මේක සෞන්දර්යය සංකල්පය නැවත
විමසා බැලිය යුතු කාලයක්

 


 

පූජ්‍යපාද මුංහේනේ මෙත්තාරාම හිමි

බුදු දහම මිනිසාගේ දිවි පැවැත්මේ අශුභ පාර්ශවය ම අරමුණු කොට ගන්නා විශ්වීය සෞන්දර්යය අත් නොවිඳිනා දර්ශනයක් වශයෙන් ඇතැමුන් අර්ථ කථනය කරනු පෙනේ. එහෙත් බුදු දහම හා සෞන්දර්යය සංකල්පය අතර පවත්නා අවියෝජනීය වූ බැඳීම විචාර හීනත්වයෙන් නොව සබුද්ධික ව වටහා ගත යුතු ව තිබේ.

විස්තර »

 විල් හැර යන හංසයෝ

 

කල්හි බුදු හිමියෝ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ විසූහ. ප‍්‍රදේශවාසී බොහෝ දෙනෙක් උන් වහන්සේ දේශනා කරන ධර්මය අසන්නට එහි පැමිණියහ.

ධර්ම කෙරෙහි පැහැදුණු සමහරු බුදු හිමියන් සරණ ගියහ. සරණ නොගිය ද සමහරුන් ආපසු ගියේ උන් වහන්සේ කෙරෙහි උපන් ප‍්‍රසාදයක් සිතැතිව ය. ඒ ධර්මය රිසි නොකරන්නෝ ද සිටියහ.

බුදුන් දෙසන ධර්මය ඇසීමට පැමිණි පිරිස අතර යහළු තරුණයෝ දෙදෙනෙක් සිටියහ.

විස්තර »

කුරුමිණියා

 

ක්තරා රජකුට අයත් රාජධානියක ෂුඩොක් (මෙහි අරුත කුරුමිණියා යන්නයි) නමැති මිනිසෙක් වාසය කෙළේ ය. ඔහු සියුම් නුවණ ඇති උපාය දත් පුද්ගලයෙක් විය. මොහු ගේ නුවණ පිළිබඳ ව මුළු රාජධානියේ ම ප‍්‍රකට වන්නට විය.

මේ අතර රටේ රජතුමා ගේ මංගල මුදුව අතුරුදහන් විය. එය සොයාගත හැකි මඟක් නොවූයෙන් ෂුඩොක් ගේ සහාය පැතීමට රජතුමා තීරණය කෙළේ ය.

විස්තර »

මොවුන් අඳුනනවාද? ඔවුහු සියල්ලෝ ම
අපේ රටේ පුරවැසියෝ වෙති

 

ලින් ලිපියක ඇමෙරිකන් එක්සත් ජනපදය ගෙන යන එක්තරා ප‍්‍රතිපත්තියක් ගැන ලීවෙමි. ඒ ලොව විවිධාකාර මානව සාම්පලවල නිවහන වීමේ අරමුණ පාදක කරගත් ව්‍යාපෘතියක් පිළිබඳවයි.

අප රට මෙවැනි අරමුණක් කරා වුවමනාවෙන් කි‍්‍රයාත්මක නොවුව ද රටේ භූගෝලීය පිහිටීම නිසා නිරායාසයෙන් ම වාගේ එවැනි නිවහනක් වී ඇති බව ද සඳහන් කරනු මතක ය. ඒ මේ අතර කාලයේ මා එදා සඳහන් කළ කරුණු ස්ඵුට කිරීමට අවශ්‍ය රූ සටහන් කීපයක් මෙහි දක්වමි.

 විස්තර »

සසල හද නිසල විය

 

තිස්ස අබේසේකර (1939 – 2009) යනු බහු විධ කලා ප‍්‍රතිභා සපිරුණු සිනමා ප‍්‍රාඥයෙකි. එදා මෙදා ලාංකේය සිනමාවේ බිහි වූ උසස් අධ්‍යක්ෂවරුන් අල්ප දෙනාගෙන් ඔහු එක් අයෙකි. ප‍්‍රශස්ත ගණයේ තිර නාටක රචනයෙන් අබේසේකරයන් අබිබවා යා හැකි වූයෙක් එදා මෙන් අදත් මෙරට පහළ වී නොමැත.

තිස්ස දේශීය සිනමා මන්දාකිනියට සම්ප‍්‍රාප්ත වූයේ ජාත්‍යන්තර ඇගැයුම් ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගම්පෙරළිය” චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂ හා දෙබස් රචකයා ලෙසිනි.

  විස්තර »

මංමුළා වූ සියොතුන්

 

බීන්ද්‍රනාථ ඨකූර මහාශයන්ගේ තවත් පද්‍යාවලියක රස සිය බසින් විඳගැන්මේ පින පසුගිය දිනෙක අපට හිමි විණ. මෙ කෙටි සටහන ලියැවෙනුයේ එරස සිළුමිණි රසවතුනට ද විඳුවනු පිණිසත්, අනුවාදකයාණන් තව තවත් මෙබඳු කම්හිලා දිරිගන්වනු පිණිසත් ය.

නොබෙල් සාහිත සම්මානිත ගීතාඤ්ජලියෙහි පටන් – ඇතැම් විට එක ම කෘතියෙහි විවිධානුවාද ද ඇතුළු - ඨකූර ප‍්‍රබන්ධ රැසක් මේ වනවිට හෙළ බසට පෙරැළී අවසනි.

විස්තර »

විජයබාහුගේ අඹගමුව ගිරි ලිපිය

 

රාක‍්‍රමබාහු ගේ ඔටුනු පැළැන්දවීමේ උත්සව තුනේ දිනයන් මෙසේ නිශ්චය කළ පසු අපි දැන් අපේ ගණන් බැලීම ආපස්සට ගෙනයමු.

අපි මහාවංසයත් සෙල්ලිපිත් අනුගමනය කරමින් කි‍්‍ර.ව. 1153 දී පැවැත්වුණු පරාක‍්‍රමබාහුගේ පළමු ඔටුනු පැළැන්දවීම පටන්ගන්නා ස්ථානය ලෙස ගතහොත් පරාක‍්‍රමබාහුට තිබුණේ යැයි කියන තිස්තුන් අවුරුදු රාජ්‍ය කාලය ධ්ධ් ගජබාහුට විරුද්ධව යුද්ධ කළ අවුරුදු හය, මානාභරණට විරුද්ධව අවුරුදු දෙක සහ මුළු ලංකාවේ අසහාය නායකයාව සිටි අවුරුදු විසිපහෙන් සෑදෙන බව පෙනෙයි.

විස්තර »

කවිකාර කොම්බි

 

කෙලු නාම්බා ඇවිල්ලා ගියත් හරි ඒකා ගැන වගක් විත්තියක් හාංකවිසියක් මොනාවත් නෑ. නෑම්බිගෙ අපුච්චටයි අම්මටයි අත්තප්පටයි ඒකා හිටියද නැද්ද කියලා ගානක් වත්නෑ. ඒ ඇත්තෝ එහෙම උනාට කොලු නාම්බගෙ බය පස්ස පාත හිනා ඩිංගේ තිබිච්චි.

ආලවන්ත ලෙන්ගතුකම කොම්බිට සීපරාද වෙන්නේ හිත් කුහරේ කීරි ගහගන. ඒකගෙ ගමන බිමට රතට රතේ මෝදු වෙච්චි දැව දඬු වාගේ අතපය.

විස්තර »