අපේ නර්තන කලාව කාලානුරූප ව නවීකරණය විය යුතුයි

 


 

මහාචාර්ය මුදියන්සේ දිසානායක

ලංකාවේ පළමුවරට ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ලත් ලලිත කලාවේදී (B.F.A) උපාධිධරයාවූද මෙරට හෝ විදේශයකදී පර්යේෂණ නිබන්ධනයක් සඳහා ශාස්ත්‍රපති (M.A) උපාධිය ලබා ගත් ප්‍රථම ලලිතකලාවේදී උපාධිධරයාවූද දර්ශනසූරී  (PH.D) උපාධිය ලත් මෙරට ප්‍රථම වෘත්තිය නර්තන ශිල්පියාවූ ද උඩරට නර්තන කලාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ධුරයක් ලැබූ ලංකාවේ ප්‍රථම හා එක ම වෘත්තීය නර්තන ශිල්පියාවූ ද උඩරට නර්තන කලාව හා තදානුබද්ධ ලලිත කලා විෂය අරභයා පර්යේෂණ කෘති වැඩි ප්‍රමාණයක් රචනා කළ එක ම නර්තන ශිල්පියාවූ ද මහාචාර්ය මුදියන්සේ දිසානායකයෝ ස්වකීය කලා දිවියෙහි තිස්හය වැනි වසරට එළඹෙත්.

විස්තර »

මරණ

 

සේලට බස් ස්ටෑන්ඩ් එක දිහාව බැලුණේ ඉබේට ම. කොඳු කරටි නවා ගෙන බෙලි දික්කර ගෙන පාර දිහා බලා ගෙන ඉන්නෙ බසයක් එන බලාපොරොත්තුවෙන්. ඉහින් කටින් දාඩිය දාගෙන මහ පාරෙන් බාගයක් ම බදු අරගෙන. මේ සන්තෑසිය හැමදාමත් එහෙමයි.

අසේල එහෙම හිතමින් ම දැකල පුරුදු මූණ දිහා ආයෙත් හොඳට බැලුව. ඔහුට වාහනේ තිරිංග තද වුණේ ඉබේට ම, පිටි පස්සෙන් ආපු කාර් කාරය බැණගෙනම අසේල ගෙ වාහනේ ඉස්සර කෙරුව. තමන් කරපු වරද නොතේරුණා නෙමෙයි. ඒත් මොළේට වඩා හිත ඉස්සර වුණා.

විස්තර »

ප්‍රේමය

 

කලක් එක් කොකෙක් හුදෙකලාවේ දිවි ගෙවී ය. මෙසේ කල්ගතවෙත් ම ඒකාට සිය තනිකමින් පිරි දිවිය එපා වන්නට විය. කොකා තමා දිවි ගෙවූ නිවසින් ඔබ්බෙහි පිහිටි විල තරණය කොට එතැන පියකරු නිවෙසක විසූ කොක් තරුණියක වෙත ආවේ ය.

‘මා මෑට විවාහ යෝජනා කළ යුතුයි. ඈ මා බිරිය වූ විට මගේ දිවියේ තනිකම අතුරුදහන් වේවි’. සිතූ කොකා තම සිතිවිල්ල ඒ මොහොතේ ම ක්‍රියාවට නැංවී ය.

එහෙත් කොක් යුවති ගේ ප්‍රතිචාරය යහපත් වූයේ නැත. ‘නුඹගේ කකුල් දිගයි, ඇඳුම කොටයි.

විස්තර »

කෙටි කතාව හඳුනාගැනීම

 

මහාචාර්ය සෝමරත්න බාලසූරිය

දිගු කලක් තිස්සේ පළ නොවූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසිකය’ යළිඳු වරක් සාහිත්‍ය අනුමණ්ඩලයේ වත්මන් සභාපති බුද්ධදාස ගලප්පත්ති ප්‍රමුඛ සංස්කරණ මණ්ඩලයක් මඟින් මේ වසරේ සිට නැවත පළකොට තිබේ.

පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි, මුහන්දිරම් කේ.එච්. ද සිල්වා අභයසිංහ විජයශ්‍රීවර්ධන, ලීල් ගුණසේකර සහ පී.බී. සන්නස්ගල යන විද්වතුන් අතින් මුල් අවධියේ සංස්කරණය වූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසිකය’ සාහිත්‍යකාමින්ගේ හා සාහිත්‍ය ගවේෂණ පි‍්‍රය විද්වතුන්ගේ නොමඳ ප්‍රශංසාවට ලක් වූවකි.

 විස්තර »

මහාචාර්ය විමල් දිසානායක

 

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ විචාර කලාව මුඛ්‍ය වශයෙන් සංස්කෘතික විචාර කලාවක් ලෙස හැඳින්විය හැකි ය. සංස්කෘතික විඥානය යන සංකල්පය ඔහු උසස් කොට සැලකුවේ ය.

නවකථාවක ඇතුළත් කථා ශරීරය, හා චරිත ගොඩනැගීමේදීත්, සමාජ දෘෂ්ටිය පළ කිරීමේදීත්, භාෂා මාධ්‍යය සකස් කර ගැනීමේදීත් ඒවා කොතෙක් දුරට අපගේ සංස්කෘතික විඥානය සමඟ බැඳී පැවැති ද යන්න ඔහුගේ විශ්ලේෂණ මනසෙහි නිරතුරුව දෝංකාර නැඟී ය. මෙබඳු පාඨ විග්‍රහ කරන විට, භාෂාවත්, සංස්කෘතියත්, ජන විඥානයත් අතර පවත්නා සමවාස සම්බන්ධය ඔහු අවධාරණය කළ බව පැහැදිලි වේ.

  විස්තර »

නිකිණි මහේ වැහි නිමිති දුටු රජරට ගොවියා

 

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිට ම කෘෂිකාර්මික ජීවන රටාවක් ඔස්සේ පෝෂණය ලද රටකි. බොහෝ විට ගොවිතැනින් සිය දිවි පැවැත්ම සරි කරගත් මේ ජනතාව වැස්ස මත පදනම් ව සිය ගොවිතැන් කටයුතු සඳහා කාල වකවානු වෙන්කර ගත්හ.

වැව කේන්ද්‍ර කොටගත් වාපී සංස්කෘතියකට උරුමකම් ඇති වැව් බැදි රට ගොවියා ජලය සඳහා වැව් දිය උපයෝගී කරගත්තේ දැඩි අරපිරිමැස්මෙනි.

මහකන්නයේ මෙන් ම යල් කන්නයේ ද හැකිතාක් දුරට අහස් වැස්ස ප්‍රයෝජනයට ගෙන එහි අඩුපාඩු වන ජල ප්‍රමාණය පමණක් වැවෙන් ලබා ගැනීමට ඔවුන් කටයුතු කළහ. හේන් වගාව සම්පූර්ණයෙන් ම වැසි ජලය මත ම රඳා පැවතුනි.

විස්තර »

ඇමැතිවරුනට කුරක්කන් කැවූ ශ්‍රී වික්‍රම රාසිංහ

 

ශ්‍රී ලංකා ලේඛක ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතාව නම් ලේඛකයින්ගේ සංඛ්‍යාව පාඨකයින්ගේ සංඛ්‍යාව අභිභවා යාමයයි සිතේ. සතියකට කොළොම් පුරය පොත් දොරට වැඩීමේ උත්සව තුනක් පමණ පැවැත්වේ. මේ උත්සව වල දී ඇතැම් දේශකයින් ඔවුන් දන්නා සියල්ල සභාවේදී වැමෑරීම නිසා එහි පැමිණෙන භවතුන්ට නිවෙස්වලට යාමට වන්නේ හුලු අතු බැඳ ගෙන ය.

සමාවන්න. අගනුවර හුලු අතු තබා පොල් ගසක්වත් බේතකට සොයා ගත නොහැකි බව අමතක විය. මරදාන බොරැල්ල වසා පැතිරුණු කුරුඳු කැලයට මෙන් ම අද ඩී.එස්. සේනානායක විදුහල පැතිරෙන එදා කූඹි කැලයට ද ගියේ ඒ කල දසාවම ය.

විස්තර »

කවිකාර කොම්බි

 

කොම්බි කෙල්ල කුස්සිය මුල්ලේ කොලොම්බ උඩ දපාගෙන වම්බටු කපන අල්ල පනල්ලේ හිතේ මෝදුවෙච්චි දුක්කන්දරාව හීපද ගානට වැටිලා ඔහේ හුලන් පාරට මුහුවුනා. කුස්සියේ ලිපෙන් ඉහිරිච්චි දුම ඉහිරි ඉහිරි ගේ මුලුවහන් වෙලාගත්තා. කෙලි නෑම්බ කැහැ කැහැ මිදුලට බහින කොටම කිරිහාමි ගොය්යා මිදුල මැද ගල්මුරුත්තා වෙලා. උන්දා වෙලේ හිටන් ඇවිත් කෙල්ලගෙ කයිරාගමට කනපාගන හිටිය බව කෙල්ල දැනගත්තේ අපුච්චි ඇස්සර වැටුනට පස්සේ.

”මයෙ අපුච්චි දැන් නොතක් වෙලාද? (ඇවිල්ලා හුඟක් වෙලාද?) මට ඇහුනේ වත් නෑ” කෙල්ල එහෙම කියන කොටම දැක්කා අපුච්චගෙ ඇස්වලින් බේරිච්චි කඳුළු.

විස්තර »