අපේ රටේ සාහිත්‍ය විචාරකයන්
ඒ තරම් ඉගෙන ගත්ත අය නොවෙයි

 

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

මෙරට ජනසන්නිවේදන විෂයය ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රාමාණික ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වන සුනන්ද මහේන්ද්‍රයන් බොහෝ විට සිය නිර්මාණ භූමිකාව විවිධ අත්හදාබැලීම් ඔස්සේ නව ආඛ්‍යාන රටාවන් ට අනුව ගොඩනැගීමේ වෑයමක නිරත වන විද්වතෙකි. නවකතා, කෙටිකතා, කාව්‍ය, ශාස්ති‍්‍රය පර්යේෂණ ආදී සෑම විෂයය ක්‍ෂෙත‍්‍රයනට ම අදාළ ග‍්‍රන්ථ විශාල සංඛ්‍යාවක් රචනා කොට ඇත.

විස්තර »

සහෘදයකුගේ නික්ම යාම

 

ෂෙල්ටන් පයාගල

ෂන්මුගදාසන් ගෙන් මාක්ස් වාදය හැදැරූ ඔහු පසුව ඉන් බැහැර වී කොමියුනිස්ට් වාදය නව මානයකින් දකින්නට විය. පන්ති සමාජයක විෂමතා පිළිබඳ ව දොඩන න්‍යායවාදීන් සුඛෝපභෝගී ජීවිත ගත කරන ආකාරය ඔහුගේ නිර්දය විවේචනයට ලක්විය. ඔහු එදා සිට මියයන මොහොත දක්වාත් අපමණ දුක්ඛ සෙයියාවන්...

විස්තර »

තුන් සරණේ නාදාවලියෙන් බිහිවුණු
සුභාවිත ගීතය සිරිපා පියුමේ

 

මිනිස් කටහඬත් මධුර නාද ආකෘතියත් වඩාත් සාහිත්යික ගුණයෙන් පෝෂිත ගීත ප‍්‍රබන්ධයක් සමඟ එක් වීමෙන් “මෙලඩි” යනුවෙන් හැඳින්වෙන ජනකාන්ත සංගීත අංශය බිහි වෙයි. එය සාහිත්‍ය සංගීත සංයෝගයේ අග‍්‍ර ඵලය බවට පත් වන බවත් හුදෙක් එය ජනපි‍්‍රය ගීතය නොව සුභාවිත හෙවත් සම්භාව්‍ය ගීතය බවත්මේ නිමැවුම පිළිබඳ ව පෙර කී සංලාපයෙහි දී අමරදේවයන් පැවැසූ බවත් සඳහන් කළ මනා ය.

විස්තර »

කවිකාර කොම්බි

 

වරිග සබාවේ තීන්දුවේ හැටියට දවස් දාහතරක් යන්ඩ කලියෙන් කබර තෙල් දීලා කොම්බී මරන්ඩ ඕනෑ. ඒක තමා වරිග සබාවකින් දෙන ලොකුම තීන්දුව. කොම්බිට මේ වගක් නොකීවට අම්මයි අප්පයි මල්හාමියි තුන්දෙනා නින්දක් නැතුව දහ අතේ කල්පනාව. ගංතුලාන මනතකට වෙද්දු හොයනවා.

 විස්තර »

 මහැදුරු හද කුටියෙන් නික්මුණු ගී මල් සුගන්ධය

 

මහැදුරු අනුරාධ සෙනෙවිරත්නයන් රචනා කළ ගී පිළිබඳ ව ලියැවුණු මේ විචාරාත්මක ලිපිය සිළුමිණ පුන්කලස අතිරේකයට ලැබුණේ ඔහු දැයෙන් සමුගැනීමට පෙරාතුව ය. එය මුද්‍රණයෙන් එළිදැකීමට පෙර ඉකුත් 09 වැනිදා මේ සාහිත්‍යවේදියා තමන් විසින් ඉටු කරන ලද සුවිසල් මෙහෙවර නිමැ කරමින් අභාවප‍්‍රාප්ත විය. ඔහුට කරන ලද ප‍්‍රණාමයක් වශයෙන් මේ ලිපිය ඉදිරිපත් කෙරේ.

  විස්තර »

රන් මාළුවා ගේ රත්තරන් සපත්තු

 

එක්තරා කාලයක නපුරු මැහැල්ලක් වාසය කළා ය. ඈට දියණියෝ දෙදෙනෙක් වූහ. ඈ මෙයින් වැඩිමහල් දියණිට ආදරය කළ අතර බාල දියණි පිළිකුල් කළා ය. දිනක් ඔවුන් ගේ පියා වෙළෙඳපොළට ගොසින් මාළුන් දෙදෙනකු ගෙනැ’විත් දියණියන්ට දුන්නේ ය. වැඩිමහල් දියණි සිය මාළුවා පිස ආහාරයට ගත්තා ය. එහෙත් බාල දියණිට මාළුවා මරන්නට හිත් දුන්නේ නැත. ඈ මාළුවා ළිඳ වෙත ගෙන ගොසින් මෙසේ ඇසුවා ය: “මා නුඹ ළිඳට දමන්න ද?”

විස්තර »

නූතන නාට්‍යකරුවාගේ මෙහෙවර

වින්දනාත්මක වගේ ම දේශපාලනිකයි

 

නාට්‍යවේදී රාජිත දිසානායක

1994 වසරේ ‘සක්වාදාවල’ ඔස්සේ නාට්‍යකරණයට ප‍්‍රවිෂ්ට වූ රාජිත දිසානායක නාට්‍ය කලාව සුපෝෂණය කළ නව පරපුරේ නාට්‍යවේදීන් අල්ප දෙනාගෙන් ප‍්‍රමුඛයෙකි.  1999 – 2009 දශකයෙහි ඔහු නිර්මාණය කළ ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරං’, ‘ආපහු හැරෙන්න බෑ’ යන නාට්‍ය ඇතුළත් උළෙලක් ජූලි 23 සිට 26 වැනිදා දක්වා පස්වරු 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.

විස්තර »

උත්තරා

 

සෝමගෙ සිත පුරා ප‍්‍රශ්න ය. සවස වැඩ ඇරී අම්මා බැලීමට ද යා යුතු ය. තාත්තා ද දැන් දින ගනිනවා ඇති. මාස තුනකුත් ගෙව්ණා. තාත්තා නම්, අම්මාගේ හිත හදනවා ඇති. එතන අය හිතනවා ඇති, “දරුවො බදාගෙන හැදුවට ඇති පලේ මොකක්ද” කියලා.අම්මාත්, තාත්තාත් දිවා රෑ නොබලා වෙහෙස වුනේ මා රකින්නට ය. උස් මහත් කර ලොකු තැනකට යැවීමට ය. ඇය පහන් තිර අඹරා, මට පොත පත අරන් දුන් හැටි. තාත්තා කළේ පියුන් රස්සාව ය.

විස්තර »