අපේ රටේ බහුතරයකට එක භාෂාවක්වත් හරියට බැහැ

 

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මාජ විද්‍යාව හා මානව විද්‍යාව එක ම අධ්‍යයනාංශයක් යටතේ පවතින විෂය යුගලක්. එදා මානව විද්‍යා අධ්‍යයනාංශයක් මුල්වරට ඇරඹීමේදී ශ්‍රීමත් අයිවර් ජෙනිංස් ඊට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහයන් මේ උදෙසා කලක පටන් අරගල කළා. ඒ අනුව මේ විෂයද්වය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට පිවිසුණේ දිගුකාලීන අරගලයක ඵලයක් ලෙස නේද?

විස්තර »

විශ්ව සාහිත්‍යයේ සිංහල ලකුණ - 1

 

මාර්ටින් වික්‍රමසිංහ

ම්භාව්‍ය වූද, නවීන වූද, ලෝක සාහිත්‍යය සප්ත මහා සාගරය වැන්න. කවර ම ජාතියකට වුවද, කවර ම භාෂාවකට වුවද, කවර ලේඛක පරපුරකට වුවද, මේ මහා ජල කඳට එක් කළ හැකි වනුයේ, පුංචි දියත්තක් පමණි. සුප්‍රකට කිර්ගීස් ජාතික ගත්කරු චින්ගීස් අයිත්මාතෝව්ගේ බසින්, “මහාද්වීපය නමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බිඳුවක් වන්” ශ්‍රී ලංකාව වැනි පුංචි කොදෙව්වකට, විශ්ව සාහිත්‍යය නමැති සප්ත මහා සාගරයට පුංචි දියත්වත්වක් එක් කළ හැකි ද යන විමතිය ඇති වනු නොවැළැක්විය හැක්කේ ය.

විස්තර »

අද දවසට ලිවීම හා ‘අද’ ලිවීම

 

ණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනය ගැන විමසූ මා නොදන්නා රසිකයෙක් දුරකථනයෙන් මගෙන් එක් ප්‍රශ්නයක් අසා සිටියා. මේ අවලෝකනයේ දේශපාලනයක් නැහැ නේද? එයයි ප්‍රශ්නය. මා ඔහුට සැහැල්ලුවෙන් කීවෙ කලාව කාලයේ බඳුනක් නිසා සාහිත්‍යයට සමාජ සාරය දේශපාලනය වෑස්සෙන බවයි. මේ ප්‍රශ්නය අද දවසේ සාහිත්‍ය කලාවට සම්බන්ධ ව පැවැත්වෙන ඕනෑ ම සාකච්ඡාවකට වැදගත් විවාද කේන්ද්‍රයක් සපයන බව මගේ හැඟීමයි.

විස්තර »

ස්නෙගූරච්කා

 

මෙය සිදුවූයේ ඉතා ඈත කාලයකදී ය. එක්තරා අඹුසැමි යුවළකට දරුවෝ නැත්තා හ. ඔවුහු කෙමෙන් මහලු වියට ද එළැඹුණා හ. මැහැල්ල හැමවිට ම කවුළුවෙන් පිටත බලමින් සුසුම් හෙළමින් සිටිනු දකින මහල්ලා ගේ සිත ද මහා දුකකින් පිරිණි. ඔවුනට සියල්ල තිබිණි. නොතිබුණේ සිතේ සතුට පමණි. ඒ දරුවකු නොමැති හෙයිනි.

 විස්තර »

මහා ප්‍රාඥයකුගේ ආත්මීය සටහන් - II

 

සාපේක්ෂතාවාදය විද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා වූ ගණිතමය ක්‍රියාදාමය අතිශය සංකීර්ණ වූවක්. කෙසේ වුවත්, අයින්ස්ටයින් හොඳම භෞතික විද්‍යාඥයාත් හිල්බට් හොඳම ගණිතඥයාත් කරමින් එය සම්පූර්ණ වෙමින් තිබුණා. 1915 ඔක්තෝබරය වන විට අයින්ස්ටයින් බර්ලිනයේ ප්‍රසියානු විද්‍යා ඇකඩමියේ දේශන පවත්වමින් සිටියා. එක දිගට බ්‍රහස්පතින්දා හතරක්ම ඔහු ඒ සඳහා ගත කළේ, සිය දරුවන් සමඟ යළි එක්වීමේ අරගලයක ද යෙදෙන අතරයි.

  විස්තර »

ගල් වෙඩිල්ල

 

යට සැමියාගේ වෙනස දැනිණ. ජීවිතයේ භාගයක් ම ඔහු සිටියේ සිරගෙදර ය. දඬුවම් කාලයක් අවසන් වී ගෙදර පැමිණ සිටිනුයේ උපරීම තුන් මාසයකි. ආයෙත් මොකක් හෝ මගඩි වැඩකට වරදකරු වී ඔහු හිර ගෙදරට යයි. කම්මලේ බල්ලට හෙණ ගැහුවත් ගානක් නැතෙයි කියන්නාක් මෙන් ඇයට ද දැන් ඔහු හිරේට නියම වූවා හෝ බේරුණා කියා අමුත්තක් නැත. ඔහු හිර ගෙදරින් නිදහස් ව ගෙදර එන තෙක් මුල් කාලයේ ඇය බලා සිටියේ නොඉවසිල්ලෙනි. එහෙත් දැන් එය ඇයට ඔහේ ස්වභාවධර්මයේ බලපෑමට අනුව සිද්ධ වන උදේට හිරු නැඟීම, හවසට හිරු බැස යාම තරම් සාමාන්‍ය දෙයකි. කොතෙක් දැඟලුව ද ඒ පෑයීමේ, බැස යාමේ වෙනසක් කළ නොහැකි බව ඇය දනී. තම සැමියාගේ ක්‍රියා පටිපාටිය ද එසේ වෙනස් කළ හැක්කක් නොවේ.

විස්තර »

කවිකාර කොම්බි

 

කොල්ලා දැන් වරකා මදුලට වහ වැටිච්ච මාවවුලා ගානට වැටිලා. කොම්බිලෑ ගෙදරටම බින්න බැහැලා. දෙතුන් දොහක්ම ගම ගැන මතක් කොරාපු විඩේ නාම්බා බිත්තර වී ගෝනි ටිකකුත් පටවාන කරත්තේ දක්කාට කැලෑ තිරප්පනේට ගියා. ගිහුන් හිටන් කස් බස් ගාලා කුඹුරු ලියදි ටික වපුරලා සුමානේ ගෙවෙන්ඩත් කලියෙන් කරත්තේ දක්කාගන ආයෙ කොම්බිලෑ ගෙදරට ගාල්වුනා. එදා දොහේ පැටියා ගෙදර එනකොට ගෙදර හිටියේ කොම්බී කෙල්ල විතරයි. කෙල්ල කොලු නාම්බට බත සැරි වැරි කොරලා දීලා කතාව පුරා ගත්තා.

විස්තර »

ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ
ඇතැම් ප්‍රශ්න

 

මේ ලිපිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර සංගමය මඟින් පළකරන ලද ‘සමාජ විග්‍රහය’ නමැති සඟරාවේ පළවූවකි. සිංහල සංස්කෘතිය භාරතීය සංස්කෘතිය පදනම් කොට ඇතත්, ස්ථවිරවාද බුද්ධාගම නිසා එය භාරතීය හින්දු සංස්කෘතියෙන් වෙන් වූවක් බවට පත්විය. සිංහල සංස්කෘතියට බුද්ධාගමේ ඇති සම්බන්ධයත් භාරතීය සංස්කෘතියට හින්දු සමයෙහි ඇති සම්බන්ධයත් එක හා සමාන නොවේ. අතීතයේ පටන්ම බුද්ධ ධර්මය සාමූහික ලෙස කරන වැඳුම් පිදුම්වලින් තොර වතාවත් අඩු ධර්මයක් විය. අදත් ඒ එසේමය. මේ හැරුණු විට යාඥාවට හෝ උත්තර මානුෂීය බල ඇති අයට කරන ආයාචනයට හෝ තැනක් බුද්ධාගමේ නැත.

විස්තර »