එදා ඉඳපු කම්මැල්ලවීර නොවෙයි අද ඉන්නේ

 


 

ජයතිලක කම්මැල්ලවීර

සමාජ, දේශපාලන ව්‍යුහයන්හි ක්‍රියාකාරී චරිතයක් වූ හා ඒ ඇසුරෙන් සිය නිර්මාණ ආලෝකවත් කරගත් ජයතිලක කම්මැල්ලවීරයන්ගේ නවතම කෘතිය ‘ජීවිතයෙන් උපන් කතා’ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක් ලෙසින් පසුගියදා නිකුත් විණි. 1984 වසරේ ‘කළු සපත්තු’ කෙටිකතා සංග්‍රහය පළ කරමින් නිර්මාණකරණයට පිවිසි කම්මැල්ලවීරයන් එකී පළමු කෙටිකතා සංග්‍රහයෙන් ම රාජ්‍ය සම්මානයට පාත්‍ර විය. අනතුරු ව ‘මිනිස්සු යක්කු සහ දෙවියෝ’, ‘තවත් කමලාවියක්’, ‘මාංචු’, ‘අන්තිම කැමැත්ත’, ‘ලේ’, ‘5 වැනි ජවනිකාව‘, ‘සොබා’, ‘සිහින ඉසව්ව‘ ආදී කෙටිකතා . .  .  .

විස්තර »

නිශාන්තාන්තරය

 

මම අවදි වුණෙමි. මේ වන්දනාවේ පළමුවන නිශාන්තයයි. සිහිනයෙන් ආත්මීය එකමුතුකම් ඇති වූ නිශාන්තයයි.තව මොහොතකින් පේ‍්‍රමයේ අරුණලු වෑහෙන්නට නියමිත ය. එය ප්‍රමාද වන තරමට සුන්දර ය. විපරීත සමාධානීකරණයකින් ආඪ්‍ය වූ සමාජාර්ථික රටාවක විකාශනය වන්නා වූ සම්ප්‍රදාය එහි ම පිළිඹිබුවක් බව ඔබට මා අමුතුවෙන් කිව යුතු නැත. මේ උත්තරීතර ආධ්‍යාත්මික බැඳුම සමඟ උදැසන මා පය ගසන්නේ ඒ සම්ප්‍රදාය මත ය.

විස්තර »

ඉංගී‍්‍රසි දැනුම තිබූ පමණින් ‘වැද්දෝ’ පරිවර්තනය කරන්න බැහැ

 

මානව විද්‍යා විෂය ක්ෂේත්‍රයට අතිශයින් සප්‍රයෝජනවත් ප්‍රාමාණික ග්‍රන්ථයක සිංහල පරිවර්තනය පසුගිය සාහිත්‍ය මාසයේදී ජනගත විය. මෙරට වැදි ජනතාවගේ ජීවන රටාව, සිරිත් විරිත්, ඇදැහිලි, පූජා විධි මතු නොව ඔවුන්ගේ ඉන්ද්‍රීය සංවේදීතාව, කලා ශිල්ප, භාෂා පරිණාමය ඈ සෑම අංශයක් අරභයා ම ගැඹුරින් විමර්ශනය කොට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සී.ජී. සෙලිග්මාන් සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් යුවළ විසින් විරචිත ’THE VEDDAS’ (1911), එකී ජන සමූහය පිළිබඳ මෙතෙක් පළවූ විශිෂ්ටතම පර්යේෂණ කෘතිය ලෙස ලොව සම්භාවිත ය.

විස්තර »

සිංහල නවකතා විචාරය - 01

 

මහාචාර්ය විමල් දිසානායක

නවකථාව වූ කලි අතිශයින් සංකීර්ණ කලා මාධ්‍යයකි. ගැඹුරු මානව අත්දැකීම් ව්‍යක්ත භාෂා මාධ්‍යයක් හා තේමාවන්ට සරිලන සන්දර්භ හා රීතින් උපයෝගී කර ගනිමින් පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට ප්‍රතිභා සම්පන්න නවකථාකරුවෝ උත්සුක වෙති. තෝල්ස්තෝයි, දොස්තොව්ස්කි (රුසියාව), ෆ්ලෝබෙයාර් පෲස්ටි (ප්‍රංසය), ලෝරන්ස්, කොන්රඩ් (එංගලන්තය), තොමස් මාන්, ගුන්ටර් ග්‍රාස් (ජර්මනිය), කැල්මිනෝ (ඉතාලිය), කෝබෝ අබේ, හරුකි මුරකමි (ජපානය), ෆේන්කර්, මොරිසන් (ඇමරිකාව), ගාර්සියා මාකේස් (කොලොම්බියාව) වැනි නවකථාකරුවන්ගේ නිර්මාණ . . . .      

 විස්තර »

දඹදෙණි යුගය ගැන ගුප්ත කරුණු වැඩියි

 

1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී ‘දඹදෙණි යුගයේ සාහිත්‍යය’ යන මැයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය සාහිත්‍ය මාසය නිමිතිකොට ගනිමින් අපි මෙසේ පළ කරන්නෙමු. අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසික සඟරාව‘ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘පුන්කලස’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමිවේ.දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුගෙ කාලෙදි දෙමළ කාව්‍යයක් ලියල තිබෙනවා සර්ජෝතිමාලය කියල. ඒ රජ්ජුරුවන්ට කියනවා ඒ පොතේ “තම්බෙයිකවලන්” කියල. තම්බයි කියන්නේ දඹදෙණිය. කාවලන් කියන්නේ ප්‍රධානියා නායකයා.

  විස්තර »

ඇය ගිය වග සරණෙක බැඳිලා

 

නන්දන වීරසිංහ

අපි සියල්ලෝ ජීවිතයේ කවර හෝ සමයෙක ප්‍රේමයේ ඉමිහිරි පැතුම් සහගත ව, සිත ඇදී ගිය යම් තැනක් වෙත ගමනෙක යෙදුණේ නො වෙමු ද? බොහෝ විට අප යෙදුණු මෙබඳු ගමන්, වරෙක ජීවිතයේ මහත් වෙනස්කම් සඳහා හේතු පාදක නොවිණි ද? ඇතැම් ගමන්වල අවසානය සුඛාස්වාදයට ඇල්මෙන් වූ සිරගතවීම් ය. ඇතැම් ගමනාන්තයන්හි වූයේ අපේක්‍ෂාභංගත්වය ය. ගැඹුරු ම සංතෘප්තිය අප වෙත ගෙන ඒම ආදරයේ පරම ස්වභාවය යැයි අප කල්පනා කළ යුගයක් ද විය. එහෙත් එය බෙහෙවින් ගෙන එන්නේ පීඩාව හා අතෘප්තිය පමණ කැ යි යන්න ධ්වනිත කරනා ගීතයක් මෙවර අප ගේ රස විනිසට හසු වෙයි.

විස්තර »

කවිකාර කොම්බි

 

නුවර කලාවියේ ජනප්‍රවාදයට එක් වූ කිවිඳියකගේ අන්දරය...

පහුණු දොහක අඳුරු ගේ මුල්ලේ විච්චි හලහලුව (කලබලය – කරදරය) හින්දා කොම්බි කෙල්ලට දැනුනේ ලොකු විචිකිච්චාවක්. තමුන්ගෙ මනුස්සයා සෝමාරි උනත් ලෙන්ගතුව පිරිච්චි හිත් කුහරේ තරම. පවුලේ ඇත්තන්ගෙ නම්බුව. හැදිච්චි කොම මේ සේරම එක ඩිංගෙන් සුරුස් ගාලා කෙරවල් වුණා. නංහාමියගෙ දඩාබහියේ තරම ගැන මතක් වෙන කොට තමුන්ගේ මනුස්සයගෙ කල්කිරියාව ගැනත් හිත්කුහරෙට දැනුනා. ඔයාකාරෙට දොහෙන් දොහ පසාරු වේගන ගියත් මහක් පාසා හැදෙන ඉහසුද්දේට (මාස් ශුද්ධිය) මෙදා සැරේ ලෙඩ හැදුනෙ නැති හින්දා නෑම්බී කයිකුලප්පු වුනා.

විස්තර »

පාඨකයන් නැති සමාජය කැටුව ගිය පොත් වසන්තය

 

සාහිත්‍ය මාසයත් රඹුටන් සහ අන්නාසි වාරය මෙනි. අවුරුද්දේ අනෙක් කාලවල ඒවා දුර්ලභ ය. එහෙත් වාරයේ දී එවා සුලබ ය. ලාබ ය. අපේ සාහිත්‍යයත් එසේ ය. සැප්තැම්බරයේදී පොතපත සුලබ ය. ලාබ ය. රාජ්‍ය සාහිත්‍ය උත්සවය ප්‍රමුඛ ව පැවැත්වෙන සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සව ද පොත් ප්‍රදර්ශන ද එමට ය. පොත්පතට ලොබ බඳින්නෝ තම පසුම්බියට ඔරොත්තු දෙන සේ අඩු මිලට පොත් මිල දී ගැනීමට බලා හිඳිනුයේ ද සැප්තැම්බරය උදාවෙන තුරු ය.

විස්තර »