මුල් කාලේ ප්‍රකාශන සමාගම් අපේ පොත් බාරගත්තේ නැහැ

 

ප්‍රවීණ ලේඛක ඇරැව්වල නන්දිමිත්‍ර

බ ඔබ ව පැහැදිලි ලෙස ම හඳුන්වා ගන්නේ කතන්දරකරුවකු ලෙසයි. හුදු කතන්දරයක් කීම පමණක් කෙටිකතාවක් ලෙසින් හැඳින්විය හැකි ද?

මීට ප්‍රධාන හේතුව වෙන්නේ කතන්දර කලාව කෙරෙහි මගේ දැඩි ඇල්මක් පැවැතීම. ඉතා ඈත අතීතයේ සිට ම මිනිසාගේ අධ්‍යාත්මය පෝෂණය කිරීම සඳහා කතන්දර කලාවෙන් විපුල මෙහෙයක් සිදු වුණු බව තමයි මම විශ්වාස කරන්නේ. ඒක විශ්වාසයකටත් වඩා සත්‍ය කරුණක් කීවොත් නිවැරැදියි. මිනිසා ඈත අතීතයේ සිට ම කතන්දර ඇසීම රුචිකොට තිබෙනවා.

විස්තර »

විශ්ව සාහිත්‍යයේ සිංහල ලකුණ - 3

 

මාර්ටින් වික්‍රමසිංහ

හා රුසියානු කවියා ද කැටුව සිංහලයේ මහා ලේඛකයා හමුවන්ට ගිය ඒ ගමන යාකව්ලෙෆ් විස්තර කරන්නේ මහත් අභිරුචියෙනි. ”බණ්ඩාරවෙල පිහිටියේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ය. අගනුවර සිට එහි යා හැක්කේ් දකුණේ සිට හෝ උතුරේ සිට හෝ වටකුරු මාර්ගයකින් පමණි. අපි උතුරු පැත්තෙන් වැටී ඇති මාර්ගය තෝරාගත්තෙමු. පළමු ව නුවරඑළිය දක්වා ගොස්, පසුව වැලිමඩ සානුව වෙත පැමිණිය යුතු ව තිබුණි. මාර්තු මැදදී, අපි කොළඹින් පිටත්වීමු. මේ කාලයේදී මැයි ගස් මලින් වැසී යයි.

විස්තර »

නිසි ඇගැයීමට ලක් නොවූ අග්‍රගණ්‍ය සිත්තරා

 

සොයිලියස් මැන්දිස්

ලිමුණි සෝයිලියස් මැන්දිස් සිත්තරා 1896 ජූනි 17 වන දින හලාවත මාදම්පේ මහවැව දී උපත ලැබී ය. මැන්දිස් මහතා සහෝදර සහෝදරයින් අට දෙනකුගෙන් යුතු පවුලක දෙවැන්නා විය. මාදම්පේ ක්‍රිස්තියානි පාසලෙන් අධ්‍යාපනයට අත්පොත් තැබූ මේ අපූර්ව සිත්තරා ඉක්බිති ව නාත්තන්ඩියේ වීරහේනේ විද්‍යාරත්න පිරිවෙනට ඇතුළත් වී . . . . . .

විස්තර »

ගෙඹි මනමාලිය

 

ක් රජෙකුට පුත්තු තිදෙනෙක් වූහ. ඔවුහු දුනු ශිල්පයේ අති දක්ෂයෝ ය. වරක් පියා පුතුන් අමතා මෙසේ කීය; ”නුඹලාගේ ශිල්ප දක්වාපල්ලා. නුඹලාගේ දුනුවලින් නික්මෙන හී පොළොවේ ගැටෙන තැනින් මනමාලියන් සොයා ගනිමු”තිදෙනා ම දුනු දිය ඇද්දා හ. වැඩිමහල් දෙදෙනා ගේ හී තරුණියන් පාමුල වැටිණි. එහෙත් බඩපිස්සාවූ ඉවාන් ත්සරේවිච් ගේ හීය වැටුණේ ගෙම්බියක අසල යි.

 විස්තර »

තෑග්ග

 

ද්දේගමට ගියේ අවුරුදු දෙකකට පමණ පසු හිතවතෙකුගේ බිරියගේ අවමඟුල් උත්සවයකට සහභාගිවීම සඳහා ය. කුඩාකල සිටම දැනහැඳින සිටි ඇයගේ හදිසි අභාවය සිත් කම්පා කරවන්නක් විය. මගේ හිතවතා ඥාතිමිත්‍ර හැම කෙනෙකුගේ ම වැඩකදී උනන්දුවෙන් වැඩ කරන්නෙකු බැවින් නිවස මෙන්ම ආදාහනාගාරය ද ජනයාගෙන් පිරී පැවතිණි. ආදාහනය පැවති අලංකාර ගොඩනැගිල්ලේ උළුකම්හලක මෙන් උස කෙමිය සහිත කොටස නොවන්නට එය ඕනෑම කෙනෙකු දකින්නේ අලංකාර මල් උයනක් ලෙසිනි.

  විස්තර »

‘ධ්වනිතවීම’

 

මහාචාර්ය ම.ව. සුගතපාල ද සිල්වා

ර්තමානයේ සිංහල සාහිත්‍යය විචාරය කිරිමට ඉදිරිපත් වන බොහොම ආධුනිකයො සාහිත්‍ය ඛණ්ඩවලින් නොයෙකුත් අර්ථ ධ්වනිත වීමක් ගැන ප්‍රකාශ කරනවා. මේ කාව්‍යයේ අසවල් වචන යෙදීම නිසා අසවල් විදිහේ අර්ථයක් දැනැවෙනවා ය, අසවල් වචන නිසා අසවල් විදියේ අර්ථයක් ධ්වනිත වෙනවා ය යනාදී කීම කොයි තරම් දුරට සත්‍යය ද යන්න මද වශයෙන් පරීක්ෂා කර බැලීමයි මේ කුඩා ලිපියෙන් මා කරන්නට බලාපොරොත්තු වන්නේ. අර්ථයක් ජනිත වීම සිද්ධවන්නේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් මුල් කර ගෙනයි. වාක්‍යයේ ස්වභාවය හෙවත් වචන සංඝටනාවය, වාක්‍යය යෙදෙන්නා වූ අවස්ථාව හෙවත් ප්‍රකරණය යන කාරණා දෙක අර්ථ උද්දීපනයට මූලික වන බව පෙර අපර දෙදිගම භාෂාවේදීන් විසින් දක්වලා තිබෙනවා.

විස්තර »

කවිකාර කොම්බි

 

රෑට බතට කැලෑ තිරප්පනෙන් පොතානට ආපු මඟුල් නඩේට තෙලෙන් කිරෙන් රසෙන් මුසෙන් (මුසුව) උයලා පිහලා යහමින් කන්ඩ දුන්න. එදා රෑට සප්පායන් වෙච්චි ඒ කාණ්ඩේ පහුවෙනිදා එලිවෙන කල්ම ලෙන්ගතු කතා බහට වැටිලා හිටියා. පාන්දරින්ම ගිරගි උන්දා කොම්බි කෙල්ලට ඇහැරවලා කුස්සියට ගියේ ලිපගිනි මෝදු කොරන්ඩ. මස්සිනාගෙ ගමට දීග යන කෙල්ලෙකුගෙ හිතේ යහමින් මෝදුවෙන සතුටු කන්දරාව කොම්බිගෙ පපු කුහරේ මෝදු වුණේ නෑ. කොම්බී නිදිපැදුරෙන් නැගිට්ටේ මේ කවිය කියාන.

විස්තර »

සෙනෙහස පාට කරන හෝලී උත්සවය

 

භාරතය, උත්සවයන්ගෙන් පිරි දේශයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවන්නේ ය. අවුරුද්ද පුරා ම පාහේ කුමන හෝ උත්සවයක් යෙදී ඇති භාරතීය සංස්කෘතියේ උත්සවයක් නොමැති දිනයක් සොයා ගැනීම අපහසු කාර්යයකි. භාරතීය සංස්කෘතියේ විවිධ පැතිකඩවල් හා බැඳුණු උත්සව බොහෝ ප්‍රමාණයක් ඇතත්, භාරතීයන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරන උත්සවයකි, ‘හෝලී’.

විස්තර »