අපි පොත් කියවන පිරිසේ පැහැදිලි වර්ධනයක් ඇති කළා

 

සාහිත්‍ය කන්නදැයි ඇසූ යුගයක සිට ‘සාහිත්‍ය මිනිසා පූර්ණ කරයි’ යනුවෙන් හැඳින්වෙන යුගයකට අපි අවතීර්ණ වී සිටින්නෙමු. වසරක් පාසා පැවැත්වෙන අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය මේ පවතින සාහිත්‍ය පිපාසාවට දිය දෝතක් බඳුය.

විශේෂිත වූ කිසිඳු දිනයක් මතකයේ නොමැති ජනතාව පවා පොත් සල්පිල හේතුවෙන් මේ උදාවී ඇත්තේ සාහිත්‍ය මාසය බව පසක් කර ගනිති. 

විස්තර »

අවතාරය?

 

මළහිරු තම මළානික රැස් දහරාව මිටියාවත ඉහළින් ගම් තුලානට විසි කළේ ය. ගම කෙළවරින් ගලා ගිය ඇළ මාර්ගය දෙපස ඝන ව වැවී තිබූ වලස් ඇඳිරිය හා කළුකම්බේරිය ගාලෙන් ගොඩ වූ ගව රැළ උදෑසන ගිය පරිද්දෙන් ම නැවත තම නිවහන කරා ගමන් ගත්තේ ස්වාමියාගේ ද සහාය ඇතිව ය.

ඇළ එපිටින් වූ රුක්කත්තන ගසක් මත වසා සිටි කෑරලෙක් තම මූසල රාවය පරිසරයට මුසු කරමින් ඈතට පියාඹා ගියේ ය. ඒ සමඟ ම එතෙක් පැවති කුරුල්ලන්ගේ කිචි බිචිය නැවැතී ගියෙන් හාත්පස මූසල ස්වභාවයකට නෑකම් කී ය.

විස්තර »

සැබෑ බිරිය

 

ක් මහලු පුරුෂයකුට දියණියෝ තිදෙනෙක් වූහ. ඔහු ගේ බිරිය අකාලයේ මියැදුණා ය. මවු ගේ මරණින් පසු තරුණ දියණියෝ තිදෙන පියා සමඟ තනිවූ හ.

නිවෙසේ කටයුතු බහුල විය. එහෙත් වැඩිමහල් දියණියෝ වැඩ මඟ හරිති.

බඩපිස්සිය තනිව ම වෙහෙසෙන්නී ය. ඇගේ කටයුතු ඉතා පිළිවෙල ය. නිරවුල් ය.

එක් දිනක් පියා ඈට මනරම් කොණ්ඩා සැරසිල්ලක් තිළිණ කෙළේ ය. එහි කිසියම් සුවිශේෂත්වයක් ඈ දුටුවා ය. සියල්ලන් ඒ රාත්‍රියෙහි නින්දෙහි පසුවන විට ඈ ඒ කොණ්ඩා කටුව පොළොවෙහි දමා මෙසේ ප්‍රාර්ථනා කළා ය.

විස්තර »

ජනප්‍රිය සිංහල සංගීතය

 

ය හඬකින් බිහිවූවකි. ගලා බසින දොළ පහරකින් හෝ ඇද හැලෙන දිය ඇල්ලකින් නැඟෙන ‘සර සර’ හඬෙන්, ගහකොළ ආදියේ ගැටී පිසයන මාරුතයෙන් නැඟෙන හඬෙන්, ලී කෑලි දෙකක් එකට ගැටීමෙන් නිකුත්වන ශබ්දයෙත්, යම් සංගීතයක් ඇත. මෙසේ කල්පනා කර බලන විට සංගීතයක් ගොඩ නැඟීමට මුල් වූයේ හඬයි.

අද ලෝකයේ භාවිතා කෙරෙන නානාවිධ භාෂා සකස්කර ගැනීමට පෙර ආදී කාලයේ විසූ මනුෂ්‍යයෝ තම හැඟීම් අන්‍යයන්ට ප්‍රකාශ කරන්නට ඇත්තේ සත්වයින් මෙන් කට හඬින් පමණක් විය යුතුයි.

 විස්තර »

අසම්මත පෙම්වතිය අතින් මියගිය කවියා

 

කාලිදාස, සාහිත්‍ය ලොවේ ශ්‍රේෂ්ඨතම කවියෙකි. මේඝදූතය ඔහුගේ කෘතියකි. හෙතෙම, අසම්මත පෙම්වතිය අතින් මිය ගිය මහාකවියා ලෙස ද හඳුන්වයි. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එය රසවත් කථාවකි. දිනක් කාලිදාස කවියා තමා ඇයි හොඳයි කම් පැවැත්වූ කාන්තාවකගේ ගෙදරට නිතර යන්ට එන්ට පටන් ගත්තේ ය.

දිනක් එහි රාත්‍රිය ගත කළ ඔහු, ඔහුගේ ඇඳුමක් ඒ ගෙය තුළ අමතක ව ගියේ ය. (මේ සිද්ධිය මෙතරදී වූවක් දැයි අවිනිශ්චිත ය. මෙහි සිටි කුමාරදාස රජු හා කාලිදාස කවියා අතර තිබුනේ මිත්‍රත්වයකි. එය ආත්මීය සොයුරු පෙමක් වැනි ය. ඉහත කී කතගේ ගෙදරට කුමාරදාස රජු ද යාම ඊම සිරිතක් ව තිබුණි.) 

  විස්තර »

විශ්ව සාහිත්‍යයේ සිංහල ලකුණ - 6

 

මාර්ටින් වික්‍රමසිංහ

සියානු බසට නැඟුණු වික්‍රමසිංහගේ වැදගත් ම සාහිත්‍ය නිර්මාණය වනුයේ, ගම්පෙරළිය - කලියුගය - යුගාන්තය යන තුන් ඈඳුතු නවකතාව ය. මේ නවකතා ත්‍රිත්වයේ පළමුවැන්න වන ගම්පෙරළිය, කලින් ද සඳහන් කළ පරිදි, මුලින් කරන ලද ඉංගිරිසි පරිවර්තනයක ආධාරයෙන් රුසියන් බසට නැඟුණි.

ඉන් අනතුරුව, වී. විහුහොලෙෆ් සහ ඊ. ශෙවෙලියේවා විසින් කෙළින් ම සිංහල බසින් රුසියන් බසට නඟන ලදු ව, මේ සුවිශේෂ කෘතිය අවසන් යුගය යන අරුතැති “පස්ලේද්නි වියෙක්” නමින්, 1965 දී පළ විය..

විස්තර »

පැරැන්නන් ගත් මඟේ නොපැරැණියකු වීමයි වැදගත්

 

චාමික මුණසිංහ

”සඳලුතලේ සාදය” නමැති පද්‍ය හා ගීත සංග්‍රහය 1999 දී පළ කරමින් ග්‍රන්ථකරණයට පිවිසි චාමික ගෙවුණු දශකයේ සාරවත් ග්‍රන්ථ රැසක් සහෘදයාට තිළිණ කළ කුසලතා සපිරි යෞවනයෙකි. “මාගේ දේශය අවදි කරන හඬ” (පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි සංවාද), “විස්මිත විශ්වය සිසාරා” (පූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමි සංවාද) “පද්‍ය සම්ප්‍රදායේ නව්‍ය ප්‍රවණතා” යනාදී ග්‍රන්ථ ඔහුගේ ගමන් මඟේ වෙසෙස් මංසලකුණු වේ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (B.A) ගෞරව උපාධිය ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (M.A) උපාධිය ද ලැබූ චාමික ස්වකීය නවතම පර්යේෂණ කෘතිය “සිංහල ගීතයේ නූතන ප්‍රවණතා” මැයෙන් පසුගියදා එළිදැක්වීය.

විස්තර »

කවිකාර කොම්බ්

 

“දීගකෑම කියන්නේ දීකිරියි බතුයි කනවා වාගේ කියලා හිතාන වෙන්ඩෑ දීග ආවේ. හරියට කුමාරිහාමී වාගේ. ඇඳි රෙද්දක කුණු ඇබින්දක් ගෑවෙන්ඩ බෑ. පුසුඹ සබන් නැතුව වක්කොරාගන්ඩ වැවට යන්නෑ. ඒකී හිතාන ඇති රජ බිසවක් කියලා... නැද්ද නෑනේ මං උන්දා හදලා ගන්නන් කෝ... දැන් බලාන හිටියා ඇති” කොම්බී ගේ පිලිකන්නේ හිටන් දිය කලේ උකුලේ තිබාගනම නැන්දම්මගෙ කතාවට කන්දුන්නා.

කතාව දිග්ගැස්සෙන්ඩ යනවා. දිය කලේ උකුලට බරවෙන හින්දා කෙල්ල බිම බලාන මිදුල හරහා කුස්සියට ගියා. නැන්දම්මගෙ කතාව සස් ගාල කෙරවල් උනා. ඒ ගමන්ම පිලේ ඉඳගෙන හිටිය බට්ටි අත්තම්මට බුලත් මල්ල දෙන අතරේ “ආහ්.. විටක්කාපන් කියලා කුස්සිය පැත්ත බැලුවා.

විස්තර »