පොත් පුවත්
තොරතුරු සිතියම් ගත කිරීම
Arc View GIS
කර්තෘ - පි‍්‍රයන්ත නවරත්න
ප‍්‍රකාශන - ඡායා ප‍්‍රකාශන
මිල - 120
පරිගනක මෘදුකාංගයක් වන
Arc View GIS භාවිත
කරමින් සිතියම් ආශ‍්‍රයෙන් තොරතුරු ඉදිරිපත්
කිරීම පිළිබඳ ව Arc View
GIS ග‍්‍රන්ථය
මගින් පාඨකයාට අවධාණය කරනු ලබයි. අදාළ
මෘදුකාංග භාවිත කරන අයුරු සරලව පැහැදිලි
කිරීමට කතුවරයා සමත්වී ඇත.
තොරතුරු ඉදිරිපත්
කිරීමේ ක‍්‍රමවේදයන් බොහෝමයක් ප‍්‍රචලිතව
පැවැතිය ද සිතියම් ආශ‍්‍රයෙන් තොරතුරු
ඉදිරිපත් කිරීමේ ක‍්‍රමවේදය ග‍්‍රාහකයා
තොරතුරු කෙරෙහි ආකර්ශනය කරවමින් තොරතුරු
ග‍්‍රහණය පහසු කරවයි. එබැවින් පරිගනක සිතියම්
භාවිතයෙන් තොරතුරු ග‍්‍රාහකයා වෙත ඉදිරිපත්
කිරීම ඉතා පලදායි ක‍්‍රමවේදයකි.
පරිගනක
ක්ෂේත‍්‍රයේ නියැලෙමින් තොරතුරු සම්පාදනයට
දායක වන්නන්ට මෙන්ම ක්ෂේත‍්‍රයේ ආධුනිකයන්ට ද
මහෝපකාරී වන ග‍්‍රන්ථයකි. සරල බසින් තොරතුරු
සම්පාදනය කර ඇති ඒපජ ඍඪඥඹ ට්ධ්ඉ කෘතිය පාඨකයාට
අදාළ මෘදුකාංගය හැදැරීම පහසු කරවමින් තොරතුරු
සම්පාදනය කර
කෘෂිකාර්මික සමූපකාර සමිති හා සුළු ගොවි
ආර්ථික සංවර්ධනය
කර්තෘ - පද්මා ඩී. ජයවීර
ප‍්‍රකාශනය - කර්තෘ ප‍්‍රකාශනයකි
කෘෂි කාර්මික හා ග‍්‍රාමීය ආර්ථිකයේ තීරණාත්මක
බලවේගයක් වූ වෙළෙඳපල බලවේගය කෘෂි ක්ෂේත‍්‍රයේ
සම්ප‍්‍රදායික සංවිධාන රටාව කෙරෙහි කරනු ලබන
බලපෑම සුළු ගොවීන් කෙරෙහි සමූපකාර සමිතිවල
අවධානය පිළිබඳ හා මෙරට සමූපකාර ක්ෂේත‍්‍රයේ
ගැටලු ජාත්‍යන්තර දෘෂ්ටි කෝණයෙන් විමර්ශනය
කරමින් ලියැවී ඇති ග‍්‍රන්ථයකි.
සංවර්ධන
ප‍්‍රතිපත්තියේ සහ සමූපකාර සමිතිවල සාර්ථකත්වය
සඳහා මූල්‍ය ප‍්‍රාග්ධනය, මානව ප‍්‍රාග්ධනය,
අලෙවිය ආදි අංශයන්හි වැදගත්කම පිළිබඳව කතුවරයා
විසින් මේ ග‍්‍රන්ථයෙන් අධ්‍යයනය කර ඇත.
ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට මෙන්ම ප‍්‍රායෝගික
වශයෙන් ක්ෂේත‍්‍රයේ කටයුතු කරන්නන්ගේ ද
පරිශීලනය සඳහා සුදුසු කෘතියකි. කතුවරයා
සමූපකාර ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලීන ව සේවයේ නිරත
ව සිට අත්දැකීම් බහුල අයෙකි.
සඟ රාජ විත්ති පොත
සැකැසුම - ඇල්.ඒ. ජයරත්න, එන්.එම්. ජයරත්න
ප‍්‍රකාශනය - කර්තෘ ප‍්‍රකාශනයකි
මිල - රු. 175
වැදගත් ඓතිහාසික මූලාශ‍්‍ර රැසක් සහිත ව
ලක්දිව නැවත බුදු සසුන පිහිටුවීමෙහි ලා දායක
වූ විල්බා ගෙදර මුහන්දිරම් ගේ සියම් දූත ගමන
හා පිණ්ඩපාතික වැලිවිට සරණංකර සංඝරාජ මා
හිමියන්ගේ ශාසනික සේවය ආදි තොරතුරු අන්තර්ගත
කොට ලියන ලද කාව්‍ය ග‍්‍රන්ථයකි.
පෙරිමියංකුලමේ කන්නෑපොල කිවිඳුන් විසින් 1778
දී රචිත මේ කාව්‍ය කෘතියේ පුස්කොළ පොත මේ වන
විට කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇත.
පුස්කොළ පොතෙහි අඩංගු කාව්‍ය 147 න් කියැවිය
හැකි කාව්‍ය 142 ක් මෙසේ මුද්‍රණයෙන්
ප‍්‍රකාශයට පත්කොට තිබේ. පුස්කොළ පොතෙහි ඡායා
පිටපතක් ද ග‍්‍රන්ථයට ඇතුළත් කොට ඇත.
ඓතිහාසික වටිනාකමින් යුත් මෙවන් කෘතියක්
මුද්‍රණයෙන් ප‍්‍රකාශයට පත්කිරීමට කටයුතු
කිරීම පිළිබඳව සම්පාදක දෙපලට ස්තුතිය
පිරිනැමිය යුතු ය.
|