පශ්චාත් යුද සමයකදී, දේශපාලනඥයාට වඩා විශාල යමක් කලාකරුවාට කළ හැකියි

 


 

මහාචාර්ය තිස්ස කාරියවසම්

අප මේ වන විට එළැඹ සිටිනුයේ පශ්චාත් යුද සමයකට ය. පශ්චාත් යුද සමාජ සංස්කෘතියක දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික ගැටලු මතු නොව මානව ගැටලු ගැඹුරින් විග‍්‍රහ කරගැනීමේ සාහිත්‍යයික මෙහෙවරක් ද සිදුවිය යුතු ව තිබේ.

එහිදී යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ප‍්‍රභාස්වර නැවුම් සිතුවිලි මෙන් ම එක ම ජාතියක් වශයෙන් එක් හුයකට බැඳීමේ දයාර්ද්‍ර භාවය ද එක සේ නිරූපණය කිරීමට නිර්මාණකරුවා සමත් විය යුතු ය.

විස්තර »

මතු ආත්මය

 

ර්යාලයේ සිටින සියලු පිරිමින්ට හොරා ගල්පිහිල්ල ඇය දෙස වරින් වර බලයි. එහෙත් ඇය ඔහු දෙස නොබලනවා සේ ය. එක එල්ලේ නොබැලුව ද ගැහැනියකගේ දර්ශන පථයෙන් කිසිවක් ගිලිහී යන්නේ නැත.

චාන්දනී තරමක් උස සුදු ගැහැනියකි. ඇගේ බැල්ම තියුණු ය; මන බඳින සුලුය. කලාතුරකින් කට කොනකින් සිනහවෙන ඇගේ දෙනුවන් අහංකාර පෙනුමකින් යුක්ත ය. කිසිවෙකු සමඟ වැඩි කතාබහක් නැති ඇය සැබෑවට ම ප‍්‍රියකරු ය.

විස්තර »

වින්දනීය රාජධානිය

 

එක් රජකුට දියණිවරු සත් දෙනෙක් සිටියෝ ය. රජු ගේ බිරිය මිය ගොසිනි. මේ දියණියෝ රාති‍්‍රයේ දී අතුරුදහන් වෙති.

ඔවුහු කොහේ දෝ යති. උදෑසන යළි පැමිණෙති. කිසිවකුට මේ ගමන වැළැක්විය හැකි නො වේ. එය මහා අබිරහසකි.

රජුට මේ ගමන නවත්වන්නට වුවමනා ය. එහෙත් එය කළ හැකි නොවේ. මේ අබිරහස හෙළිදරව් කර ගැනීමට එරට විසූ එක් දිළිඳු තරුණයෙක් ඉදිරිපත් විය.

විස්තර »

බලය පිළිබඳ සාහිත්‍යයික කියැවීමක්

 

වංසකථාව සිංහල සාහිත්‍යයේ ආරම්භක අවධියේ සිට ම වර්ධනය වූ සාහිත්‍ය අංගයක් ලෙස දැකිය හැකියි. යමක පරම්පරා කතාව, ඉතිහාස කථාව විවරණය කිරීම වංසකථාවෙන් සිදුවන කාර්යභාරය වෙයි. බුදු දහම හා බැඳුණ පූජනීය වස්තු අරබයා විශේෂයෙන් වංසකථා සාහිත්‍යයක් ගොඩනැගුණ අයුරු දළදා සිරිත, බෝධිවංසය, ථූපවංසය වැනි කෘති ඔස්සේ විද්‍යමාන වෙයි.

 විස්තර »

 ශාස්තී‍්‍රය සංගීතය කියන්නේ භාවනාවක්

 

අනිල් මිහිරිපැන්න

අද අපේ පාසල් වල ශාස්ති‍්‍රය සංගීත අධ්‍යාපනයට අත්වී ඇති ඉරණම පිළිබඳ මට කනගාටුයි.

ඇතැම් පාසල්වල සේවය කරන්නේ සුදුසුකම් නැති ගුරුවරු. ඇතැමෙකුට සර්පිනාවවත් වාදනය කළ නොහැකියි. ශ‍්‍රැතිය පිහිටුවා ගායනය කළ නොහැකි අය ශිෂ්‍යයින්ට නිවැරැදි පුහුණුවක් කෙසේ ලබා දෙන්න ද?

“ජීවිතයේ මට වඩා සමීප ම දෙය සංගීතයයි. ස්වර රටා ශ‍්‍රවණයෙන් පසු මගේ මතකයේ රැඳී ඇත්තේ ගලක කෙටු අකුරු පරිදියි.

  විස්තර »

හාමු මහත්තයාගේ සමුගැනීම

 

අඩසියවසකටත් වැඩි කලක් පුරා ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව ඈ මාධ්‍යත‍්‍රය හාස්‍ය රසයෙන් ඔකඳ කළ යුගයක පිළිබිඹුවක් වූ කලාකරුවකු පසුගියදා ජීවිත රඟමඬලෙන් සමුගත්තේ ය.

ඇනස්ලි ඩයස් නම් වූ ඔහු මෙරට හාස්‍ය නළුවෙහි සුපෝෂණය උදෙසා ඉටු කළ මෙහෙවර අමරණීය වේ.

මුතුකුඩ ආරච්චිගේ ෆ‍්‍රැන්සස් ඇනස්ලි ඩයස් කැලණිය දළුගම දී ජන්ම ලාභය ලැබුවේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුගෙන් හා එක් සහෝදරියකගෙන් යුත් පවුලක බඩපිස්සා ලෙසිනි.

විස්තර »

දක්ෂිණ කාව්‍ය මංජරී

 

නූතන යුගය යැයි නම් කෙරෙන සිංහල සාහිත්‍යය බිහි වීමේ මං සලකුණු දහ නවවැනි සියවසේ මැද දී පහළ විණි. අපරදිග ඉංග‍්‍රීසිය සහ ලතින් භාෂා ද සමඟ මාතෘ භාෂාවන් සහිතව සිංහල භාෂාව ද උගත් ද්විභාෂා පරම්පරාවක් පහළ වීම මෙහි ආසන්නම සාධකය බවට පත් විය. ජේම්ස් ද අල්විස් පඩිවරයා 1851 දී සිදත් සඟාවේ පෙළ ඉංග‍්‍රීසියට පරිවර්තනය කොට 1852 දී එය ප‍්‍රස්තාවනාවක් සහිතව පළ කිරීම එම නව සාහිත්‍යයේ කඩඉමකි. මේ නූතන සාහිත්‍යයේ ද මූලික ලක්ෂණය වූයේ ගද්‍යයට වඩා අදහස් ප‍්‍රකාශකරණයට කවිය උපකාරයට ගැනීමයි.

විස්තර »

කවිකාර කොම්බි

 

පොතාන ගංකූඩුව මුලුමහත් එක අණබෙරේට ගිහුන්. කොම්බි කනවැන්දුමේ බඩින් කියලා. රාවට රුවට කටින් කටට කනින් කනට ගිහුන් ගිහුන් ගෙයින් ගෙට පූගිත (ප‍්‍රසිද්ධ) වෙලා අහල ගං දහ අටටත් ගිහුන් අහවරයි. වරිග සබාවේ මහ ඇත්තන්ඩ ඔය කතාව කනට වැටුනත් නෑහූ කන්දීලා කල් මැරුවේ කිරිහාමි මුදලාලිගේ මහ වරිගක්කාර කොමයි අතමිට හරුහාර කොමයි හින්දා වෙන්ඩෑ.

මොකෑ ඉතින් ඔය හෙනපතේ නැති බැරි තැනකට පාත්වුනා නන් මෙලාටම හතර වරිගෙට ගිනි ඇවිලිලා අහකයි.

විස්තර »