කවිය හුදු යථාර්ථය ම කියන මාධ්‍යයක් නොවෙයි

 

නන්දන වීරසිංහ

80 දශකයේ දී ‘ගිං ගඟේ විලාපය’ නම් කාව්‍ය ග‍්‍රන්ථය රචනා කරමින් කාව්‍යාවතරණයට එළැඹි නන්දන වීරසිංහයන් රාජ්‍ය සම්මානලාභි ප‍්‍රකට කවියෙකි. දැනට කාව්‍ය ග‍්‍රන්ථ හයක් ක්ෂේත‍්‍රයට දායාද කළ ඔහුගේ ඒ කෘති හයෙන් හතරක් ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. නන්දන වීරසිංහයන්ගේ නවතම කාව්‍ය ප‍්‍රබන්ධයක් ‘සඳකැන් මිණි’ නමින් පසුගියදා නිකුත් වූ අතර එහි ඔහුගේ පැරැණි නිර්මාණවලින් තෝරාගන්නා ලද කාව්‍ය නිර්මාණ 165 ක් අඩංගු ව ඇත.

විස්තර »

නික්ම ගිය සහෘදයා

 

විසිතුර’ පුවත්පත ආරම්භ කරන ලද්දේ හැටේ දශකයේ මුල් භාගයේදීය. අද, සිනමා, නාට්‍ය, සංගීත හා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් බවට පත්වී සිටින ලේඛකයන් වැඩි පිරිසක් කලා ලොවට සම්ප‍්‍රාප්ත වූයේ ‘විසිතුර’ හරහා බව අපට තවමත් මතක ය. පෙ‍්‍ර්මකීර්ති ද අල්විස් නමැති මාධ්‍යවේදියා ද ‘විසිතුර’ හරහා මාධ්‍ය ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූ ප‍්‍රතිභා ගුණපිරි එවන් ලේඛකයෙකි. පෙ‍්‍ර්මකීර්ති මට මුලින් ම මුණගැසුණ දිනය හරියට ම මතක නැත. එය හැටේ දශකයේ මැද භාගයේදී පමණ සිදුවූවක් බව යාන්තමට මතක ය.

විස්තර »

අපරාජිතයෝ

 

“ඈ සිරිසේන කොහේද ළමයෝ උඹ උදේ ඉඳන් ගියේ? උඹට වෙන වැඩ නැද්ද? තාත්තා කුඹුරට ගියා. ඒ වැඩවලට ටිකක් උදව් වෙයන්. උඹලා වෙනුවෙන්නේ ඒ මිනිහා ඔය නැහෙන්නේ. ඇයි රෑට දවල්ට කන්න හම්බෙනවා. වෙන අඩුපාඩු ලැබෙනවා.” “අනේ අම්මේ කෑ ගහන්නැතිව ඉන්න. මම ගියා සමන්තලෑ ගෙදර.” “ඔව් ඉතින් සමන්තලාට මොකද? මොනවෑන් අඩුවක් ද? අපටනේ ළමයෝ අඩුපාඩු උඹ පවුලේ වැඩිමලා.

විස්තර »

කවිකාර කොම්බි

 

කැවුම් පෙවුන් හදාන අය්යන්ඩී බලන්ඩ ආපු රං එතනට එදා රෑ යහමින් නෑ බත ලැබුනා. මස්මාලු කිරි දී කිරි එහෙම රෑ බතට සප්පායන් වෙලා රං එතනයි කිරිහාමි ගොය්යයි ගිරගි උන්දැයි වෙළඳන් මඩුවේ පැදුරු ඔල දපාන කතා ලතා පුරා ගත්තා. ”අය්යන්ඩී පහුගිය කාලේ උඹලෑ දිහාවේ වෙච්චි හලහලු කුලකිලි ආරානෝරු ආරංචි වුනා. මං ඔව්වා අහබලාන හිටියේ ගිනිකබලක ඉන්නවා වාගේ. මාත් ලෙඩගානේ වැටුනා.

 විස්තර »

පතිනියක පිළිබඳ හෘදයංගම පී‍්‍රති ගායනයක්

 

නන්දන වීරසිංහ

කුලයට තුටු කරන සිරිකතක ගේ ආගමනයෙන් පෙම්වත් ස්වාමිපුත‍්‍රයකු හදෙහි නැඟි උදානයක් බඳු සුභාවිත ගීතයෙකි මෙවර අපගේ වින්දනයට හසු වන්නේ. තමා වෙත එළැඹෙන ජීවන සහායිකාව කෙරෙහි වන මහත් ගෞරවපූර්වක භාවය හා, ඇය පිළිබඳ ඇගැයුම්ශීලි සංවේදනය සහිත මේ ගීතය යළි යළි සමාජගත විය යුතු හිතකර ආකල්පයෙකින් පරිමිත යි.සියලු ගෘහ කාර්යයන් සඳහා පතිකුලයේ අණසක යටතේ තහංචි, බන්ධන මධ්‍යයේ කැපවීමට නියමිත සේවිකාවක ගේ සම්ප‍්‍රාප්තිය නො වේ මේ.

  විස්තර »

අළු බළලා

 

කුස්යා නම්වූ සාමාන්‍ය පවුලකට අයත් රුසියානු පුරුෂයෙක් කලක් වාසය කෙළේ ය. අළුවන් බළලෙක් ඔහු සතු ව සිටියේ ය. කුස්යා මේ බළලාට ඉතා ආදරයෙන් සැලැකිලි දැක්වීය. කුස්යා සංචාරයේ ලොල් විය. ඔහු වරක් රාජමාලිගය වෙත ද ගියේ ය. එහි දී රාජ කුමාරිකාව දුටු සැණින් කුස්යා ඈ කෙරෙහි පිළිබඳ සිත් පහළ කරගති. ඔහු රජතුමා ඉදිරියේ පෙනී සිට මෙසේ කීය; ”මහරජාණෙනි, උතුමාණනි ඔබේ දියණි කෙරෙහි පිළිබඳ සිත් පහළ වුණා. ඈ විවාහපත් කරගැනීමට කැමැතියි.”

විස්තර »

මහා ප‍්‍රාඥයකුගේ ආත්මීය සටහන්

 

විසිවන සියවසේ බිහිවූ මහා විද්‍යාඥයා ද, සාපේක්ෂතාවාදයේ පියා ද වන ඇල්බට් අයින්ස්ටයින් ගේ පෞද්ගලික ලිපි කිහිපයක් මීට දෙවසරකට පමණ පෙර ප‍්‍රසිද්ධියට පත් කෙරුණා. අයින්ස්ටයින් ගේ මිණිපිරියක වන මාර්ගො අයින්ස්ටයින් සුරැකිව තබාගෙන තිබු එම ලිපි එලෙස ප‍්‍රකාශයට පත් කෙරුණේ ඇයගේ අභාවයෙන් විසි වසරකට පසුවයි.  අයින්ස්ටයින් ගේ ජීවිතය හා බැඳි සමහර ලිපි ඊට පෙර, කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ අයින්ස්ටයින් පති‍්‍රකා ව්‍යාපෘතිය යටතේ එම දසවෙනි වෙළුමට ඇතුළත් කරමින් පි‍්‍රන්සිටන් විශ්ව විද්‍යාලයීය මුද්‍රණාලය මඟින් පළ කෙරුණා.

විස්තර »

රැක ගත යුතු උරුමය ගැන නෙත් අරවන අංගාණී

 

ටෙලි නළුව අද්‍යතනයේ මෙරට ජන විඥානයට ප‍්‍රබල ලෙස බලපාන කලා මාධ්‍යයක් සේ හැඳින්වීමෙහි කිසිදු අතිශයෝක්තියක් නොමැත. දාරක සමයේ ටෙලි නළුව ප‍්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරුන් අල්ප දෙනෙකු ගේ නිර්මාණශීලී දායකත්වය යටතේ ස්වාධීන කලා මාධ්‍යයක් ලෙස හැඩ ගැසිණ. එහෙත් එහි වත්මන් තත්ත්වය ඛේදජනක ය.  90 දශකයේදී එය ඒකාකාරී භාවාතිශය, ගෘහස්ථ තේමා රැගත් දීර්ඝ ටෙලි වෘත්තාන්ත ප‍්‍රවණතාවට ද ඒ දශකයේ අග භාගයේ ඉන්දියානු ආකෘතියේ ග‍්‍රාම්‍ය සෝප් ඔපෙරාවල ග‍්‍රහණයට ද හසු විය. “මෙගා වසංගතය” ට එය ගොදුරු වූයේ ඉන්ඉක්බිතිව ය.

විස්තර »