එදා පේරාදෙණියේ තිබුණේ චින්තන දෙකක අරගලයක්

 


 

ආචාර්ය අමරදාස වීරසිංහ

ප‍්‍රවීණ සමාජ විද්‍යාඥයකු, කලා විචාරකයකු වන ආචාර්ය අමරදාස වීරසිංහයෝ අද්‍යතනයෙහි අසූ තුන් වැනි වියෙහි පසුවෙති. මෙරට කලා සාහිත්යික ප‍්‍රබෝධයක් ඇති කිරීමට ඉවහල් වූ ‘සංස්කෘති’ ශාස්තී‍්‍රය සඟාව ඇරැඹීමට පුරෝගාමී වූවන් අතර අද ජීවත් ව සිටින්නේ ඔහු පමණි.

විස්තර »

ශිශිර තරණය

 

හිතාදර රිෂී!

අවස්ථාවාදියකු, දෙපිටකාට්ටුවකු, වංචනිකයකු හා සලෙලකු ලෙස මට අවලාද නගමින්, ආක්‍රෝෂ පරිභව කෙරෙමින් ඔබ එවූ ලිපි සියල්ල කුඩා පළිඟුවක බර දරමින් මගේ මේසය මත වෙයි. මා අවස්ථාවාදියෙක් ද? දෙපිටකාට්ටුවෙක් ද? වංචනිකයෙක් ද? යන ප‍්‍රශ්න තවමත් මම මා වෙතින් ම නගමි. මේ මොහොතේත් මා දවමින්, තවමින් ඇති උභතෝකෝටිකය නම් ඒ ය.

විස්තර »

බිරියෝසා කුමාරී

 

ක්තරා ඈත කාලයකදී එක්තරා රුසියානු හමුදා භටයෙක් සිය නිවාඩු කාලය ගත කරනු පිණිස ගමරට බලා පිටත් ව ගියේ ය. එසේ ඔහු යා යුතු ව තිබුණේ මහා වනාන්තරයක් මැදිනි.

මේ වනයේදී ඔහුට මායාකරුවකු මුණගැසිණි.

මායාකරුවාට වනයෙන් බැහැර ව යෑමට වුවමනා වූ හෙයින් ඔහු බාරයේ සිටි රාජාලියන් සිව් දෙනකු හමුදා භටයා ගේ භාරයට පත්කරවන්නට ඔහුට අවශ්‍ය ව තිබිණි.

විස්තර »

කෙටි කතාව

 

සිරිල් බී. (බර්ට‍්‍රම්) පෙරේරා (1933 – 1991) කලා මාධ්‍ය කීපයකම ප‍්‍රතිභාව දැක්වූවෙකි. ඔහු මෙරට බිහිවුණු විශිෂ්ට ගණයේ පුවත්පත් කලාවේදියෙකි. ‘සිංහල ජාතිය’ පුවත්පතින් තම වෘත්තීය පුවත්පත් කලා ජීවිතය ආරම්භ කළ ඔහු එය හමාර කළේ 1978 දී ‘දෙසතිය’ පුවත් සඟාවේ ප‍්‍රධාන සංස්කාරකවරයා වශයෙනි.

සිරිල් නිර්මාණශීලී ලේඛකයෙක් ද වූයේ ය. ‘මරණ තුනක් ඇති මිනිහෙක්’, ‘නිඹුල්ලු’ ඔහු ලියූ නවකතාය.

 විස්තර »

මසිත

 

ප‍්‍රසන්න වූ එකමත් එක රටක්

කමත් එක රටෙක” චිත‍්‍රපටය නරඹා අසුනින් නැගිටින විට ම සිත කාලෙකට පසු මොකක්දෝ සෞන්දර්යයකින් පිරිලා තියෙනවා වගේ ම සිතට දැනුණා. රීගල් සිනමා ශාලාවේ තරප්පු පෙළ බහින කොටම සනත් හිටියා.

”සනත් මට නම් මේක පුංචි කවියක් වගේ. මං ආසයි වැඩේට”

ඇත්තට ම මං කිව්වෙ බොහො ම හෘදයාංගම ව.

  විස්තර »

 සජීවී හැඩතල සිහි කැඳවන සිත්තරාණෝ

 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආර්.එම්. ධර්මසේන

හුගේ ගමන බිමන පින්තාරුවක් මෙන් සරල ය; චාම් ය; ඇඳුම් පැළඳුම්ද කතාබහද එසේ ම ය. වැඩිපුර කතාබහට අකැමැති හෙතෙම එකී ගුණාංගයන් සියල්ල පරයමින් හිතුවක්කාරී ව, මුරණ්ඩු ලෙස සිතුවමේ ව්‍යුහාත්මක න්‍යායන්, ප‍්‍රතිරූපයන් සියල්ල ඛණ්ඩනය කරයි.

ඇමරිකාවේ නිව්යෝක් නගරය මුල්කොටගෙන බිහිවූ වියුක්ත ප‍්‍රකාශනවාදය ලංකේය චිත‍්‍රකලාවේ ශ්‍රේෂ්ඨත්වයේ ලකුණක් බවට පත් කල එම්.ඒ. කරුණාරත්නයන් ගෙන් පසුව ලාංකේය චිත‍්‍ර කලාවේ මෙන් ම හේවුඩ් සම්ප‍්‍රදා වියුක්ත චිත‍්‍ර කලාවේ අණසක පතුරුවා ලූ නිර්මාණශීලී ප‍්‍රමුඛයා ය.

විස්තර »

මම ලියන්න පටන් ගත්තේ හුඟාක් පමාවෙලා

 

නාරාවල පැට්රික්

නාරාවල පැට්රික් සූරීන්ගේ දිවි තතු විමසන්නට වූ කල මගේ මතකයට නිතැතින් ම පිවිසියේ චිංගිස් අයිත්මාතව්ගේ ‘ගුරු ගීතයේ’ හමුවන දුයිෂේන් නම් ගුරු තාරකාව ය. මානව සමාජයට වැඩදායි මිනිසකු ගොඩනැඟීමේදී ලේඛකයකුගේ මෙන්ම ගුරුභවතකුගේ භූමිකාව ද එකිනෙකට නොදෙවෙනි ලෙස වැදගත් වන්නේ ය.

විස්තර »

කවිකාර කොම්බි

 

පොතානේ ගමරාලගෙ ගෙදර මහ මඩුවේ උඩුවියන් බැඳලා බිමට පන් පැදුරු එලලා එව්වලේ සුදු රෙදි එලල එව්වා උඩ පාසුවට ඉඳගන්ඩ කොට්ටත් දමලා අහවර වුණා. උඩුවියන් පාවියන් ඉදි ඇතිරිලි පේකර හමාර කොරපු හේන මාමා වට පිට බලන කොටම ගමරාල මඩුවට ආවා.

”බොලන් හේන මාමේ මේ නඩුවේ රහස් දේවල් අහගන්ඩ තියනවා. ඒක හින්දා රෙදි නැන්දත් හඹුඩු කරාන (එක්කරගන) වර” කියලා කියන කොට රිදි නැන්දත් ආපි.

විස්තර »