හීංඑතනා බත් මුල කරල්ගේ කෝටු මැස්ස උඩින් තියලා අප්පුරාල ළඟට ඇවිත් කැකිරි ගෙඩියක් හප හපා ඔරකොච්චා පාරට (උපහාසෙන්) මූණ බැලුවා. මොකදෑ අද අපේ ඇත්තට “සල පතලේ” (තදියම) හිඳිලා ගිහුන් තියෙන්නේ.

ගෑනිගෙ කතාවට මිනිහා ඕනෑති විදිහට මූණ අකුලා ගත්තා. දවස් දෙක තුනකට සැරයක් හීං එතනා හේනට ආපු හැටියේ අප්පුගෙ තනිකන් ගාය නිමාගන්න හැටි හීං එතනට රාසක් නෙවෙයි.

විස්තර »

රචෙල් කාර්සන් හා ඇගේ “නිහඬ වසන්තය”-II

 

මෙලෙස විශේෂ උනන්දුවකින් මුහුද ගැන විමැසීමට පෙලැඹීම හේතු කොට ගෙන, ඇගේ පළමු ග්‍රන්ථය වූ “UNDER THE SEA- WIND” ලිවීමට ඕ පටන්ගත්තාය. “මුහුදු සුළඟ යට” යන තේරුම නඟන එම පොතෙහි ඈ සාකච්ඡා කරන්නේ; මත්ස්‍යයින් ගැන නොව පක්ෂීන් ගැනයි.
 

විශේෂයෙන් පැටගෝනියා වේ සිට උත්තරධ්‍රැව ප්‍රදේශයට කෑම සොයා දුෂ්කර ප්‍රයත්නයක යෙදෙන පක්ෂීන්ගේ ජීවන චක්‍රය, පාරම්පරික ඉව හා මුහුදු රළ පෙළේ රිද්මය ගැන තොරතුරු එහි සඳහන් වේ. මිනිස් පරිසරය තුළ ජීවත්වන අනෙකුත් ජීවීන් සමඟ පවතින සහ සම්බන්ධය ගැන කාර්සන් හැමවිටම ලිව්වේ ස්වකීය පාඨකයින් තුළ ඒ අවබෝධය තීව්‍ර වන අයුරිනි.

විස්තර »

සිංහල නවකතා විචාරය - 06

 

මහාචාර්ය විමල් දිසානායක

‘නොසෙවුණා කැඩපත’ කරුණු කිහිපයක් නිසා වැදගත් වෙයි. සිංහල නවකථාවෙහි වර්තමාන පරිහානියට එය හේතු ප්‍රත්‍ය සපයන අතර, අර්ථවත් විචාර කලාවක් බිහි කිරීමට අවශ්‍ය පදනම ද පහදා දෙයි. ඒ අතර ම නවකථාව ජාත්‍යන්තර ප්‍රපංචයක් ලෙස සැලැකීමේ අවශ්‍යතාව ද පෙන්නුම් කරයි.
සිංහල නවකථා අර්ඝනය කිරීමට උචිත විචාර මාර්ගයක් සකස් කර ගැනීමේදී ජාත්‍යන්තර නවකථාවෙහි ප්‍රවණතා ද සැලැකිල්ලට ගත යුතුය.

එදිරිවීර සරච්චන්ද්‍රයන් සිය විචාර ආකෘතිය සම්පාදනය කිරීමේදී තෝල්ස්තෝයි, දොස්තොවුස්කි බඳු ශ්‍රේෂ්ඨ නවකථාකරුවන්ගේ නිර්මාණ කෝදු වශයෙන් භාවිත කළේ ය.

විස්තර »