අද බාහිර උපාධි පන්ති වාණිජකරණය වෙලා

 


 

මහාචාර්ය කුලසේන විදානගමගේ

බාහිර උපාධිය හැදෑරීමට තිබෙන අවස්ථාව සීමා නොකළ යුතු බවත් බාහිර උපාධි පාඨමාලාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කාලෝචිත බවත් කැලණිය විශ්ව විද්‍යාලයේ විවෘත හා දුරස්ථ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය කුලසේන විදානගමගේ මහතා පවසයි. බාහිර උපාධි පාඨමාලාවේ ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග සහ ඒ හා බැදුණු ගැටලු කීපයක් පිළිබඳ මේ ලිපියෙන් සාකච්ඡා කෙරේ.

විස්තර »

උස් පිලේ සිට

 

රට අත්තා

සල්ගල මහ මූකළාන මායිමේ පුහුල්වල කියන ගමේ හිතුවක්කාර කොලු ගැටයෙක් හිටියා. කොලුවා දඟකාරයි. ඒ වගේ ම මුරණ්ඩුයි. දවසක් කොලුවා ගේ ළඟ තිබුණු විශාල කොස් ගහකට නැග්ගා. වැඩිහිටි පිරිමිත් නගින්ට අදිමදි කරන සද්දන්ත කොස් ගහේ මුදුනට ම නැගපු කොලුවා තමන්ගෙ හපන්කම අනිත් අයට පේන්නත් එක්ක කෑ කෝ ගාන්න ගත්තා. මහ කොස් ගහේ ඉඳන් හපන්කම් පෙන්නන කොලුව දැකපු අම්මා කේන්තියෙන් කුල්ලකුත් අරගෙන ගහ යටට ගියා.

 

විස්තර »

දසිස් ඔබට මම රහසින් පෙම් කළෙමි

 

භාෂා රාශියකට නැඟී ඇති, වාල්මිකී ඍෂි භාෂිත භාරතීය ආදිකාව්‍යය - රාමායණය තරම් ලොවට නිර්මාණාභාස සැපයූ සාහිත්‍ය කෘතියක් තවත් නැති තරම්. පසුගිය දිනෙක අප අත පත් නවමු සාහිත්‍ය කෘතියකි.”දසිස් ඔබට මම රහසින් පෙම් කළෙමි.” මෙහි ඇමතෙන ‘දසිස්’ නම්-’විසැස් කමලාව රස පහස නොවිඳමා දසිස් දුනි පොරණ ඇස දුටු පමණටමා...’යි දස්කොනුන් ප‍්‍රමිලාවනට කී සේ පැවැසෙන ජන කවියෙහි ද දැක්වෙන, දශ දේශයක කිරුළු දැරූ හෙයින් ම එනම ලැබගත් ලංකාධීශ රාවණ රාජයන් මිස අනෙකෙක් නො වේ.

විස්තර »

මතු අපේක්ෂා දැල්වූ අධ්‍යක්ෂවරයකුගේ සිනමා සම්ප‍්‍රාප්තිය ‘එකමත් එක රටෙක’

 

ශකත‍්‍රයක කාලයක් රූපණවේදියකු ලෙස කුසලතා පෑ සනත් ගුණතිලකයන් අදියුරු භූමිකාව ඔස්සේ සිනමාවට සම්ප‍්‍රාප්ත වනුයේ මේ දිනවල තිරගත වන “එකමත් එක රටෙක” චිත‍්‍රපටය ඔස්සේ ය. මේ වූ කලී සුප‍්‍රකට ප‍්‍රංශ ලේඛක එමිල් සෝලාගේ UNE NUIT D’ AMOUR” (FOR A NIGHT OF LOVE)නමැති කෙටි කතාව පාදක කොට නිමැයූ සිනමා කෘතියකි. .

 විස්තර »

සංස්කෘතික අනන්‍යතාව සහ රාජ්‍යය

 

සංස්කෘතියක ඇති ඊට ආවේණික අනන්‍යතාව පිළිබඳ, දැක්ම දැන් දැන් වඩාත් සකාරණ හා සාධාරණ සංදර්භ ඔස්සේ සාකච්ඡාවට ලක් ව තිබේ. මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා ගේ පර්යේෂණ වලදී භාෂා ජාතිකත්වය (language nationalism) යන සංකල්පය පිළිබඳ ව සඳහන් කරයි. 2009 මැයි 17 සිළුමිණ මුවදොර වදනෙහි එතුමා දැක්වූ පරිදි, ෆිෂ්මන්, ඩොනල්ඩ් ස්මිත් වැනි මානව විද්වතුන් සඳහන් කරනුයේ ගෝලීයකරණය අබියස පවා, ජන ප‍්‍රජාවන් සිය භාෂා, හා ඉතිහාස අනන්‍යතාව ගැන උනන්දු වන බවය.

  විස්තර »

 කවිකාර කොම්බි

 

තානේ ගම්මැද්දේ තුන්දොහක් රෑට කියන බණ පිංකම මෙදා සැරෙත් ජයටම ඉට්ට සිද්ද කොරන්ඩ ගමම කසිබිසිය. ගම මැද්දෑවේ තියන ඉඩ කඩ හරියේ බණමඩුව හදලා හතර පැත්තට තොරන් ගහලා අපූරුවයි. අහල ගං දහ අටටම පයින්ඩ ඇරලා. පිංකම් පොල වටේටම තේවතුර කඩ. හතර අතේ පැට්ටෝල් ලාම්පු එල්ලලා ගමම කල එලියයි. රාත්තිරිය පුරාන කරුවල මොදු වෙලා ඩිංග වෙලාවකින් සල්පිල වෙන්දේසි කරනවා. ඒ අස්සේ කයි රාගන් කාරයෝ කවි කියනවා. මහරෑ ලං වෙන කොට ම මල් වට්ටිය වෙන්දේසිය. ඊගාවට බණ පටන් ගන්නවා. අහලගංඔල සේරම බණ පොලට රෝක් වෙනවා. කොලු කෙලි නෑම්බියෝ හදි ගැහිලා අගර දගර ඉගි බිගි පානවා.

විස්තර »

හෙට පියකරු දවසක්

 

ජයතිලක මේසයක් සෑදීම සඳහා වූ ගිනිසපු ලෑල්ලක් යතු ගාමින් සිටියේ ය. විමලදාස බාස් අද උදෑසන ම ඔහුගේ ගම් පළාත වූ මාතර බලා පිටත් ව ගියේ ය. ඒ ඔහුගේ ඥාතියකුගේ අවමඟුලකට සහභාගි වීම සඳහා ය. ඔහු පිටව යන්නට පෙර ජයතිලක වෙත වැඩ කීපයක් පැවරුවේ ය. ඉන් එක් රාජකාරියක් වූයේ මේසය සෑදීම සඳහා වූ වැඩ කටයුතු ලක ලෑස්ති කිරීම ය. හදිසියේ ම තමා පිටුපසට කවුදෝ පැමිණි බව දැනී ගියෙන් යතු ගෑම නතර කළ ජයතිලක උරහිස මතින් හිස හරවා පසුපස බැලුවේ ය. සේපාලිගේ පුළුල් එමෙන් ම දීප්තිමත් දෑස් ඔහුගේ දෑස් හා ඝට්ටනය විය.

විස්තර »

”දිවට මිසක රස දැනේ ද හැන්දට කිරිහොද්දේ”

 

ළාබාල පරපුර හරිහමන් මඟකට නැඹුරු කැරුම සුළුපටු කාර්යභාරයක් නොවන්නේ ම ය. ඒ සඳහා වැඩිහිටියන්ගේ ඇපකැපවීම අප‍්‍රමාණිකව තිබිය යුතුවෙයි. එසේ ඇප කැපවීම ඔවුන්ගේ පරම යුතුකම වනු ඇති. එම යුතුකමට සැබැවින්ම උරකර දුන්නෝ වෙත්නම් ඔව්හු අපේ ගමේ බිමේ පැලේපිළේ ඇත්තෝ ම වෙත්. වත්මන් සමාජ සන්ධානවල මෙන් අධිතාක්ෂණික ක‍්‍රමවේද හා පොතපතේ දැනුම් සම්භාරයන් ගැමිසමාජගතව එදා තිබුණේ ද නැත. ඇරත් සාක්ෂරතාවයෙන් ගැමියෝ මුවහත් වූවෝ ද නොවෙති.

විස්තර »