මතු පරපුර සඳහා අපේ නාට්‍ය
සංරක්ෂණය විය යුතුය

 


 

හෙන්රි ජයසේන

අනේකවිධ අධ්‍යාශයන් මුල් කොට රඟ දැක්වූ ශාන්ති කර්ම ආශි‍්‍රත ජන නාට්‍ය ප‍්‍රභේද අල්පයක් විනා දුරාතීතයට දිව යන විධිමත් දේශීය නාට්‍ය කලාවක් අපට නොතිබිණි. දක්ෂිණ හා උත්තර භාරතීය පයුරුපාසනයෙහි ඵලයක් වශයෙන් නාඩගම් හා නුර්ති මෙරටට සංක‍්‍රමණය වූ බැව් ඔබ දනී.

විස්තර »

විප‍්‍රයෝගය

 

එදින අලුයම් කාලයේ සිට ම වැස්ස ඇද වැටුණි. සෙමෙන් සෙමෙන් ඉදිරියට විත් රාධිකා ජනේලය අසලට හිටගත්තා ය. “ළමයට හිරිකඩ සුළං වැදෙයි. ජනේල අරින්න එපා.” අම්මා මුළුතැන්ගෙයි සිට පවසන අයුරු ඇයට ඇසුණි. කාමරයේ ජනෙල් පියන විවෘත කර ඇය මිදුල දෙස බලා සිටියා ය. පියස්සෙන් වෑහෙන අවර්ණ ජලය බිමට පතිත වී ගලා ගියේ බොර පැහැයෙනි. තෘණ රොඬු සමඟින් කුඩා කෝටු කැබලි ජලය සමග ඇදී ගොස් අතරමඟ රැඳිණි.

විස්තර »

නුවර කලාවියේ ජනප‍්‍රවාදයට එක් වූ කිවිඳියකගේ අන්දරය...

 

එදා දොහේ කුරක්කන් කපන කය්යට කොම්බිටත් එන්ඩ කියලා කයිකාරියෝ රෑන නොහාලම කියන්ඩ තිබා ගත්තා. බැරිම තැන කිරිහාමි ගොය්යා ගිරගි උන්දෑ දිහා බලලා ඉඟි මැරුවා. “කෙල්ලගෙ කයි රාගන් ඔලට මනාපෙටනි ඕකිලා ඔය එන්ඩ කියන්නේ. එහෙනන් උඹ ගෙදර හිටන් කයි බත සැරි බැරි කොරාපන්.

විස්තර »

සසුන’ඹර දිදුළන කාරිය අරඹයි

 

විජයබා මහරජුගේ සිරිපා පිදුම් ගැන කියැවෙන අඹගමුව සෙල් ලිපිය පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් දැන් ඔබ සතුව ඇතැයි සිතමි. බුරුමයේ එවක සිටි අනුරුද්ධ රජුගේ ආධාරය ඇතිව මේ රටේ නැතිවී ගිය උපසම්පදාව යළි නඟා සිටුවීමට කි‍්‍රයාකිරීම මේ රජුගේ විශිෂ්ට කාර්යයක් බව මම පෙරදී ද කීවෙමි. ලංකා හා බුරුම රජුන් දෙදෙනාගේ මිතුරු සබඳකම නිසාත් භික්ෂූන් පැමිණ උපසම්පදාව පිහිටුවීම නිසාත් මෙරට හා එරට භික්ෂූන් අතර . . . .

 විස්තර »

බුද්ධ ප‍්‍රතිමාව සිංහලයන්ගේ නිර්මාණයක් ද?  

මහාචාර්ය සිරි ගුනසිංහ

කි‍්‍රස්තු යුගයේ මුල් ශතවර්ෂ තුළදී බුද්ධ ප‍්‍රතිමා වන්දනය මෙරට ව්‍යාප්ත වී තිබුණු සැටි පැහැදිලි ව හෙලි කරන ආගමික ගොඩනැගිලි අංගය නම් වාහල්කඩයි. මේ වූකලි, ස්තූප නිර්මාණයෙහි ලා සිංහලයන් විසින් ම එකතු කරන ලද එක් අංගයකි. වාහල්කඩෙන් ඉටු වූ සේවය කුමක් වී ද යන්න පිළිබඳ ව මතභේදයකට තුඩු දී තිබෙන්නේ නිසැකයෙන් ම එය ඉන්දියාවේ දක්නට නොලැබෙන හෙයිනි.

  විස්තර »

කුරුලු දරුවා

 

ක් මවකට හා පියකුට ඉතා දක්ෂ දරුවෙක් සිටියේ ය. ඔහු ගේ නම වසීලි ය. ඔහු කෙතරම් දක්ෂ ද යත් කුරුල්ලන් ගේ භාෂාව පවා දැන සිටියේ ය. දිනක් මාපියන් සමඟ වසීලි අහර ගනිමින් සිටිනා’තර එක් කොවුලෙක් ඔවුන් වෙත පැමිණ මිහිරි හඩින් නද දෙන්නට විය. වසිලිට කුරුල්ලා පවසන දෙය වැටහිණි. ”පුතේ මේකා මොනවා කියනවාදැයි අපටත් කියාපං”

විස්තර »

පරිවර්තන කලාවත් පත්තර කලාවත්
මට නිවුන් සොහොයුරන් වගෙයි

 

සුජීව දිසානායක

ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී ග‍්‍රන්ථ පරිවර්තක සුජීව දිසානායකයන්ගේ අලුත් ම පරිවර්තිත කෘතිය වන ‘ජුලියස් ෆුචික් පෝරකයේ සිට ලියූ සටහන්’ මේ 12 වන අඟහරුවාදා සවස 3.30 ට නාරහේන්පිට කිරුළ පාරේ ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතන ශ‍්‍රවණාගාරයේදී සහෘදයන් අතට පිරිනැමේ.  

විස්තර »

පුවත්පත් කලාවට අන්තර්ජාලයෙන් තර්ජන

 

අන්තර්ජාලය තුළ පුවත්පත් කර්මාන්තයේ පැවැත්ම කෙසේද? එක් අතකින් අන්තර්ජාලය හරහා තම පුවත් නොමිලයේ බෙදාහැරීමක් පුවත්පත් බලාපොරොත්තු වේ. අනෙක් අතින් බලන කල ඔවුන්ගේ ලාභදායී දැන්වීම් Croigslist වැනි වෙබ් අඩවි හරහා අතුරුදහන් වේ. ඒ සමඟම සිදුවන තවත් භයානක සිදුවීම නම්, මිනිසුන් ලෝකය පිළිබඳව අවබෝධය ලබාගැනීමට හුරු වී සිටින්නේ වෘත්තීමය හා උසස් ගණයේ ලා සැලකෙන මාධ්‍යවේදීන්ගෙන් නොව අහඹු උන්මත්තකයින් ගෙන් වීමයි.

විස්තර »