විශ්ව සාහිත්‍යයේ සිංහල ලකුණ - 1
| |
විශ්ව සාහිත්‍යයේ සිංහල
ලකුණ - 1
|
|
මාර්ටින්
වික්‍රමසිංහ
සම්භාව්‍ය වූද, නවීන වූද, ලෝක සාහිත්‍යය සප්ත මහා සාගරය වැන්න. කවර ම ජාතියකට
වුවද, කවර ම භාෂාවකට වුවද, කවර ලේඛක පරපුරකට වුවද, මේ මහා ජල කඳට එක් කළ හැකි
වනුයේ, පුංචි දියත්තක් පමණි. සුප්‍රකට කිර්ගීස් ජාතික ගත්කරු චින්ගීස්
අයිත්මාතෝව්ගේ බසින්, “මහාද්වීපය නමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බිඳුවක් වන්”
ශ්‍රී ලංකාව වැනි පුංචි කොදෙව්වකට, විශ්ව සාහිත්‍යය නමැති සප්ත මහා සාගරයට පුංචි
දියත්වත්වක් එක් කළ හැකි ද යන විමතිය ඇති වනු නොවැළැක්විය හැක්කේ ය.
එතෙකුදු වුවත්, අපගේ සිංහල සාහිත්‍යයෙන් ද පුංචි දිය බිඳුවක් ලෝක සාහිත්‍යය නමැති
සප්ත මහා සාගරයට එක් ව ඇත්තේ ය.
ලෝක සාහිත්‍යය නමැති සප්ත මහා සාගරයට ශ්‍රී ලංකාවෙන් එක් ව ඇති ඒ පුංචි දිය බිඳුව -
ඇතැම් විට කිරි බිඳුව - මාර්ටින් වික්‍රමසිංහ ය. ඒ ගැන සැකයක් ඇත්තේ නැත.
මාර්ටින් වික්‍රමසිංහ විසින්, ඉතා සංයත විලාසයකින් තමාගේ උපන්දාසිට ජීවන තතු ලියා
ඇත්තේ, 1961 වසරේදී ය.
ඊට අවුරුදු පහළොවකට පමණ පෙර - ගණන් හදා බලතොත්, 1946 දී පමණ ඔහුට රුසියාවට යන්නැයි
හිතවතුන් කිහිප දෙනෙක් ම ආරාධනා කළහ. එහෙත් වික්‍රමසිංහ ඒ ආරාධනාව බැහැර කෙළේ,
එකල්හි ඔහු ගිලනකු සෙයින් ජීවත් වූ හෙයිනි. ඒ වන විට ඔහු ලේක්හවුසියේ රැකියාවෙන් ද
අස්ව සිටියේ ය. “රක්සාවෙන් අස්වීමෙන් ලැබූ නිදහසත්, කාලයක් තිස්සේ හදෙහි ගොඩගැසුණු
කලකිරීමත් ඇති මම සිය පණ නසා ගැනීමට තරම් එඩිතර අවංක සිත් ඇති මෝඩයෙක් නොවීමි” යැයි
ඔහු ලියා තැබී ය.
එතැන් සිට, මාර්ටින් වික්‍රමසිංහට ම සවන්දීම යෙහෙකි.
“ලංකාවේ ගැමි පෙදෙස්වලත්, නටබුන් නගරවලත් ඇවිදීමෙන් පසු මගේ කලකිරීම අඩු වීය. ගැමි
ජනයා උදෙසා මා තුළ වූ දයානුකම්පාව හා සමාජවාදීය හැඟීම ද දැඩි විය. සෝවියට්
රුසියාවටත් චීනයටත් යන්ට මට සිතුණේ, කලකිරීම තුනී වීමෙන් මගේ අදහස් වෙනස් වූ
හෙයිනි.
“රුසියාවට යන්ට සතියකට උඩදී රත්මලානේ අහස් නැවු පළේදී මගේ මිතුරකු වූ තාසි
විට්ටච්චි මට හමු වීය.
“මම මාටින් හම්බවෙන්න එන්න හිතාගෙන හිටියා” යි ඔහු කීවේ ය. “මාටින්ට මේ වර
ජාත්‍යන්තර සැලකිල්ල ලැබේවි.”
“මම දේශපාලන කටයුතුවලින් ඈත් වෙලා ඉන්නේ.”
“දේශපාලන සේවයක් ගැන නෙවි. මාටින්ගේ සාහිත්‍ය සේවය ගැන. ලබන අවුරුද්දේ මැග්සායිසායි
සාහිත්‍ය තෑග්ග මාටින්ට ලැබේ යයි මම හිතනවා. ඒ තෑග්ගට මාටින්ගේ සුදුසුකම් මම
ඉදිරිපත් කළා.”
“ඒ ගැන ඔබට ඉතා ම ස්තුති කරනවා. දැන් ඕවා ගැන මගේ කිසිම ආසාවක් නෑ.”
“මම රුසියාවට ගොස් ආපසු ඇවිත්, රුසියාවට විරුද්ධ ව ඇමරිකාව ඇතුළු බටහිර රටවල්
විසින් ප්‍රචාරය කරන චෝදනා අසාධාරණ බව ඔප්පු කරන්ට වෑයම් කෙළෙමි. සියලු ම පාසැල්
ජනසතු කළ යුතු යයි කියමින් මම කතෝලික පල්ලියත් පන්සලත් විවේචනය කරමින් සිළුමිණට
ලිපි පෙළක් ලියුවෙමි. මගේ හොඳ මිත්‍රයකු වූ හලාවත ඇඩ්මන්ඩ් පීරිස් රාජගුරු
ප්‍රසාදීන් වහන්සේ මගේ ලිපිවලට පිළිතුරු ලියුවේ ය. මම ඒ ලිපි ද විවේචනය කෙළෙමි.
“මා චීනයට ගිය බැවින් වාදය නවත්තන්ට සිදු වීය. මා චීනයෙන් පෙරලා ආ පසු, සිළුමිණ කතු
තුමා කළ ආරාධනයක් අනුව ලිපි දහයක් සිළුමිණට ලියුවෙමි. පළමු ලිපි දෙකින් මම
චියංකායිෂෙක්ගේ ආණ්ඩුවත් ඔවුන්ට උදවු කරන ඇමරිකාවත්, සාධක දක්වමින්, තරයේ විවේචනය
කෙළෙමි. මගේ විවේචනයන් සනාථ කරනු පිණිස මම බටහිර උගතුන්ගේ පොත්වලින් සාක්ෂ්‍ය උපුටා
දැක්වීමි. ඒ පොත්වලින් එකකි, අන්ද්‍රෙ මිගෝ නමැති ප්‍රන්ස පඬිවරයාගේ
Tibetan Marches. ඔහු චීන මහජන විප්ලවයට මාස කිහිපයකට පෙර චීනයේ සංචාරය කොට කොමියුනිස්ට්
සේනා පීකිං නුවර අල්ලාගත් පසු දුක සේ එහි ළඟා වූවෙකි. මිගෝ පඬිවරයා චියංකොයිෂෙක්ගේ
පාලනයත් ඔහුගේ නිලධාරීනුත් යුද සෙනෙවියනුත් කරන කොල්ලය සියැසින් දුටුවෙකි. ගැමියන්ට
ආහාර වර්ග වගාවට නොව, අබින් පැළ වැවීමට ඒ නිලධාරීහු අනුබල දෙති.
“අබින් මල්වලින් කොටසක් ද ඔවුහු අත්ලස් වසයෙන් ලබති. අනතුරුව ඒ නිලධාරීහු ගැමියන්
සතු අබින් මල් ද තුට්ටුවට දෙකට මිලට ගනු පිණිස කූට වෙළඳුන් යවති. ඒ සියලු ම අබින්
මල් එක්කොට කිරා මිටි බඳිනු ලැබේ. මේ මිටි පටවන ලද ගැල් පෙරහැර රකිනු පිණිස,
ඇමරිකන් තුවක්කු ගත් චියංකායිෂෙක්ගේ බටයෝ පෙළ සෑදී ගමන් කරති.
“මෙය අන්ද්‍රෙ මිගෝ පඬිවරයා චියංකායිෂෙක්ගේ ආණ්ඩුවටත් ඒ ආණ්ඩුවට උදව් දෙන ඇමරිකන්
පිළිවෙතටත් නඟන ලද චෝදනාවලින් එකකි.
“මගේ ලිපි සිළුමිණෙහි පළ වූයේ, 1960 මාර්තු මැතිවරණයට මාස කිහිපයකට පෙර ය. සමාජවාදය
නොඉවසන දේශපාලනඥයෝ බිය ගත්හ. ඒ ලිපි මැතිවරණයේදී ඔවුන්ට හානිකර වෙතියි සමහරු සිතුවෝ
ය.
“මැතිවරණයෙන් පසු අනිත් ලිපි අට ලියන්නය” යි සිළුමිණ කතු තුමා යෝජනා කළේ ය.
“මැතිවරණය අවසාන වන තෙක් මට මගේ ලිපි පෙළ සඳහා සිතට නඟා ගත් සංකල්පයන් හා ඒ අනුව
ලිපි ලියන්ට සිතින් තෝරාගත් කරුණුත් කල් තබන්ට නුපුළුවන් බව පේ‍්‍රමතිලකට වැටහෙනවා
ඇත. පේ‍්‍රමතිලක පත්‍ර සමාගමෙහි සේවකයෙකි. මම මගේ අනිත් ලිපිවලින් දේශපාලනය පිළිබඳ
කරුණු බැහැර කරනවා. අනිත් ලිපි අට ම මම චීනයේ සංස්කෘතිය හා සාහිත්‍ය කලා ද ආගම් ද
ගැන ලියනවා.”
“පේ‍්‍රමතිලක ඊට එකඟ වීය. මම ඒ පොරොන්දුවෙන් පිට පැන දේශපාලනය පිළිබඳ වචනයකුදු
නොලීවෙමි.”
“උඹ මැග්සායි-සායි තෑග්ග බලාපොරොත්තු වෙනවා නම්, ඇමරිකාවටත් කතෝලික පල්ලියටත්
විරුද්ධ ව ලිවීම මෝඩකමක්. චීනය ගැන උඹ කියන දේ ඇත්ත වෙන්න පුළුවනි. මැග්සායි-සායි
තෑග්ග දෙන්නේ ඇමරිකන් සල්ලිවලින් පිහිටවපු අරමුදලෙන්. ඒක පාලනය කරන්නේ කතෝලිකයෝ” යි
මගේ ළඟ නෑයෙක් කීවේ ය.
“මම තෑගි බලාපොරොත්තුවෙන් කවදාවත් පොත් ලියුවේ නෑ. පොත් ලියන්නෙත් නෑ. මම චීනයේදීත්
දෙතුන් දෙනෙක් සමඟ වාද කළා. මට වැටහෙන දේ කියනවා. වැරදියයි හැඟෙන දේ විවේචනය කරනවා.
මාර්ටින් වික්‍රමසිංහ තෑගි බලාපොරොත්තුවෙන් කවදාවත් පොත් නොලියුවා සේම, ලෝක
සාහිත්‍යයෙහි තැනක් ලැබෙතැයි සිතාගෙන පොත් ලියුවේ ද නැත. ඔහු තමාගේ නිර්මාණ
හැකියාවත් විචාරාත්මක වූ ස්වාධීන චින්තනයත්, උපරිම අන්දමින් ස්වකීය ජනතාවට
පිරිනැමුවා පමණකි. එහෙත් කීර්තියත්, ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ
පිළිගැනීමත්, ඔහු සොයා පැමිණියේ ය.
ඔහු සිංහල ඉංගී‍්‍රසි දෙබස ම වැඩි කොට උගත්තේ, ස්වෝත්සාහයෙනි. පාලි සහ සංස්කෘත
භාෂාවල ප්‍රවීණත්වය ලැබුවේ ද ස්වෝත්සාහයෙනි. කෙසේ වෙතත්, වෘත්තීය පුවත්පත් කලාවෙන්
සමුගත් පසුව, ඔහු ඉංගිරිසි බසින් ද ලේඛනයෙහි යෙදෙන්නට වූයේ වන.
වික්‍රමසිංහ විසින් ඉංගිරිසි බසින් ලියන ලද මුල් ම ලේඛනය හැටියට නාමාවලී
සංස්කාරකවරුන් දක්වන්නේ, “Is there no case for national
languages: Danger of creating a new Harlem” යන ලේඛනයයි. එය 1949 මාර්තු 13 වැනි දින එවකට ඛ්ඥරතධද
ර්‍ණඡඵඥපමඥප පුවත්පත්හි පළ විණි. ඉන් අනතුරුව සංස්කෘතිය, ආර්ථික විද්‍යාව,
අධ්‍යාපනය, ලලිත කලා, ඉතිහාසය, භාෂා ශාස්ත්‍ර, නීතිය, සාහිත්‍යය, දර්ශනය, දේශපාලනය,
රාජ්‍ය පරිපාලනය, ආගම, විද්‍යාව, සමාජ විද්‍යාව යන විෂයයන් අරබයා ද, පුද්ගලයන්
අරබයා ද, ඔහු විසින් 1949 - 1975 අතර කාලය තුළ ඉංගිරිසි බසින් ලියන ලද ලිපි ලේඛන
සංඛ්‍යාව දෙසියයකට ආසන්න ය.
ඒ අතර, මේ කෘතියෙහි කලින් ද සඳහන් කළ පරිදි, ඔහු විසින් ලියන ලද
The Mysticism of Lawrence (1951), Aspects of Sinhalese
Culture (1952), The Buddhist Jataka Stories and the Russian Novel (1957),
Buddhism and Culture (1967), Revolution and Evolution (1971), Buddhism and Art
(1973), Sinhala Language and Culture (1975) යන කෘතීන් ද ප්‍රකාශයට පත් විය. ඉංගිරිසි බසින් ඔහුගේ ලේඛනයක් පළ වීමට පෙර
ම, ඔහුගේ සිංහල සාහිත්‍යයේ නැඟීම යන විචාර කෘතිය ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
විසින් Landmarks of Sinhalese Literature යන සිරසින් යුතු ව, 1945 වසරේදී
ඉංගිරිසියට නඟා පළ කරන ලදී. ඔහුගේ අපේ ගම නමැති විත්ති පොත ඉංගිරිසියට නැඟෙන්නේ,
1968 දී ලක්ෂ්මී ද සිල්වා අතිනි. එය Lay Bare the Roots නම් විය.
ලබන සතියට
|