දුටුගැමුණු රජතුමා සමූලඝාතන යුද උපක‍්‍රම ප‍්‍රතික්ෂේප කළා

 

ජයන්ත චන්ද්‍රසිරි

ජයන්ත චන්ද්‍රසිරි යනු හුදෙකලා කාල්පනිකයෙක් නොවේ. ඔහු තමා අත්දුටු යථාර්ථය හැමදා බෞද්ධ දර්ශනය මත පිහිටා කියන්නෙකි. එක් අතෙකින් මා ඔහු දකින්නේ අපේ කාලයේ සැබෑ සිනමාකරුවා ලෙස ය. ඒ අතීතය, වර්තමානය, අනාගතය යන තුන් කලෙහිම කාල්පනික ව ඇවිද යන එයින් වර්තමානයට යමක් ප‍්‍රදානය කරන සිනමා යාති‍්‍රකයා වීම නිසාමය. ඉතිහාසය යළි කියැවීමට මීට වඩා ප‍්‍රස්තාවක් තිබේද?

විස්තර »

රේඛාවේ හා වර්ණයේ සංකලනය ජෝර්ජ් කීට්

 

ජෝර්ජ් කීට් සිත්තරා අප අතරින් වෙන් වී ලබන 31 දිනට වසර 16 ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ වෙනුවෙනි.

ජෝර්ජ් කීට් නොහොත් ජෝර්ජ් පර්සිවල් ස්ප‍්‍රවල් කීට් 1901 අපේ‍්‍රල් මස 17 වැනි දින මහනුවර අම්පිටියේදී උපත ලැබී ය. කීට් ගේ පියා හෙන්රි කීට් විය. හෙන්රි කීට් කාලයක් රජයේ මිනිදෝරුවකු වශයෙන් සේවය කළේ ය. ඇන්ග්ලිකන් ලබ්ධික් සුදු පවුලක ඉපදුණ කීට් පවුලේ දෙවැනි දරුවා විය. ජෝර්ජ් කීට්ට වැඩිමහල් අයියා කෙනෙක් ද බාල මල්ලී කෙනෙක් හා නැගණියක් ද වූහ.

විස්තර »

මහල් නිවාසය සහ සඳ මඬල

 

මයලු මනෝභාවයන්හි උත්තරීතර ම ප‍්‍රකාශනය තමයි පෙ‍්‍ර්මය. ඒක වචනත් එක්ක කළහැකි ගනුදෙනුවක් නෙවෙයි. ආදරය ගැන ලියවුණු කවි මොනතරම් මම කියවලා ඇත්ද? ඒ විතරක්ද? නවකතා, කෙටිකතා, චිත‍්‍රපටි. මේ එකක්වත් ආදරයට සෑහෙන්නෙ නෑ. අන්තිමේට මමත් ආදරය ගැන කවි ගීත ලියන්න පටන්ගත්තා. සමහර ඒවා අතිශයින් ම රොමෑන්ටික්.

විස්තර »

කවිකාර කොම්බි

 

කොම්බි කෙල්ලගෙ බඩ බරලේ දියවෙලා ගිහුන් මහක් දෙකක් ගියාට පස්සේ ඕන් ආයෙ සැරයක් එලිමැද වරිග සබාව ගමරාලගෙ මහමඩුවේ රැස්වුනා. ඒ වෙනකොට ඒ සභාවේ නිළමක්කාරයෝ දැනගන හිටියා කොම්බී බරෙන් හෑල්ලු වෙච්චි බව. පුරුදු හැටියට උඩුවියන් පාවියන් අස්සේ පේත්තරා වෙලා හිටන් සබාවේ වැඩ පුරාගන . . . .

 විස්තර »

උතුම් මිනිසුන් ඇසුර
ජීවිතයේ මා ලද ලොකු ම භාග්‍යයයි

 

පණ්ඩිත අශෝක කරුණාරත්න

සවස ගෙදර දොර රාජකාරි නිමැවූ පසු පැදුරක් - වට්ටියක් වියන්නට මුලපුරන මෑණියන් කාන්සියක් - මහන්සියක් මැකෙන්නට කවියක් ගායනා කරන ලෙස ඉල්ලා සිටියේ මෙ’පුතනුවන්ගෙනි. තම දයාබර පුත‍්‍රරත්නය තුන්සරණේ නැතිනම් යසෝදරාවතේ කවියක් ගායනා කරන අපූරු විලාසය බලා සිටි ඒ අහිංසක මෑණියන්දෑ, මතු යම් දිනෙක මේ දරුවා මව්බසෙහි කෙළපත් පඩිරුවනක් වේවායි පැතුමක් පැතුවා ඒකාන්තයයි පණ්ඩිත අශෝක කරුණාරත්නයන්ගේ කතාව කියවන ඔබට හැඟී යන්නට බැරි නැත.

  විස්තර »

තණ්හාවක මහත

 

එක් මහලු ධීවරයකු ගේ දැලට දිනක් රන් මාළුවකු හසුවිය. මේ මාළුවා ගේ පැහැය සේ ම ඒකා ගේ හැකියාවන් ද පුදුමාකාර ය. ඊට හේතුව මාළුවා මිනිසකු සේ කතාබස් කිරීම යි. ”නුඹ මා බේරා යළි මුහුදේ දමාපං. මං ඊට කළගුණ සලකන්නම්. නුඹට ඕනෑ ම දෙයක් මං දෙන්නම්” මාළුවා මහල්ලාට කී ය. මහල්ලාට දුක සිතිණි. ඔහු ගේ හද කරුණාවෙන් පිරිණි. ඔහු මාළුවා මුහුදට අත්හළේ ය.

විස්තර »

රාගය මරණය සහ ගැහැනිය

 

මා ළඟදී එහෙන් මෙහෙන් කියැවූ පොතකි. එය ඉතා වුවමනාවෙන් කියැවීමට මට වුවමනාවක් නොවී ය. ශබ්ද කෝෂ අනුව නොටෝරියස් යන්නෙහි සිංහල අර්ථය “නරක දේ නිසා ප‍්‍රසිද්ධියට පත්” යන්න ය. එවැනි ගැහැනුන් ගැන කියවමින් මා ගත කරන කාලය නාස්තියක් නොවන්නේ ද? තවද පොතේ නම ගැන ද මා තුළ සියුම් කේන්තියක් ඇති විය. නරක දේ ගැන ප‍්‍රසිද්ධියට පත් පිරිමි ලක්ෂ ගණන් වෙති.

විස්තර »

කටුක මතක අකුරු කරන වික‍්‍රම් සෙත්

 

වික‍්‍රම් සෙත් දහහත් වන වියේදී ඉන්දියාවේ සිට ඔක්ස්ෆර්ඩ් හි අධ්‍යාපනය ලැබීමට පැමිණ ලන්ඩනයේ නගරාසන්නයේ විසූ ඔහුගේ මව ගේ නැන්දණිය සහ මාමා වෙත ගිය අතර ඔවුහු ඔහුගේ හදා වඩාගත් දෙමාපියෝ වූහ. ඉන්දියාවේ සිට පැමිණි හින්දු දන්ත වෛද්‍යවරයෙකු වූ ශාන්ති බිහාරි සෙත් සහ ඔහුගේ ජර්මානු යුදෙව් බිරිඳ හෙනී කාරෝ සමඟ වික‍්‍රම් ඉතා සමීප සබඳතාවක් ගොඩ නගාගත්තේ ය. දැන් ඔවුන් ගේ කරුණාවන්තභාවයට කෘතගුණ සලකා ඇත්තේ අර්ධ වශයෙන් මතකයක් වූ එසේ ම අර්ධ වශයෙන් චරිතාපදානයක් වූ ‘ජීවිත දෙකක්’ (Two Lives) නමැති ආකර්ෂණීය සහ හෘදයාංගම කෘතිය රචනා කරමිනි.

විස්තර »