වාරණය වංචාවක්

 


 

ගාමිණී වියන්ගොඩ

“ගාමිණී වියන්ගොඩ; ‘රාග රිද්ම’ නම් පරිවර්තිත කෙටිකතා සංග්‍රහයෙන් සිංහල පාඨකයා වෙත සමීප වූයේ ය. එදා මෙදා තුර ඔහු විශ්ව සාහිත්‍යයේ විවිධත්වයත්, අපූර්වත්වයත් මොනවට කැටිකොට ගත් කෘති රැසක් සිංහලට නැඟී ය.

ඊවාලූනා, කොලරා කාලේ ආලේ, මායා වාස, ගොවි රජ්ජුරුවෝ, සිසිරයේ රැයෙක මඟියකු නම්.., රෑ මාතා යනාදී වශයෙන් පරිවර්තිත කෘති විස්සකට වැඩි ප්‍රමාණයක් ඔහු අතින් සිංහලට පෙරළිණි.

විස්තර »

අලුත් දවසක්

 

අවුරුදු ගාණකට පස්සේ සන්ධ්‍යා හිනාවුණා තනියම. අම්මා නැන්දලගෙ ගෙදර ගිහිල්ලා. කවුරුත් නැහැ ගෙදර. සන්ධ්‍යාගේ කතාවට කන්දෙන්න කවුරුවත් ම හිටියෙ නැහැ.

අද සඳුදා... හෙට අඟහරුවාදා.. සන්ධ්‍යා ඇඟිලි ගැන්නා. හිත ළඟ මල් පොකුරු ගණන් පිපිලා. සාලේ හිටපු සන්ධ්‍යා ගිහිල්ලා නතර වුණේ අල්මාරිය ළඟ.

”මොකක්ද ඇඳගෙන යන්නේ.” සන්ධ්‍යාගේ හිත ඇගෙන් ඇහුවා.

විස්තර »

මම ළමයින්ගෙන් ඉගෙනගෙන
උගන්වන කෙනෙක්

 

සිබිල් වෙත්තසිංහ

’කතා කියන සිත්තර ආච්චි අම්මා’ නමින් ප්‍රකට සිබිල් වෙත්තසිංහගේ ජීවන චාරිකාවට 2009 ඔක්තෝබර් 31 වන විට අසූ එක් වසරක් සපිරෙයි.

සුවහසක් ලොකු කුඩා පාඨක සමූහයාගේ ඉමහත් ප්‍රසාදයට පාත්‍ර වූ මේ ජ්‍යෙෂ්ඨ ලේඛිකාවගේ දිවිපවත අලළා රචිත ‘සිබිල් වෙත්තසිංහගේ කතාව‘ නම් චරිතාපදානය ද එදිනට නිකුත් වීමට නියමිත ය.

මෙවර ‘වනස්පති හමුව‘ සිබිල් වෙත්තසිංහ හෙවත් රසික ලොවේ ‘නොමියෙන කළු දූ’ වෙනුවෙන් වෙන් කෙරෙනුයේ එබැවිනි.

විස්තර »

මහාචාර්ය විමල් දිසානායක

 

තාත්විකත්වය හා චරිත සංකීර්ණත්වය යන සංකල්ප දෙකට අමතර ව සරච්චන්ද්‍ර මහතා නවකථාවක ඒකාබද්ධතාව, සමවාස සම්බන්ධය උතුම් කොට සැලකුවේය.

මෙහිදී ඔහුගේ අවධානය යොමු වූයේ නවකථාවක අන්තර්ගත විවිධ සිදුවීම් හා විස්තර වර්ණනා මැනවින් එකමුතු වී ඇති අයුරු පරීක්ෂා කිරීම ය. පියදාස සිරිසේන වැනි නවකථාකරුවකුගේ කෘති මේ අංශයෙන් දුර්වල බව ඔහුට පෙනී ගියේ ය.

 විස්තර »

 ‘ආකාස කුසුම්’පසු කියැවීමක්

 

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ සිනමාපටය මේ දිනවල පළමු වටයේ සිනමා ශාලා ගණනාවක ප්‍රදර්ශනය කෙරේ. දැන් එය දෙවන වටය කරා අවතීර්ණ වී තිබේ. මෑත කාලයේ වැඩිපුර ම විචාරක - පේ‍්‍රක්ෂක අවධානය දිනා ගත් සිනමාපටය වන්නේ ‘ආකාස කුසුම්’ බව නොරහසකි. මෙහිලා උත්සුක වන්නේ ‘ආකාස කුසුම්’ සුපුරුදු ප්‍රවේශයකින් විමසන්නට නොවේ.

‘ආකාස කුසුම්’ ජන ගත වීමත් සමඟ ම පැන නැඟුණු අදහස් උදහස් හරහා සිනමාකරු ප්‍රසන්න ගේ සිනමා භාවිතය යළි හඳුනා ගන්නට ය.

  විස්තර »

කව්සිළුමිණ ලිව්වේ කවුද?

 

මහාචාර්ය සෙනරත් පරණවිතාන

1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී ‘දඹදෙණි යුගයේ සාහිත්‍යය’ යන මැයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය සාහිත්‍ය මාසය නිමිතිකොට ගනිමින් අපි මෙසේ පළ කරන්නෙමු.

අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසික සඟරාව‘ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘පුන්කලස’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමිවේ.

විස්තර »

සොඳුරු ආඥාදායකයකු ගේ චින්තන විප්ලවය

 

සත්වෙනි අනුස්මරණ දිනය නිමිත්තෙනි

සුගතපාල ද සිල්වා නමැති සොඳුරු ආඥාදායකයා මිය ගොසින් මේ ඔක්තෝබර් මස 28 වෙනි දාට සත් වසක් සැපිරේ.

සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලියැ වී ඇතැයි මම නො සිතමි.

ඔහු පිළිබඳ මගේ මතකය ඈතට දිව යයි. දෙතුන් වතාවක් පමණ මුණ ගැසී කතාබහ කොට තිබුණ ද මා ඔහු ගේ කලා නිමැවුම්වලින් ලද ඉගැඹුරු බිඳුම් අපමණ ය. සොඳුරු ආඥාදායකයා අනූහතේ සිට රෝගාතුර විය.

විස්තර »

කවිකාර කොම්බි

 

ලෙඩ මරගාතේ හිටියත් කොම්බිට ඇනුම් බැනුම් කෙළවරක් වුනේ නැතුවා. රෑ දාවල් දෙකේම බැනුම් ඇහුවත් කොම්බී මීක් කියලා කට හෙල්ලුවේ නෑ. ලොකු බංඩා ළඟට ඇවිත් ඉහ අතගාලා “මයෙ අම්මා හැබෑවටම වැලි මුව මස් කෑවද? කවුදෑ උඹලට වැලිමුව මස් ගෙනත් දුන්නේ.

ඇයි උඹලා බඩේ හිටිය දරු පැටියා නහාගත්තේ. මොකදෑ උඹලට ඒ දරුවා ගැන තිබිච්චි විරසකේ. අනේ කියාපල්ලාකෝ. ඇයි උඹලා මයෙ ලෙයින් හැදිච්චි දරු පැටියට විනේ කැට්ටේ”. ලොකු එකා කෙරවලක් නැතුව අහන දේවල් ගැන කොම්බී මොනා කියන්ඩදෑ. සේරම වෙච්ච හරිය කොනක හිටන් කියාපාන්නේ කොහොමදෑ.

විස්තර »