රූපවාහිනිය තවමත් ඉන්නේ සංක්‍රාන්ති සමයෙක

 


 

ආචාර්ය මාපා තිලකරත්න

“මහජන සම්බන්ධතා අධ්‍යයනය, සංවර්ධන සන්නිවේදනය මතු නොව ජනශ්‍රැති අධ්‍යයනය පිළිබඳ ව ද පුළුල් දැනුමක් ඇති ආචාර්ය මාපා තිලකරත්න මේ වන විට ඒ විෂයයන් ආශි‍්‍රත ශාස්ත්‍රිය ග්‍රන්ථ කිහිපයක් ද රචනා කොට තිබේ.

බටහිර සංවර්ධන සන්නිවේදන ක්‍රමෝපායන් සංවර්ධනය වෙමින් පවතින ලංකාව වැනි රටකට නොගැළපෙන බවත් ජනතාව ආකර්ෂණය කරගත හැකි අන්දමේ මාධ්‍ය භාවිතයක් ලංකාවේ නොමැති බවත් ඔහු මේ සංලාපය මඟින් අවධාරණය කරයි.

විස්තර »

දිවි මග යස ඉසුරු

 

මලානි අහස පොළොව ගැටලන්නට මෙන් කල්පනාවේ ගැලී සිටියා ය. “මෙහෙන් අම්මා ලෙඩ වෙලා. එහෙන් සමන්ත මාව හොයාගෙන එනවා. ඒ මිනිහ ව මට පේන්න බෑ. එයා මෙහේ එන එක නතර කරගන්න ඕනා.

ඒත් මං කොහොමද ඒක කරන්නේ?” ඇය තමාට ම කියා ගත්තා ය. අම්මාගේ වම් කකුලේ වළලුකර ආසන්නයෙහි හට ගෙන ඇති තුවාලය තව දින කීපයකින් සුව වනු ඇතැයි ඕ විශ්වාස කළා ය. ඇගේ සිතට මහ වදයක් වී ඇත්තේ සමන්තගේ ආගමනය යි.

විස්තර »

තිත්ත ස්වල්පය

 

ක්තරා ගම්මානයක් බියට පත්කර ගෙන සිය හපන්කම් පෑ සොරෙක් විය. එගම කිසියම් මංගල කටයුත්තක් සිදු කෙරෙන විට ඔහුට යම් අල්ලසක් ලැබිය යුතු විය. එසේ නොවූයේ නම් ඔහු ඒ මංගල්‍යයට එරෙහි ව සිය බලය යොදවනු නියත ය.

ගම්මු හැමවිට ම ඔහුට බිය වූහ. මේ බිය නිසා ම ඔහුට සැලකිලි ද ලැබිණි.

වරක් මේ ගම්මානයට සොල්දාදුවෙක් ආවේ ය. එදා රාත්‍රිය මංගල රැයෙකි. මනමාලිය ගේ දිළිඳු පියා සොරා වෙත ත්‍යාග ද ගෙන පිටත් විය යුතු මොහොත එළැඹිණි. මේ බව සොල්දාදුවාට සැළ විය.

විස්තර »

 ජීවත්වෙන බව දැනෙන්නෙ වැඩ කරන නිසයි

 

සිරිල් සී. පෙරේරා

මහල්ලා සහ මුහුදෙහි සන්තියාගෝගේ පටන් අපරාධය හා දඬුවමේ රැස්කොල්නිකව් දක්වා වූ අපමණ මිනිස් ආත්ම පාඨක සිත්සතන් හි සිතුවම් කරමින් පරපුරෙන් පරපුරට විශ්ව සාහිත්‍යයෙහි රස හුරු කළ පරිවර්තන කලාවේ පෙර ගමන්කරුවකු සමඟ පිළිසඳරක්.

‘පරිවර්තන කලාව කියන්නෙ භාෂාවකින් භාෂාවකට වචන මාරු කරන එක නෙවෙයි. පරිවර්තකයකුටත් පරිකල්පන ශක්තිය තියෙන්න ඕනැ.

 විස්තර »

මහාචාර්ය විමල් දිසානායක

 

රුණ සිංහල නවකථාකරුවන් නොමඟ ගොස් ඇත්තේ සංස්කෘතික විඥානයට පිටුපා යෑම නිසා බව ඔහු තර්ක කළේ ය. තරුණ කථිකාචාර්යවරයකු වශයෙන් මම වර්ෂ 1964 දී කෑගලු සාහිත්‍ය උත්සවයෙහිදී ‘සිංහල නවකථාවේ දේශීය පදනම’ යනුවෙන් දේශනයක් පැවැත්වූයෙමි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙම දේශනය නැවත නැවත සිය ලිපි ලේඛනවල උග්‍ර දෝෂ දර්ශනයට ලක් කළේ ය.

මෙහිදී මම කරුණු දෙකක් සඳහන් කළෙමි. පළමුවැන්න සිංහල නවකථාව බටහිර සාහිත්‍යයෙහි බලපෑම නිසා උපත ලැබූ බවයි. දෙවැන්න වර්තමාන ජපන් නවකථා කලාවෙන් සිංහල නවකථාකරුවන්ට ආභාසයක් ලද හැකි බවයි.

  විස්තර »

අධිරාජ්‍යවාදයේ කලාව හා කලාවේ අධිරාජ්‍යවාදය

 

මාටින් ලූතර් ගේ ව්‍යාපාරය ඉතා ප්‍රගතිශීලී ජනහිතකාමී එකක් යයි බොහෝ දෙනෙකුට සිතෙන්නට පුළුවන.

නමුත් එය ද පොදුජන හිතවාදී, පීඩිත පංති හිතවාදී එකක් නොව පැරණි වැඩවසම් අධිරාජ්‍යයට එරෙහි ව බිහිවූ නව වෙළෙඳ ව්‍යාපාරයට ම ආවඩන්නක් බව ලූතර්ගේ ම වචනවලින් පැහැදිලි වේ.

පුනරුදය හෝ ඉතාලි පුබුදු යුගය කී සැණින් ඕනෑ ම අයකුගේ සිතට දැනෙන්නේ මේ යුගයේ ජීවත් වූ අතිශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ අද්විතීය නිර්මාණ ගැනයි.

විස්තර »

සිංහල සාහිත්‍යයේ බෞද්ධ ලකුණ

 

‘පෙදෙන් බුදු සිරිතැ’ ආදී සියබස්ලකර කාව්‍ය රීති අනුගමනය කළ අතීතයේ බෞද්ධ සාහිත්‍යයත් සිංහල සාහිත්‍යයත් ලෙස ක්ෂේත්‍ර දෙකක් නොතිබුණි.

සාහිත්‍යයේ තේමා පමණක් නොව අභිමතාර්ථයන් ද වෙනස් වීමත් සමඟ ක්‍රමයෙන් බෞද්ධ සාහිත්‍යයක නෂ්ටාවශේෂ පමණක් ඉතිරි විය. ඒ අනුව සිංහල සාහිත්‍යයක් බිහිවී ඇත.

බෞද්ධ ආකල්ප හා බෞද්ධ සංකල්ප හරහා නිර්මාණය වන සාහිත්‍යාංග දුලභ මෙවන් යුගයක සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 2009 වසර සඳහා බෞද්ධ සාහිත්‍ය උලෙළක් සංවිධානය කර තිබීම අතිශය ප්‍රශස්ත ය.

විස්තර »

කවිකාර කොම්බි

 

න් ඉතින් කොම්බි හීං සන්දියෙම පුරාගත්තු ලෙන්ගතු කන් සේරම කඳුලු ඔලින් කෙරවල් වුනා. ඒ වෙලා ඒ හලහලු ඔලින් දඹිගහලා අහක් වෙලා දීග මඟුල් ඉට්ට සිද්ද වුණා.

එව්වලින් කඩාමාරු වෙලා නින්ගරහ විඳලා දීග අරහන් කියාගන ගෙදරටම කල දවස ගෙවෙන්ඩ තිබා ගත්තා. ඒත් ගෑනිගෙ උරුට්ටුව තෙය් තෙය් කියලා හිටන් මෝදු වුණා. විඳලා.. විඳලා විඳවලා විඳවලා පනකටුවට වැටුනත් වැටෙන්ඩ වැටෙන්ඩ කොම්බී දනිපනිගාලා නැගිට්ටා. වැලි පිහ දම දමා වැටුණු තැන හිටන් ගමන පුරාගත්තා.

අපුච්චගෙ වෙළඳන් කඩේ හරුහාරෙට ගන්ඩ වේස මාන්සි වුණා. එච්චරක් කැයි සිල්ලර බඩු පුරවාන කරත්තේ දක්කාන පිරිමියා ගානට ගංඔලට ගිහුන් වෙළඳන් කරා.

විස්තර »