භාෂා ද්විරූපතාව ගැන පර්යේෂණ කරපු
ලංකාවේ පළමු වාග් විද්‍යාඥයා මමයි

 


 

සම්මානිත මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස

මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මෙරට විද්වත් පරපුරේ, පේරාදෙණි සම්ප‍්‍රදායයේ අග‍්‍රගණ්‍ය පුරුකකි. එතුමාගේ විෂයය ක්ෂේත‍්‍රය වූ සමාජ වාග් විද්‍යාවට හා සාහිත්‍යයට ඔහු කළ සේවය අනූපමේය වේ. 1972 දී ‘භාෂාව හා සමාජය’ යන ග‍්‍රන්ථයේ සිට 2002 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත‍්‍ර වූ ‘ජාත්‍යානුරාගය’ යන ග‍්‍රන්ථය දක්වා . . .

විස්තර »

සේවිකාව

 

නිර්මලා මැඩම්ට දරුවන් සිටියේ නැත. ඇගේ සැමියා වසර ගණනාවක් ම සිටියේ විදේශගතව ය. මැඩම්ට ද වරින් වර එතෙර සංචාරය කිරීමේ පුරුද්දක් තිබිණි.

අලුතින් තනන ලද මේ යුවල සතු අලංකාර තෙමහල් නිවසේ මේ වන විට පදිංචි ව සිටියේ නිර්මලා මැඩම්ගේ මහලු දෙමාපියන් හා ඇය පමණි. මේ හැරුණු කළ  . . . .

විස්තර »

නුවර කලාවියේ ජනප‍්‍රවාදයට එක් වූ කිවිඳියකගේ අන්දරය...

 

“හීං මැනිකේ දිය ඩිංගක් දෙන්ඩ හොදයි.” අලුත් වෙලෙන්දා කොම්බී දිහා බලාන එහෙම කීවේ වෙලදන් පොදිය පිල පිට තියන ගමන්.

”දිය තත්තේ උහුලන්ඩ බැරුවා. ඒ මැද්දේ මේ බඩු පොදි ඔල බරට බෙල්ල රිදුන් දෙනවා. අනේ මැනිකේ දිය ඩිංගක් දෙන්ඩ හොදයි” .

විස්තර »

විශ්වයේ කවි ලකුණ රවීන්ද්‍රනාථ් ඨාකුර්

 

ක්‍රි.ව. 1861 ක් වූ මැයි මස 7 වන අඟහරු දින අලුයම තුනට, ‘මහාරිෂි’ දේවේන්ද්‍රනාථ් ඨාකුර්ට දාව ශාරදා දේවීගේ කුසින් බිලිඳෙක් උපන්නේය. රවීන්ද්‍රනාථ් ඨාකුර් නම් වූ මේ බිලිඳ්‍ර, දරුවන් දාහතර දෙනකු ගෙන් යුත් ඨාකුර් පවුලේ බාල දරුවා ය. බෙංගාලයේ . . . .

 විස්තර »

අප‍්‍රමාණ ධී ශක්තියට පිදෙන්නා වූ බුහුමන්  

සාහිත්‍ය සූරී (D.Lit) උපාධිය හා සම්මාන ආචාර්ය උපාධිය (PH.D) විද්වතකුට හෝ කලාකරුවකුට විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයෙන් පිරිනැමෙන ඉහළ ම ඇගැයුම් බැව් අමුතුවෙන් කිව යුතු නැත.

පසුගිය මැයි 7 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවැනි උපාධි ප‍්‍රදානෝත්සවයේදී  . . . .

  විස්තර »

ඔටුන්න හිමි කුමාරයා නික්ම ගියේ ය

 

ඇහැළ මල්වලට තාත්තා කවදත් ආසා කළා. හරියට ඒක දැනගෙන වගේ අදත් බරට බරේ ඇහැළ මල් පාරට නමා වැටිලා. වැහි අඳුර අතරින් සැරින් සැරේ ඉකිගහන ආකහේ හඬා වැටෙන්න ඔන්න මෙන්න.

විස්තර »

සමාජ විද්‍යාවට හදවතක් එක් කළ
මහාචාර්ය නන්දසේන රත්නපාල

 

මේ 19 වැනි දිනට යෙදෙන මහාචාර්ය නන්දසේන රත්නපාල 75 වන ජන්ම අනුස්මරණය නිමිත්තෙනි.

මීට දෙවසරකට පෙර සිදුවූ මහාචාර්ය නන්දසේන රත්නපාලගේ අකල් වියෝව දැනගන්ට ලැබුණු මොහොතේ මට ආචාර්ය සසංක පෙරේරාගේ විවාදාත්මක ලිපියක මාතෘකාවක් සිහියට නැඟිණි. ඒනම්, “ශ‍්‍රී ලාංකික සමාජ විද්‍යා සහ මානව විද්‍යා සම්ප‍්‍රදායයක් තිබේද’ යන්නයි.

විස්තර »

සිංහල රාජාවලියේ තරළමිණ
විජයබා මහලු වයසට පැමිණෙයි
 

ළමුවැනි විජයබාහු මහ රජතුමා කුඩා කාලයේදී අතිශය දුෂ්කර කම්කටොලු සහිත දිවියක් ගත කළ බව මම පෙරදී ඔබට කීවෙමි.

සොළීනගේ බලවත් පීඩාවන් මධ්‍යයේ තැනින් තැන සැඟැවෙමින් පලා යමින් වුව එතුමා නෙක පොත පතද ආසාවෙන් කියැවී ය.

විස්තර »