කවිය යථාර්ථය ස්පර්ශ කරමින්
ගොඩනඟන කල්පිතයක්

 


 

ආරියවංශ රණවීර

කාව්‍ය නිර්මාණකරණය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලද වෘත්තියෙන් හිටපු පරිපාලන නිලධාරියකු වූ ආරියවංශ රණවීරයන්ගේ නවතම කෘතිය ’කවිය සහ කවියා’ සරසවි ප‍්‍රකාශනයක් ලෙසින් පසුගියදා නිකුත් විණි.

විස්තර »

 වැටෙන් එහා

 

ප‍්‍රවීණ ගුවන්විදුලි හා වේදිකා නාට්‍ය රචකයකු චිත‍්‍රපට තිරකතා රචකයකු මෙන් ම කෙටි කතා, නවකතා රචකයකු ද වූ ආනන්ද සිරිසේන මහතා අභාවප‍්‍රාප්ත වී ඉකුත් ජනවාරි විසිහතර වැනිදාට වසර දෙකක් සම්පූර්ණ විය. මේ මස විසිහය වැනිදාට ඒ මහතාගේ අසූපස්වැනි ජන්ම දිනය යෙදේ.

විස්තර »

නිර්මාණශීලි වැඩිහිටියන් පවා
අද ළමා පරපුර අමතක කරලා

 

පමිත ආර්. ලියනගේ

වත්මන් පරපුරට සාහිත්‍ය රසය අත් විඳින්නට නොහැකිවීම බරපතළ ගැටැලුවකි. ඒ නිසා සාහිත්‍යයේ යහපැවැත්මට අනාගත පරපුරක් බිහිවේ ද යන්න පිළිබඳ ව අවදානමක් තිබේ. අද ජීවත්වන දෙමව්පියන් පවා ළමයින්ගේ මනස පෝෂණය කරනවාට වඩා උදරය පෝෂණය කරන්නට වෑයම් කරනා බැව් කවියකු හා ගීත රචකයකු වන . . . .

විස්තර »

සිනහවට ඉඩක් නැත

 

ප හාස්‍යොත්පාදක චිත‍්‍රපට කෙරෙහි විශ්වාසය තැබූ එක් කාල වකවානුවක් ද විය. එලෙස විශ්වාස කිරීමට ද හැකියාවක් තිබිණ. අප ප‍්‍රීතියෙන් යටිගිරියෙන් කෑ ගැසීමු.

 විස්තර »

වසර 60 කට පෙර රණබිම කෙළි කෙළියෝ
අද හැරමිටි වාරුවෙන්

 

නිව්යෝර්ක්හි රිඩිං කවුන්සිලයේ සභාපතිනියගේ නම මට දැන් අමතක ය. ඇගේ සැමියාගේ නම ද අමතක ය. එහෙත් ඔහු කිවු දෙයක් නම් සිහි වේ.

“ඔබේ රට හරි ලස්සණයි. හැම තැන ම නිල්ල”

මීට වසර කීපයකට පසු මම අග නුවර පැවැත්වුණු කිසියම් සම්මන්ත‍්‍රණයකට සහභාගි වෙද්දී එහි ප‍්‍රධාන ආරාධිතයා කී දෙයින් පුදුමයටත් කනගාටුවටත් පත් වුණෙමි. ඔහු කතා කළේ අප රට ගැන ඉතා සාවඥ ව ය. එහෙත් ඔහු ද සිංහලයෙකි. ඔහු කී දේ මෙයයි. එය ඔහුගේ මාතෘකාවට ද අදාළ නැත. හදිසියේ තමා උපන් රට ගැන කවට කමක් කිරීමට ඔහුට සිතෙන්නට ඇත.

  විස්තර »

නුවර කලාවියේ ජනප‍්‍රවාදයට එක් වූ
කිවිඳියකගේ අන්දරය

 

හ නිකින්නියේ වැවේ දිය ඩිංගිත්ත දොහෙන් දොහේ කේඩෑරි වෙනවා. ගමරාල උන්දෑ හැන්දෑ කොරේ කිරිහාමි විදානේගෙ වෙළදම් මඩුවට ගොඩවුනා. කිරිහාමී පැදුරෙන් නැගිටලා එවුන්දාට ඉඩ පෑවා. පිල් කනුවට පිට හේත්තු කොරාගත්ත. ගමරාල උන්දා සැරි වැරි වෙලා පැදුරේ දපා තියන ගමන් වට පිට බලලා කිරිහාමි දිහා බැල්ම ලෑවා.

විස්තර »

බිය නොවෙමි

 

මගේ හිස කිඹුලාගේ කට ඇතුළේ ය. මට බයක් නැත. ඊට හේතු දෙකකි. එක ඌ හොඳින් පුහුණුකර තිබීම ය. දෙක ඌ තිරිසන් සතකු වීම ය. ඒ නිසාම කුසගිනි නිසාවෙන් හෝ කෝපයට පත් වීම නිසාවෙන් නොවන්නට ඌ මගේ හිස හපා චප්ප කර නොදමනු ඇත.

විස්තර »

සාක්ෂිය

 

ඉතා ඈත අතීත කාලයක මහල්ලෙක් ද, මැහැල්ලක් ද ගඟක් අසබඩ දිවි ගෙවූහ. ඔවුහු නිතර මාළුන්ට උගුල් ඇටවූහ. දිනක් මෙසේ ගඟබඩ සිට නිවෙස වෙත එමින් සිටි ඔවුන්ට නිධානයක් දැකගත හැකිවිය. එතැන මහා මුදල් සම්භාරයක් ම තිබිණි. ”අපි මේ ගැන හැමෝට ම කියමු” බිරිය යෝජනා කළා ය. දැන් ඉතිං කිසිවකුටත් ඈ නැවැත්විය හැකි නො වේ. මහල්ලා තනිව ම සිතමින් උපක‍්‍රමයක් සැකසී ය.

විස්තර »