|

ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායට අවිචාරයෙන් ගැති වූ
නාට්‍ය රැල්ලක් මෙරට නාට්‍ය ක්ෂේත්‍රය වෙළා
ගනිද්දී සුගතපාල ද සිල්වා තම ‘බෝඩිංකාරයෝ’
නාට්‍යය ඔස්සේ 1962 දී එය යළි තාත්වික
සම්ප්‍රදායකට රැගෙන ආවේ ය. අපේ කට්ටියේ
නියමුවා ඔහු විය.
අවලික්කාර ගලප්පතිගේ සුගතපාල
ද සිල්වා 1928 අගෝස්තු 4 වැනිදා වැලිගම උපත
ලැබුවේ ය.
වැලිගම සිද්ධාර්ථ, ගාල්ල විද්‍යාලය,
ගම්පොළ ජිනරාජ, කොළඹ පෙම්බ්‍රොක් යනාදියෙන්
සිප් සතර හැදෑරූ සුගත් ‘එකවල්ලේ පොල්’ (1958)
නාට්‍යය මුල්වරට රචනා කළේ ය.
පෙර කී ලෙසින්
තාත්වික නාට්‍ය සම්ප්‍රදාය භාවිතයට ගත් ඔහු
එමඟින් සමකාලීන සමාජ ප්‍රශ්න යථාර්ථවාදීව
පිළිබිඹු කිරීම ඔස්සේ විකල්ප නාට්‍ය ධාරාවක්
ස්ථාපිත කළේ ය.
විස්තර » |