ප්‍රවීණත්වයක් නැතිව කරන්න පුළුවන් එක ම දේ විචාරයයි

 


 

සම්මානිත මහාචාර්ය ඒ.වී. සුරවීර

‘අනුරාධපුර සංස්කෘතිය’ නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය රචනා කිරීම හේතුවෙන් 1960 වසරේ පැවැත්වූ ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර වූ අද්‍යතනයෙහිත් නිර්මාණකරණයේ යෙදෙන ජීවතුන් අතර සිටින එක ම ලේඛකයා වන්නේ සම්මානිත මහාචාර්ය ඒ.වී. සුරවීරයන් ය. අඩසියවසක අතීත සැමැරුම් හා නූතන සාහිත්‍ය නිර්මාණකරණය පිළිබඳ ව පුන්කලස ‘මුවදොර වදන’ ට අදහස් දැක්වූ මහැදුරු සුරවීරයන් අවධාරණය කළේ, ලේඛකයා සිය සෑම නිර්මාණයක් සඳහා ම සමාජයට වගකිවයුතු බවයි.

විස්තර »

පොඩි හාමුදුරුවෝ

 

‘පියදාස සිටියේ ගොඩක් සන්තෝෂයෙන් වාට්ටුවේ දැලේ එල්ලීගෙන කොරිඩෝව දෙසට දෙනෙත් යොමා ගෙන. ආරක්ෂක නිලධාරී මහතා වාට්ටුව දෙසට එනු දුටු පියදාස ‘ගුඩ් මෝනින් සර්’ කියාගෙන ඉදිරියට පිය මැන්නා. “මොකද පියදාස අද වෙනදා නැති සන්තෝෂයකින්” සර්ට මගේ මොකක් හරි වෙනසක් පේනවද” “වෙනසක් පේනවා, වෙනදාට වැඩිය පිං පාටයි” මොකද කවුරුහරි විසිට් එකක්වත් දැම්මද” මෙසේ කියමින් නිලධාරියා ඉදිරියට පිය මනිද්දි පියදාස පසු පසින් ගමන් කළා.

විස්තර »

අමතක නොවන මිනිසකුගේ අප්‍රකට තතු

 

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ අභාවය සිදුවී මේ වනවිට තෙමසක් ගත වී තිබේ. එතුමා නිමිත්තෙන් යෙදුණු සංඝගත දක්ෂිණාව පසුගිය 09 වනදා කටුගස්තොට කහල්ලේ ‘භාගිරළි’ නම් වූ එතුමාගේ නිවසෙහි පැවැත්විණි.

මේ ලිපියේ අරමුණ වන්නේ මහැදුරු සෙනෙවිරත්න ගේ ශාස්ත්‍රීය ජීවිතය පිළිබඳ ආවර්ජනා කිරීම නොව, බොහෝ දෙනා නොදත්, එතුමාගේ පෞද්ගලිකත්වය හා බැඳුණු මානුෂික ආකල්ප පිළිබඳ පාඨක ඔබේ අවධානය යෙදවීමය. මාමින් පෙරත් විවිධ ලිපිවල දක්වා ඇති පරිදි මහැදුරු සෙනෙවිරත්න බොහෝ පෞද්ගලික තොරතුරු මා හා සාකච්ඡා කර තිබේ.

විස්තර »

කවිකාර කොම්බි

 

කිරිහැර (කිරිආහාර) පාත්තරා හත මල්වට්ටි හතක් දැහැත් වට්ටි හතක් පරානෙට පරානයක් රූපෙට රූපයක් තමුන්නාන්සෙගෙ වහල යටට ගෙනත් දරු පැටියට තුන් මසේ ගතවෙන්ඩ කලියෙන් ඔප්පු කරනවා... මතු කල්පයට මෛත්‍රී නමින් බුද්ධත්වය ලබන ශ්‍රී විස්නු හිමි හාමුදුනේ තමුන්නාන්සේ යහතින් බැල්ම කර වදාරනවා හැබැයිනන් මේ කෙල්ල තමුන්නාන්සෙගෙ දෙපාමුල වැටිලා ඉල්ලන දරු සම්පත ලබාදෙන්ඩ දිවැස් හෙලා වදාරන්ඩ යහපති ආවඩා ආයුබෝවා”.

 විස්තර »

හැම පරිපාලන නිලධාරියකුටම කලා රසඥතාවයක තිබිය යුතුය

 

අනූෂා ගෝකුල

සාහිත්‍ය රස ජනනයෙන් ඔබ්බට ගිය යහ ආකල්ප වර්ධනයන් සමාජය සංවර්ධිත යහ සමාජයක් කරා ගෙනයාමේ සාහිත්‍යමය ප්‍රයත්නයක යෙදෙන ග්‍රාමීය සංවර්ධන පුහුණු කිරීමේ හා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල නම් වූ ලේඛිකාව සිය ‘ලේ කිරි කඳුළු’ කෘතිය මගින් හෙලිකරන්නේ ඇගේ ඒ අභිමතාර්ථයන් ය. තමන් වේතනයක් ලබන තමන්ගේ රැකියාව වුව අවංක ව නිවැරදි ව කිරීම පුණ්‍යකර්මයක් යයි පවසන ඈ සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ හදවතට තට්ටු කර තමන් ඒ පුණ්‍ය කර්මය සිදු කරගන්නේ දැයි අසන ලෙසයි.

  විස්තර »

දඹදෙණි යුගයේ නෂ්ටාවශේෂ ගැන සෙව්වා මදි

 

1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී ‘දඹදෙණි යුගයේ සාහිත්‍යය’ යන මැයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය සාහිත්‍ය මාසය නිමිතිකොට ගනිමින් අපි මෙසේ පළ කරන්නෙමු. අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසික සඟරාව‘ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘පුන්කලස’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමිවේ.

විස්තර »

තිත්ත ඇත්ත

 

එක්තරා ඈත රුසියානු ගම්මානයක සිය ශ්‍රමය වගුරුවා ජීවත්වන අහිංසක අවංක මිනිසෙක් වාසය කළේ ය. හෙතෙම දිනක් සිය වගා බිමෙහි වපුරමින් සිටින කල, එක් වළසෙක් ගුගුරමින් ඔහු වෙත ‘විත් මෙසේ කීය. “මා නුඹ කා දමනවා”

“අනේ එපා. මා අස්වැන්න නෙළා ගත් විට හොඳම කොටස නුඹට දෙන්නම්.” මරණ බිය දැනුණු මිනිසා පොරොන්දු විය. වළහා ද එකඟ විය. අස්වනු නෙළන කාලය එළැඹිණි. ගොවියාට පොරොන්දු ප්‍රකාර කටයුතු කළ නොහැකි විය.

විස්තර »

අද පවතින්නේ නවකතා උද්ධමනයක්

 

මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස

සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහතා විසින් ‘සිංහල නවකතාවේ අතීතය හා වර්තමානය පිළිබඳ නිරීක්ෂණයක්’ යන මැයෙන් සැප්තැම්බර් 10 වැනිදා පවත්වන ලද එකොළොස් වැනි ගොඩගේ සාහිත්‍ය සම්මාන දේශනයේ අවසන් කොටසයි මේ.

සේ ආගමික තරගය එදා මුද්‍රණ ශිල්ප භාවිතයෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වූ නමුදු ක්‍රමයෙන් මුද්‍රිත පතපොත ගෙහසික වස්තු විෂයයන් කෙරේ යෙදවීම ද සිදුවෙමින් තිබුණි.

විස්තර »