පර්යේෂකයන්ටත් මේ ශබ්දකෝෂය ප්‍රයෝජනවත්

 


 

මහාචාර්ය සුචරිත ගම්ලත්

හෙළ, පෙළ, සකු, ඉංගි‍්‍රසි භාෂා පිළිබඳ වෙසරද ඥානයක් ඇති මහාචාර්ය සුචරිත ගම්ලත් අද අපට සිටින මහා ශාස්ත්‍රඥයන් අල්ප දෙනාගෙන් කෙනෙකි. 1959 පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට පිවිසි ඔහු 1963 ශාස්ත්‍රවේදී (B.A) උපාධි පරීක්ෂණයෙන් තම විෂයය ක්ෂේත්‍රයෙහි දිවයිනේ ප්‍රමුඛයා ලෙස සම්මාන ලබමින් ප්‍රථම පන්තියේ සුපිරි ගෞරව සාමර්ථ්‍යයක් ලැබුවේ ය.

විස්තර »

 සීයාගේ දිනපොත

 

වුරුදු විසිපහක් තුළ ඉගෙනීමෙන්, පතපොත කියවීමෙන්, දෙස් විදෙස් සංචාරවලදී දැනහඳුනාගත් විවිධ මිනිසුන් හා දැනහැඳුනුම්කම් වගා කර ගැනීමෙන් නො ලත් ජීවිතාවබෝධයක් මා ලැබුවේ සීයාගේ දිනපොත් කියවීමෙනි යි සිතමි.

වේලාපත්කඩයක් මෙන් කහ ගැහී, අකුරු මැකී ගොස් තිබූ දිනපොත් වල ඇතැම් පිටු, පදාස පිටින් කාවුන්ගේ කුස තුළ අතුරුදහන්ව තිබූ මුත්, තැනින් තැන කියවූ ඒ ඇතැම් දින සටහනකින් පවා මට හැඟුණේ මහාසාර ග්‍රන්ථරත්නයක් මා අතපත් වී ඇති බවකි.

විස්තර »

පාන් බබා

 

ක්තරා ඈත අතීත කාලයක රුසියාවේ පිටිසරබද ගම්මානයක අඹුසැමි යුවළක් වාසය කළ හ. ඔවුහු ඉතා දිළින්දෝ ය. දිනක් ඔවුන්ට ආහාර පිණිස කිසිවක් ම නොමැති විය.

බිරිය ඉතා වෙහෙස වී එක්රැස් කරගත් පිටි ස්වල්පයකින් පාන්ගෙඩියක් තනන්නට වූවා ය. එය රවුම් අපූරු පාන් ගෙඩියකි. ඈ එය කෙතරම් කදිමට තැනුවා ද යත් එය දරුවකු ගේ මුහුණක් බඳු විය. ඈ ඒ රවුම මත දෙඇසක් ද, මුවක් සහ නාසයක් ද සලකුණු කළා ය.

එහෙත් එක්වර ම ඈ නොසිතූ® යමක් සිදුවිණි.

විස්තර »

අවසන් මොහොත දක්වා පුළුවන් තරම්
වැඩ කිරීමයි මගේ එක ම පැතුම

 

ඊවා රණවීර

විවිධ සමාජ බලවේග විසින් පාගා යටපත් කරදැමුණු හඬක් නැති ගැමි කාන්තාවගේ හඬ බවට පත්වෙමින් එදා මෙදාතුර ඇය අතින් සිංහල හා ඉංගි‍්‍රසි බසින් ලියවුණු දෑ අපමණ ය. දශක අටක් ඉක්ම වූ දිවි චාරිකාවේදී හිමි වූ මල් පොකුරු මෙන් ම ගල්මුගුරු ද උපේක්‍ෂාවෙන් පිළිගනිමින් එදා මෙන් ම අදත් පන්හිඳ කගපතක් සේ අත දරා සිටින ඊවා රණවීර නම් ජ්‍යෙෂ්ඨ ලේඛිකාව දයාබර මවක් විලස අපට මෙසේ කියා සිටින්නී ය.

 විස්තර »

අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ ගැබ්වූ විශ්ව විද්‍යාව

 

පැරැණි සාහිත්‍යය විවරණය සඳහා වෙන ම විචාරවේදයක් තිබිය යුතු බව හිපොලයිට් ටෙයින් (hippolite taine) නම් විචාරකයා පැවසීය. එය ඓතිහාසික විචාරය නමින් හැඳින්වේ.

මේ විචාර ධාරාව, පොදුවේ පැරැණි ලෝක සාහිත්‍යය විවරණය සඳහා යොදාගත හැකි අතර ම, එවන් ඇතැම් සාහිත්‍ය ධාරාවන්හි සැඟැවී ඇති අද්‍යතනයට වලංගු කරගත හැකි දැනුම් විශේෂ හඳුනා ගැනීම සම්බන්ධයෙන් විද්‍යාවේ නව මානයක් වූ ක්වොන්ටම් යාන්ත්‍රණය යොදාගත හැකි බවට, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ස කුලරත්න අදහස් දක්වා තිබේ.

  විස්තර »

ඉසුරුමත් කොළඹ එදා තිබුණේ කොහි ද

 

විසි වන ශත වර්ෂයේ උදා සමයේදී අප රටේ තත්ත්වය අන්තර්ගත කර ලිපියක් ලිවීමට මට සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙන් ඇරැයුමක් ලැබුණේ 1980 දශකයේ ය.

මේ ගැන තොරතුරු ලබා ගැනීමට එකල අනූ විය පසු කළ කාන්තාවන් දෙදෙනෙකු හමු වුණෙමි. එක් කතක් පදිංචිව සිටියේ දෙහිවල ය. අනෙක් කත පදිංචි ව සිටියේ බම්බලපිටියේ ය. දෙදෙනා ගේ ම ස්මරණ ශක්තිය ඉතා යහපත් ය.

විස්තර »

දඹදෙණි යුගයේ සාහිත්‍යය

 

1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය සාහිත්‍ය මාසය නිමිතිකොට ගනිමින් අපි මෙසේ පළ කරන්නෙමු.

අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසික සඟරාව‘ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘පුන්කලස’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමිවේ.

විස්තර »

කවිකාර කොම්බි

 

හුවෙනිදා උදනැක්කේ වැලිපිට්ටු (වැලිතලප) පෙට්ටියක් හදාන හාල් මල්ලකුත් කොතගහගන (පුරවාලන) කිරිහාමි ගොය්යයි ගිරගි උන්දැයි කරත්තේ බැඳගෙන ගමන පිටත් වුණා. දෙන්න දෙමාල්ලෝ මගදිගටම කතා කෙරුවේ කෙළි නෑම්බිගෙ දුක ගැන.

‘කෙල්ල ටික දොහකට හරි ගෙදර කැන්දාන ඇවිත් පිදේනි යාගේ කොරන්ඩ තමා උන්දලා කතා කරේ. දරුවන් නැති එකීලට නන් කම්බිලි පිදේනිය දුන්නහම වැඩේ හරියන බව ඇහලගන් දහ අටේම පූගිත වෙලා (ප්‍රසිද්ධ වෙලා) තිබුණේ. පානු පැයෙන් ගමන පිටත්වෙලා ඉහලගම පසුකරලා කරුවල ගස්සෑව මෙකන් වෙන මූකලානේ අලි රංචුව හදි ගැහුනා.

විස්තර »