දේශපාලනයටවත් නිලධාරීවාදයටවත් මම යටත් වන්නේ නැහ

 

ජාතික සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති බුද්ධදාස ගලප්පත්ති

ජාතික සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ධුරයට ප්‍රවීණ කවියකු හා සාහිත්‍ය විචාරකයකු වූ බුද්ධදාස ගලප්පත්ති මහතා පත්වී තව ම ගත වී ඇත්තේ මාස හතරක කාලයකි. ඔහුගේ අභිනව තනතුරෙන් අනතුරු ව පවත්වන පළමු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල නොබෝදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පසුගිය කාල වකවානුවේ ගලප්පත්ති මහතා අතින් නිර්දය විවේචනයට ලක්වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා මෙවර ජාතික සාහිත්‍ය අනුමණ්ඩල සභාපතිවරයා වශයෙන් මුහුණ දෙන්නේ ඔහු ය. තමන් විසින් දැඩි සේ විවේචනයට ලක් කරනු ලැබූ මෙකී සම්මාන ප්‍රදානෝත්සවය සඳහා කටයුතු කිරීමේදී ඔහුට මුහුණදීමට සිදුවූ අභියෝග පිළිබඳ ව මෙවර මුවදොර වදනින් හෙළි කෙරේ.

විස්තර »

ශෝභ

 

මුළු ජීවිත කාලය පුරා මා දුටු රූමත් ම කාන්තාව ඇයයි. ඈ නෙත ගැටෙන හැම වාරයකදී ම මගේ සිතට නැඟෙන සිතුවිල්ලක් ද වෙයි. එනම් පබාවතී වැනි කාන්තාවන් නිසැක ව ලොව වාසය කරන්නට ඇත. දෙවඟනන් යනුවෙන් පිරිසක් සිටින්නට ඇත. එපමණට ම ඕ රූමත් ය. “ලප නොමවන් සඳවන් සොමි ගුණ ගිහිණි ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි “ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන” සැළලිහිණි සන්දේශයේදී රහල් හිමියන් පවසන මේ සියල්ල මැයට කොතරම් ගැළැපෙන්නේද? ඇගේ රූ සිරියෙහි කිසි අඩුවක් කිසිවෙකුට සොයාගත හැකිදැයි සැකයකි.

විස්තර »

‘බිනර මහට පැල් ගැහෙමුද අපි නෑනේ’

 

‘නිකිණි’ ඉඩෝරෙන් ‘හේබාවී ගිය’ (මැලවී ගිය) ගහ වැල පරළු වී ඇති පොළෝතලයට ‘වට’, වැහිකේඳිල්ලෙන් ඉසිරී යන නැවුම් පුසුඹේ දැවටී, යළි නව දළු-කොළ-මල් ලා නව ප්‍රාණයක් ලබනුයේ, ‘බිණර’ මහේදීය. බිණර, බිඞර හෝ බිනර මහ වූ කලී, චන්ද්‍ර මාස් රටාවේ සයවැනි මාසය වන අතර, වත්මන් මාස් වියමනේ නවවැන්නට යෙදෙන ‘සැප්තැම්බර්’ මාසය වන්නේමැයි.අපේ ගොවි ඇත්තන්ගේ සිත් සතන් ප්‍රබුද්ධ කැරෙන “මාස්කන්න” හෙවත් ඊසානදිග මෝසම් වර්ෂාව සමාරම්භ වෙන, “පිඩදඩහස” නමින් වූ මෝසම් සමයට මුලපුරන්නේ මෙම ‘බිනර’ මාසයේදීයි. බිණර මසින් පටන් ගන්නා ඊසාන මෝසම් වර්ෂාව වියළි කලාපයට මාස හතරක් පුරාවට පලදරනු ඇති.

විස්තර »

දයාවන්තිය

 

එක් පුරුෂයකු ගේ බිරිය ඔහු ද ඔවුන් ගේ එක ම දියණිය ද මෙලොව හැරදමා මියැදුණු විට මහත් සේ තැවුල්පත් ව කලක් විසූ ඒ පුරුෂයා අවසානයේ දී තවත් බිරියක් සරණ පාවා ගත්තේ ය. එහෙත් අවාසනාවක මහත! මේ කුඩම්මා පුරුෂයා ගේ දියණිට ඉතා අකාරුණික වූවා ය. කුඩම්මාට මේ දැරිවි වහකදුරු මෙනි. මේ අතර එක්තරා දැඩි හිමපතනය සහිත දිනයක් උදාවිය. ‘අද මගේ අරමුණ ඉටුකර ගනිමි’ නපුරු කුඩම්මාට නපුරු කල්පනාවක් පහළ විය. ”නුඹේ මූසල කෙල්ල කැලේ ගෙනියාපං. මා ඈ දකින්නටවත් කැමැති නෑ.

 විස්තර »

කොළඹ මහ ඉස්පිරිතාලේ ආ ගිය තොරතුරු

 

අද දාස් ගණන් ජනී ජනයා සිය සෞඛ්‍ය සුවය පතමින් ඇදෙන කොළඹ රජයේ ආරෝග්‍යශාලාවට ද ළදරු අවස්ථාවක් විය. බිළිඳා බිහි වූයේ කොළඹ කොටුවේ නිවසක ය. එය ලන්දේසි ජාතික රැන්සව් නමැත්තාගේ නිවසයි. මේ වන විට ලන්දේසීන් පලවා හැර ඉංගී‍්‍රසීන් රට අල්ලා ගෙන සිටි බැවින් කොටුවේ පදිංචි ඇතැම් ලන්දේසීන් සිය රට බලා ගොසිනි. ඔවුන් කොටුවේ තැනූ මහා මන්දිර හිස් ය. 1810 දශකය වන විට මහජන සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්න රාශියක් මතු වූ අතර පැරල් නමැති ඉංගී‍්‍රසි ජාතිකයාගේ යෝජනාවක් මත රැන්සව්ගේ විශාල නිවස රජයේ ආරෝග්‍යශාලාවකට පෙරළිණි. 

  විස්තර »

‘කළු’ මානසික රෝගීන් පිළිබඳ මගේ කම්පනයේ ප්‍රතිඵලයක්

 

තාරකා වාසලමුදලිආරච්ච

තාරකා වාසලමුදලිආරච්චි යනු නව පරපුරේ කැපී පෙනෙන කුසලතා සපිරි නවකතාකාරියකි. එහෙත් ඇය පළමුවෙන් ප්‍රකට වූයේ හරවත් ගවේෂණශීලී වැඩසටහන් කිහිපයක් රචනා කරමින් ඉදිරිපත් කළ විද්‍යුත් සන්නිවේදිකාවක් වශයෙනි. “හෙළිදරව්ව“, “චරිත”, “පෙරවදන” එහි ඈ තැබූ මංසලකුණු වේ. 2003 වසරේ යෞවන සම්මානය දිනා ගනිමින් ‘අන්දර මණ්ඩිය’ ඔස්සේ නවකතාකරණයට බට තාරකා ‘කොණ්ඩකිරිල්ලි’, ‘මැටි’, ‘දෙහි’ යනාදී නවකතා ඔස්සේ ස්වකීය ගවේෂණශීලී මනසත් කතා ගෙතීමේ කුසලතාවත් සහසංකලනය කළා ය.

විස්තර »

මගේ අවසන් හුස්ම පිටවිය යුත්තේ සුන්දර ලංකාව දෙස බලාගෙනයි

 

ඩොමිනික් ජීවා

අපි කොටහේනේ ශ්‍රී කදිරේශන් පාරේ පිහිටි ‘මල්ලිකෙයි’ කාර්යාලයේ පටු පියගැටපෙළ නැග්ගෙමු. එය කෙළවර වූයේ පොත් පත් සඟරාවලින් වැසීගිය කුඩා කුටියකිනි. එහි පැත්තක වූ පුංචි මේසයක් ඉදිරිපිට වාඩි වී සිටි ඔහු අප දුටු සැණින්, සිනාසෙමින් නැඟිට සිටියේය. ඔහුගේ දෑත් මා දෑතේ දැඩි ව වෙලිනි. ඒ උණුසුම් දෑත අනෙකකුගේ නොව ජ්‍යෙෂ්ඨ ලේඛක ඩොමිනික් ජීවාගේ ය. ‘සැප්තැම්බර් 11 කියන්නෙ ඓතිහාසික දවසක්. ඒ බින්ලාඩන් ඇමරිකාවට ගහපු නිසා විතරක්ම නෙමේ. සැප්තැම්බර් 11 තමා මම පාසල් ගිය අන්තිම දවස. මට අද වගේ මතකයි 1939 සැප්තැම්බර් 11 වෙනිදා මගේ ජීවන ගමන සම්පූර්ණයෙන් ම වෙනස් කරපු හැටි. එතකොට මම හිටියේ 5 වෙනි පංතියේ.

විස්තර »

අප්‍රිකානු ඇසකින් දකින ශේක්ස්පියර් ගේ නිර්මාණ

 

ශේක්ස්පියර් නාට්‍යයන්හි ඇති අගය හා ඒවා මුළු ලෝකය මිනිස් සංහතිය පුරා බලපෑ අයුරු මේ ලේඛිකාව අවධාරණය කරන්නේ සිය ජීවන අත්දැකීම් ද සමඟය. එය බොහෝ දෙනා ශේක්ස්පියර් නාට්‍යයන් තුළින් නොදුටු තවත් පැත්තක් අනාවරණය කරයි. ශේක්ස්පියර් නාට්‍යය ජනතාවට බලපෑම් කළ අයුරුත් එතුළින් සිදුවූ යම් යම් සමාජ වෙනස්වීම් ද ලේඛිකාව විස්තර කරයි. මෙය යැස්මින් අලිබායි බ්‍රවුන් නම් ලේඛිකාව ටයිම් සඟරාවට ලියූ ලිපියක අනුවර්තනයකි. මුළු ජීවිතයම රංගනයකි. ලෝකය නම් වූ රඟහලේ රංගනයන්හි යෙදෙන අපේ ජීවිත පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදෙන ශේක්ස්පියර් ගේ නාට්‍යය හා එහි චරිත සැබෑ ජීවිතවලට කොයිතරම් ළංව තිබේද යන්නට පැහැදිලි අර්ථ කථනයක් දිය හැකි සිද්ධීන් මගේ ජීවිතයට සම්බන්ධය.

 

විස්තර »