දෙමළ භාෂාව දන්න සිංහල ලේඛකයන්ගෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැහැ

 

මහාචාර්ය ජිනදාස දනන්සූරිය

මහාචාර්ය ජිනදාස දනන්සූරිය මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ප්‍රමුඛ ලෙස කටයුතු කරන විද්වතෙකි. නවකතා, කෙටිකතා, පරිවර්තන, කාව්‍ය සංග්‍රහ මතු නොව විචාර ග්‍රන්ථ ද බොහොමයක් රචනා කොට ඇති මහාචාර්ය දනන්සූරිය දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙස කටයුතු කරයි. මෙරට නිර්මාණකරුවන් අතින් අපි මෙතෙක් දැඩි ලෙස පීඩා විඳි යුදමය ගැටලුව පිළිබඳ ව සූක්ෂම ලෙස විග්‍රහ කෙරුණු නිර්මාණ බිහි නොවූයේ ඒ අත්දැකීම සජීවී ව විඳගැනීමට හා එයට යථාර්ථවාදී ලෙස මුහුණදීමට අපේ නිර්මාණකරුවන්ට නොහැකිවීම හේතුවෙන් බව මහාචාර්ය දනන්සූරිය මේ සංලාපය මඟින් අවධාරණය කරයි.

විස්තර »

මල්ලව පොරයක කතාව

 

මල්ලව පොර තරගයේ අවසාන වට ය. හිරිමල් නවක මල්ලව පොර ශූරයා දිහා මුලු පේ‍්‍රක්ෂාගාරය ම නෙත යොමා ගෙන සිටියා.‘අනේ ඔය මිනිහට පුළුවන්ද අවුරුදු ගණනාවක් වාර්තා පිහිටපු කෙනෙක් එක්ක හැප්පෙන්න?’‘අනුමානයක් නෑ හොම්බ බිම ඇනගනීවි බල්ලෙක් වාගේ.’‘එහෙම්ම ම කියන්න එපා. මිනිහා හරි ම ශූරයි.’‘ඒ වුණාට ලෝක ශූරයෝ එක්කලා හැප්පුණ කෙනෙක් එක්ක පොර බදනවා කියන එක විහිළුවක් නෙවෙයි.’‘ඒකත් ඇත්ත.’

විස්තර »

භාග්‍යවන්තී

 

එක් පුරුෂයකු හට දියණියෝ තිදෙනෙක් වූහ. වැඩිමහල් දෙදෙනා ම නපුරු ය. බාල දූ කාරුණික හද ඇත්තියකි. පියා ඉරිදා දිනයට කඩපොළට යයි එසේ ගොස් එන විට දූවරුන්ට තෑගි ගෙනැවිත් දෙයි. මෙසේ යන එක් දිනයෙක වැඩිමහල් දූවරුන් ඔවුන්ට වටිනා ඇඳුම් අවශ්‍ය යැයි කියා සිටියෝ ය. බාල දියණි රන්වන් ඇපල් ගෙඩියක් ඉල්ලා සිටියා ය.තිදෙනාට ම ඒ තෑගි එලෙස ම ලැබිණි. වැඩිමහල් දෙදෙනා අගනා වස්ත්‍ර හැඳ ගත්හ. එහෙත් බාල දූ තමා ලද රන්වන් ඇපල් ගෙඩිය සිය උකුළත තබා කවි කීවා ය;

විස්තර »

පේරාදෙණියට පැමිණි පසුවයි එතෙක් මා සිටි ලෝකයේ කුඩාකම දුටුවේ

 

මහාචාර්ය පියසීලී විජේගුණසිංහ

සම්ප්‍රදායෙහි සරු ලක්ෂණ අගයමින් නිසරු පැති විවේචනයට ලක්කිරීමට ඇය පෙලැඹුණේ නව යොවුන් වියේදීම ය. භරතමුණිගේ රසවාදී විචාර සිද්ධාන්තයන්ට ප්‍රතිපක්ෂ ව මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාව නමින් විචාර මතවාදයක් ගොඩනැඟීමට පෙරමුණගත් මහාචාර්ය පියසීලි විජේගුනසිංහ අදටත් අපෝහකභෞතිකවාදී දෘෂ්ටියකින් ලෝකය විවරණය කරන මාක්ස්වාදී විචාරිකාවකි.

 

 විස්තර »

විශ්ව සාහිත්‍යයේ සිංහල ලකුණ - 4

 

මාර්ටින් වික්‍රමසිංහ

මාර්ටින් විස්තර කරන දූවෙහිද, ලංකාවේ අන් හැම තැනක ම මෙන් ම, ඇත්ත වශයෙන් ම සැලකිය යුතු තරම් සර්පයෝ, වූහ.“අපට කෑම මේසයට ආරාධනය කළ ගෘහමූලිකාව, අපගේ සාකච්ඡාව අතරමග නතර කොට දැම්මා ය.“සුවඳ හමන ව්‍යංජන, නිපුණ ලෙස පිළියෙල කොට තිබිණි. කුකුළු මස් කැබලි හා මාළු ද බත් ද ආහාරයෙහි විය. නැහැය පිනවන කුළුබඩු යොදා සැකසූ හොද්දෙන් මේ සියලු දෙය නහවා තිබිණි. ඇත්තෙන්ම එයට නොමසුරුව රතු මිරිස් ප්‍රමාණයක්ද මුසු කොට තිබූයෙන්, මුඛයෙහි ගින්නක් හටගත්තාක් මෙන් විය.

  විස්තර »

යටි පතුළෙන් කවි ලියලා යන ළඳුනේ...

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලද ‘ඩෝල්ටන් අල්විස්’ සමරු ගීතාවලෝකනයේ දී පැවැත්වූ දේශනය ඇසුරිනි.සිංහල ගීතය රූමත් කළ - ගුණවත් කළ - ධනවත් කළ - සුවපත් කළ - උස් මහත් කළ - සුගන්ධවත් කළ එක ම කාණ්ඩයේ - එක ම අදහස් දැරූ එක ම වර්ගයේ කවීන් තුන්දෙනෙක් එක ම කාලයක ජීවත් වුණා. ඒ,

1. මහගම සේකර
2. මඩවල රත්නායක
3. ඩොල්ටන් අල්විස්

යන කවීන් තුන්දෙනා.

විස්තර »

කවිකාර කොම්බි

 

පොතානේ හිටන් කැලෑ තිරප්පනේට දීග ආපු කොම්බි ගමේ ඇත්තෝ අතරේ බොහොම අපූරුවට හොඳහිත ඇතිකර ගත්තා. රුව ලස්සනයි කතා ලතාවයි කවිකාරකමයි අහල ගංඔලත් පූතිග (ප්‍රසිද්ධ) වුනා. ඒත් නැන්දම්මා ඒ දේවල් බලාන හිටියේ ඉරිසියා ගෙඩි පැසව පැසවා (ඉරිසියාවෙන් මිරිකිලා) ගෙදර අතුපතු ගෑවත් උයන්ඩ පිහන්ඩ ගියත් දරට දියට ගියත් ලේලිගෙ වරදක් අල්ලාන ආවේස වුනා.”කුමාරිහාමි වාගේ ගෙවල්ඔල සැපට හිටියට දීග ආවට පස්සේ වැඩ ගමන් කරන්ඩ ඕනෑ. බලාපල්ලා කුස්සියේ හැටි. බලාපන් මිදුල අතු ගාපු කැත.

විස්තර »

අලංකාරය පරෙවියන්ටත් වටහා ගත හැකියි

 

ජපන් පර්යේෂකයෙකු වාර්තා කරන්නේ මිනිසුන් ගේ දෘෂ්ටිකෝණයට බොහෝ කොට සමාන වන ලෙසින් දරුවන් ගේ චිත්‍රවල හොඳ නරක වෙනස දකින්නට ඔහු විසින් පරෙවියන් පුහුණු කර ඇති බවයි.කුරුල්ලන් විසින් එම චිත්‍රවල ගුණ අගුණ මනින්නේ කලාත්මක ගුණයන් මඟින් ද, වෙනත් ලක්ෂණ මඟින් ද එසේත් නැතිනම් සංඥා මඟින්ද කියා සම්පූර්ණයෙන්ම වටහාගත නොහැකිය. නමුදු ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍යවරයකු වන ෂිගෙරු වටනේබ් ට අනුව මෙම පක්‍ෂීන්ට වැඩිහිටියන් විසින් පෙරදී . . .  . .

විස්තර »