ශාස්තී‍්‍රය සංගීතය කියන්නේ භාවනාවක්
 

 ශාස්තී‍්‍රය සංගීතය කියන්නේ භාවනාවක්

 

අනිල් මිහිරිපැන්න

අද අපේ පාසල් වල ශාස්ති‍්‍රය සංගීත අධ්‍යාපනයට අත්වී ඇති ඉරණම පිළිබඳ මට කනගාටුයි. ඇතැම් පාසල්වල සේවය කරන්නේ සුදුසුකම් නැති ගුරුවරු. ඇතැමෙකුට සර්පිනාවවත් වාදනය කළ නොහැකියි. ශ‍්‍රැතිය පිහිටුවා ගායනය කළ නොහැකි අය ශිෂ්‍යයින්ට නිවැරැදි පුහුණුවක් කෙසේ ලබා දෙන්න ද?

“ජීවිතයේ මට වඩා සමීප ම දෙය සංගීතයයි. ස්වර රටා ශ‍්‍රවණයෙන් පසු මගේ මතකයේ රැඳී ඇත්තේ ගලක කෙටු අකුරු පරිදියි. සංගීත භාණ්ඩයකට අත නොතබා ම වුව ඒ ස්වර රටාවන් මතකයෙන් ඉදිරිපත් කිරීමේ අපූරු හැකියාවක් ද මා සතුයි. ඒ හැකියාවේ රහස නම් ක‍්‍රමානුකූල ව සතත අභ්‍යාසයන්හි නිරත වූ නිසාමය.”

සංගීතයට ඇති ආත්මගත නැමියාව මෙලෙස විස්තර කරන්නේ සංගීතවේදී අනිල් මිහිරිපැන්නයි.

බටනලාව සහ එස්රාජය යන ප‍්‍රතිප‍්‍රවිරුද්ධ භාණ්ඩ ද්විත්වයක් සඳහා උපාධි දෙකක් ලබාගත් පලමු ශී‍්‍ර ලාංකිකයා වන්නේ ද ඔහුයි.

1960 විශ්ව භාරති විශ්ව විද්‍යාල සංගීත උපාධි ධාරියකු ලෙස ලංකාවට පැමිණෙන මිහිරිපැන්න සූරීහු රජයේ සංගීත විද්‍යාලයේ (හේවුඩ් හි) සංගීත ඇදුරකු ලෙස තම කටයුතු අරඹන්නේ සංගීත අධ්‍යාපනයේ නව මාවතක් විවර කරමිනි.

“සංගීතය ප‍්‍රායෝගික විෂයයක්. සතියට එක් දවසක් පැයක් දෙකක් උගැන්වීම ප‍්‍රමාණවත් නැහැ. හොඳින් ධාරණය වීමට නම් සතියේ දින කීපයක් අඛණ්ඩ ව ම පැය 5 - 6 ක් පුරා ඉගෙන ගත යුතුයි.

විශ්ව භාරතීය විශ්ව විද්‍යාලයට ගිය මුල් දවස්වල මට අවවාද කළ ඇදුරු ‘අශිෂ්දා’ පැවැසුවේ සංගීත පන්තියට සටහන් පොත් අනවශ්‍ය බවයි. සතියේ දින පහ ම එස්රාජය පැය දෙකයි බටනලාව පැය දෙකයි ඉගැන්වුවා. ඒ උගැන්මේ ක‍්‍රමවේදය නිසා සියල්ල හොඳින් මනසේ ධාරණය වුණා. මා උත්සාහ කළේ ලංකාවේ සංගීත අධ්‍යාපනයත් එබඳු ක‍්‍රමයකට ගොඩ නගන්නයි.”

හේවුඩ් ආයතනයට අමතර ව කොළඹ ආනන්ද විද්‍යාලය ඇතුළු රජයේ විද්‍යාල කීපයක සේවය කළ අනිල් මිහිරිපැන්නට සංගීත අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් රැසක් ම හිමියි.

“අද අපේ පාසල් වල ශාස්ති‍්‍රය සංගීත අධ්‍යාපනයට අත්වී ඇති ඉරණම පිළිබඳ මට කනගාටුයි. ඇතැම් පාසල්වල සේවය කරන්නේ සුදුසුකම් නැති ගුරුවරු. ඇතැමෙකුට සර්පිනාවවත් වාදනය කළ නොහැකියි. ශ‍්‍රැතිය පිහිටුවා ගායනය කළ නොහැකි අය ශිෂ්‍යයින්ට නිවැරැදි පුහුණුවක් කෙසේ ලබා දෙන්න ද?

සංගීත අධ්‍යාපනය උගැන්වීමේ අරමුණින් අනිල් මිහිරිපැන්න සූරීහු සිය වසර 40 ක සංගීත අත්දැකීම් ඇසුරින් සංගීත අධ්‍යාපන පුහුණු ග‍්‍රන්ථ කිහිපයක් දැනුම ලැදි පාඨකයනට ලබාදී තිබේ.

“ශාස්තී‍්‍රය ලෙස වාද්‍ය සංගීතය උගැන්මට පොත්පත් හරි ම දුර්ලභයි. ඒ අඩුව පිරි මැසීමට සිතූ මම පොත් කීපයක් ම සම්පාදනය කළා.

ඉන් ප‍්‍රධාන ම පොත වන්නේ New Instrument මේ කෘතියේ ඇති විශේෂත්වය වන්නේ වාද්‍ය සංගීතය ශාස්තී‍්‍රය ව පුහුණුවීම සඳහා සුදුසු දුර්ලභ පොතක් ලෙස සලකමින් ඉන්දියාවේ (බැරනැසෙහි) මුද්‍රණ සමාගම මේ පොත මුද්‍රණය කිරීමයි. අද ඉන්දීය සිසුන් මෙන් ම ගුරුවරු බටනලා, එස්රාජ, සිතාර්, වයලින් පුහුණුවීම සඳහා මෙම පොත භාවිත කරනවා.

මෙහි එන ස්වර රටා පාඩම් (ගත්) භාත්ඛණ්ඩේ සංගීත විභාග කීපයක් සඳහා ම ප‍්‍රයෝජනවත් වන අන්දමින් සැකැසීමට මා වෙහෙසුණා. ඒ අනුව ප‍්‍රථම සංගීත විභාගය, විශාරද පළමුවන පියවර මෙන් දෙවන පියවරේදීත් ප‍්‍රයෝජනවත් වන නිර්මාණ මෙහි ඇතුළත්.

බටනලාව, සිතාරය, වයලිනය එකිනෙකට වෙනස් සංගීත භාණ්ඩ. ඒ ඒ භාණ්ඩ වලින් උපදින හඬට අනුව ඒවා පුහුණුවීමට විශේෂ අභ්‍යාස අවශ්‍යයි. බොහෝ විට කෙරෙන්නේ වයලිනයට සකස් කළ අභ්‍යාස අනෙක් භාණ්ඩ ඉගෙන ගන්නා ළමයිනුත් පුහුණුවීමයි. මේ පොතෙන් ඒ අඩුව මැකීමටත් මා වෙහෙසුණා.

ඉන්දියාවේ අතිශය ජනපි‍්‍රය වූ ඒ කෘතියෙහි දෙවන මුද්‍රණය සඳහාත් මේ වන විට මගේ අවසරය ඉල්ලා තිබෙනවා. ඒ නිසා මා සිතුවා ලංකාවේ සිසු සිසුවියන් සඳහා ද එබඳු කෘති කීපයක් ම ඉදිරිපත් කරන්න. ඒ අනුව  “INSTRUMENTS OF THE EAST AND WEST”, DIFFUSION OF INDIAN MUSIC IN SRI LANKA, පොත් කිහිපය පසුගිය දා එළි දැක්වුවා. ශාස්තී‍්‍රය සංගීතය පිළිබඳ ඉංගී‍්‍රසි බසින් රචිත ඒ පොත් ඉන්දීය සංගීත විභාග සඳහා ඉදිරිපත් වන සිසු සිසුවියන්ට වඩාත් ප‍්‍රයෝජනවත්.

“ශාස්තී‍්‍රය සංගීතය කියන්නේ මනස සුවපත් කරන භාවනාවක්, ශාස්තී‍්‍රය සංගීතය පිළිබඳ ව අනිල් මිහිරිපැන්න සංගීතවේදියාට ඇත්තේ එබඳු නිර්වචනයක්. ඒ නිසාම ඔහු පසුගිය දා ‘සංගීත භාවනා’ යනුවෙන් වාද්‍ය සංගීත තැටියක් ඉදිරිපත් කළා. එය ශ‍්‍රවණය කිරීමේ භාග්‍යය මට ද උදාවුණි.

“මනස ඈත සොඳුරු කොදෙව්වකට ගෙන යන ඒ අමා සංගීතය බටනලාව, සිතාරය, වයලීනය, මෙන් ම ඊට මුසු වූ සිහින් කටහෙ¾ඩ් රාවයත් හේතුවෙත් මවන අපූර්වත්වය සියුම් ගැඹුරු දැහැනකට සම වදින්නට ආරාධනා කරයි. සැබැවින් ම සිත නිවී පහන් වන ඒ සංගීත භාවනා සන්ධ්වනිය ශාස්තී‍්‍රය සංගීතයේ ඇති ගැඹුරු බවත් ස්වර රටාවන් ගේ ඇති හදවතට සමීප බවත් දනවන බව ශ‍්‍රවණ අත්දැකීමෙන් පසක් වන කරුණකි.