|

‘නිකිණි’ ඉඩෝරෙන් ‘හේබාවී ගිය’ (මැලවී ගිය) ගහ
වැල පරළු වී ඇති පොළෝතලයට ‘වට’,
වැහිකේඳිල්ලෙන් ඉසිරී යන නැවුම් පුසුඹේ දැවටී,
යළි නව දළු-කොළ-මල් ලා නව ප්‍රාණයක් ලබනුයේ,
‘බිණර’ මහේදීය. බිණර, බිඞර හෝ බිනර මහ වූ කලී, චන්ද්‍ර මාස්
රටාවේ සයවැනි මාසය වන අතර, වත්මන් මාස් වියමනේ
නවවැන්නට යෙදෙන ‘සැප්තැම්බර්’ මාසය වන්නේමැයි.අපේ
ගොවි ඇත්තන්ගේ සිත් සතන් ප්‍රබුද්ධ කැරෙන
“මාස්කන්න” හෙවත් ඊසානදිග මෝසම් වර්ෂාව
සමාරම්භ වෙන, “පිඩදඩහස” නමින් වූ මෝසම් සමයට
මුලපුරන්නේ මෙම ‘බිනර’ මාසයේදීයි. බිණර මසින්
පටන් ගන්නා ඊසාන මෝසම් වර්ෂාව වියළි කලාපයට
මාස හතරක් පුරාවට පලදරනු ඇති.
විස්තර » |