මෙරට බෞද්ධ කලාකරුවාගේ උත්තරීතර
නිර්මාණය බුදු පිළිමයයි

 


 

මහාචාර්ය පී.එල්. ‍ප්‍රේමතිලක

මහාචාර්ය පී. (පාලිත) එල්. (ලීලානන්ද) පේ‍්‍රමතිලක පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අංශාධිපතිවරයා ය. ‘පැරණි ඉන්දීය ඉතිහාසය හා පුරා විද්‍යාව‘ යන විෂයය යටතේ ලියු නිබන්ධයට කල්කටා විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත‍්‍රපති (MA) උපාධිය හිමිකරගත් ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් දර්ශනශූරී (PHD) උපාධිය හිමිකරගත්තේ ය.

විස්තර »

වියපත් යාමය

 

කෑලි කපන්න පුළුවන් කරුවලක් තිබුණත් ඈතින් පේන ලයිට් එළිය හින්ද දැන් එළිවෙන ජාමෙ බව සේනකට තේරුණා. හැබැයි ඔහු ඉන්නෙ නින්දත් නොනින්දත් අතර. ඕනෑ කෙනෙක් තද නින්දක් නිදාගෙන නැගිට්ට ගමන් ඉන්නෙ අව සිහියෙන්. අව සිහියෙන් වුණත් සේනක කීද්දිච්ච ගමන් කරුවලේ ම ඔලුව හරෝල බැලුවෙ ලොකු මිනිබිරී එහා ඇඳේ ආච්චිගෙ තුරුල්ලෙ ඉන්නවද කියල.

විස්තර »

මෝඩකමක මහත

 

ක් මහලු මවකට ඉතා මෝඩ පුතෙක් විය. මව දිනක් සිය පුතු අමතා මෙසේ කීවා ය:

”පුතේ මිනිසුන් අතරට ගොසින් ජීවත් වෙයන්. හුදෙකලා වීමෙන් නුවණ ලැබෙන්නේ නෑ”

පුතු ද එය ම කෙළේ ය.

එසේ ඔහු ගම්මානයේ ඇවිද යන අතරතුර ධාන්‍ය වර්ගයක් කොටමින්, ධාන්‍ය කරට ගෙන බර අදිමින් සිටින මිනිසුන් කිහිප දෙනකු ඔහුට පෙනිණි.

විස්තර »

 අමරසේකරගේ කාව්‍ය පුද්ගලත්වය වටා ගොඩනැඟුණක්

 

මහාචාර්ය පී.බී. මීගස්කුඹුර

ගත් ගතුවර ගුණදාස අමරසේකරයන් අසූවැනි වියට පා තැබීම නිමිති කොටගෙන මේ වර්ෂය ගුණදාස අමරසේකර ප‍්‍රත්‍යාවලෝකන වර්ෂය ලෙස නම් කරනු ලැබ ඇත.

ඒ නිමිත්තෙන් පැවැත්වෙන දේශන මාලාවේ එක් දෙසුමක් පසුගිය දා පේරාදෙණිය සරසවියේදී මහාචාර්ය පී.බී. මීගස්කුඹුර විසින් පවත්වන්නට යෙදිණි.

 විස්තර »

තෙරණියන්ගේ අතීත කතා

 

ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ හිමාලය කඳු පාමුල බුදුන් දවස ජීවත් වූ මෙවන් අසරණ ගැහැනුන්ගේ ජීවිතවල අහුමුලු රාශියක් මේ ථෙරි ගී වලින් අනාවරණය වේ. යට කී ග‍්‍රන්ථයේ ප‍්‍රස්තාවනාවේ සඳහන් වන පරිදි ගැහැනුන්ගේ සිත් අනාවරණය කරන ප‍්‍රථම ජගත් සාහිත්‍ය විශේෂය මේ ථෙරි ගී ය. ඔවුන් පිරිමි නිසා හෝ වෙනත් සාධක නිසා විඳි අපමණ අනන්ත දුක් මේ ගාථාවලින් මොනවට එළිදරව් වේ.

  විස්තර »

 ඓන්ද්‍රීය බුද්ධිමතකුගේ ගෞරවනීය
නොනිමි කාරිය

 

මීට දෙමාසයකට පමණ පෙරාතුව පැවැති එක් සාහිත්‍ය සම්මන්ත‍්‍රණයකදී ඔබ හමුවූ විට ඉතාමත් සෙනෙහසින් කළ සිහිපත් කිරීම මා පිළිගත්තේ වෙසෙස් වූ ගෞරවයක් පෙරදැරිවය.

”මගේ පොත් කියවන්නට වෙලාවක් ලැබුණද? මම කැමැතියි ඒ ගැන ඔබ ලියන දේ කියවන්නට”

එහෙත් ඒ වනවිටත් මා කියවා හමාර කැර තිබුණේ ‘බි‍්‍රංගින්ග් ටෝනි හෝම්’ කෘතියත් ‘අයාලේ ගිය සිතක සටහන්’ පුවත්පත් ලිපි සරණිය රැගත් කෘතියත් ‘ඉන් මයි කිංග්ඩම් ඔෆ් ද සන් ඇන්ඩ් ද හෝලි පීක්’ කෘතියේ සමහර කොටස් ද පමණි.

විස්තර »

තරු නැඟ බැස යන යුගයක විවියන්ගේ
සප්ත දශකය

 

ප මේ ගත කරනුයේ ඇතැම් මාධ්‍යවල ඔසවා තැබීමෙන් එක් දිනකදී ‘සුපිරි තරු’ බවට පත් වන්නන් ඊළඟ දිනයේදී කොහේදැයි සොයා ගත නොහැකි සමයකි.

අනෙක් අතට අද තරු නොවන්නේ කවුරුන්දැයි සොයා ගැනීම කළුනික සෙවීමක් වී තිබෙන්නේ පඳුරකට ගැසූ කල්හි තරු රොත්ත ගණනින් වැටෙන තරු පෙනෙන්නට තිබෙන බැවිනි.

විස්තර »

කවිකාර කෙම්බි

 

‘කොම්බියම්මා මේ කුස්සිය අතුපතු ගාලා රෑට ඉවුම් පිහුන් පුරා ගනින්” ගිරගි උන්දැගෙ කතා සද්දේ කුස්සිය පැත්තෙන් මෝදු වෙන කොට කෙළි නෑම්බිගෙ පපුවේ ගිඩි ගිඩිය තවත් වැඩිවුනා. කෙල්ලගෙ අතපය වාරු නැතිවා වාගේ ඉහින් කරින් දාඩිය වැක් කෙරෙනවා. කට අරින්ඩත් බෑ පුපුරු ගහන ඉදුල්වැටි (තොල්) අස්සේ කතාවත් හිරවෙලා.

”කොම්බියම් මා” ගිරගි මහගේ එහෙම කියාන දොරකඩ ගාවට එන කොට කෙල්ල අපේ අම්මේ කියාන අම්මා බදාගන අඩන්ට තිබා ගත්තා.

විස්තර »