ඉංගිරිසි බසෙහි හසළ වුවත්
ඉංගිරිසි ජාතිකයෙක් වගේ අපට ලියන්න බැහැ

 


 

එඩ්මන්ඩ් ජයසූරිය

ග්‍රේෂන් සම්මානය ලැබීම නිමිත්තෙනි.

ඊවා රණවීරගේ ‘සෙදෝනා’ නවකතාව ඉංගිරිසි බසට පරිවර්තනය කිරීම නිමිත්තෙන් ග්‍රේෂන් සම්මානයෙන් පිදුම් ලද එඩ්මන්ඩ් ජයසූරිය සිවිල් පරිපාලන නිලධාරියකු වූ දුලබ සාහිත්‍ය නිර්මාණකරුවෙකි. සිංහල නිර්මාණ කෘති අන්තර්ජාතික පාඨකයනට රස විඳීමේ අවකාශය උදාකර දෙන ඔහු 2004 වසරේදී ‘සැළලිහිණි සංදේශය’ ඉංගිරිසියට නැඟීම වෙනුවෙන් ‘රාජ්‍ය සාහිත්‍ය සම්මානය’ දිනා ගත්තේ ය.

විස්තර »

අවපස සඳ

 

වලාවන්ගෙන් තොර නිරුවත් අහස්කුසේ පසළොස්වක සඳ ගිමන් හරී. රෑහි කන්ද දෙසින් ඇසෙනා රැහැයියන්ගේ කලබලය හා පන්සලේ ඝණ්ටාර හඬ එකට මුසුවී නත්තල් සුළගේ පාවී විත් යසපාලගේ දෙසවනට රිංගයි.

දකුණතේ දබරැඟිල්ලත් මාපටැඟිල්ලත් අතර හිරවී ඇති බීඩි කොටය යළි දෙතොල් අතරේ තබන ඔහු, හූස්... පූස් ගා අවසාන දුම් උගුරු කීපයද කෙළ සමඟ උරාබොයි.

විස්තර »

ඉවාන් ගේ වාසනාව

 

එක්තරා ඈත අතීත කාලයක ඉවාන් නම් වූ අවාසනාවන්ත මිනිසෙක් වාසය කෙළේ ය. ඔහු බිරිය සමඟ දිවි ගෙවූයේ අතිශය දිළිඳු ආකාරයෙනි. බිරිය සිය දෑතින් ඉතා මහන්සියෙන් පලස් වියූ අතර ඉවාන් ඒවා රැගෙන පොළට ගොස් විකුණුවේ ය.

එක් දිනක් ඔහු වෙළඳ්‍රමේ නිරත ව සිටිනා’තර මහලු මිනිසෙක් ඔහු වෙත ඇවිත් මෙසේ කීය.

”පුතේ නුඹේ ඔය පලස රූබල් සියයකට මට විකුණාපං (රූබලය යනු රුසියාවේ මුදල් ඒකකය යි.)

විස්තර »

නපුර පරාජය කිරීම වීරකාව්‍යයේ
ආසියානු ලකුණ

 

අපගේ ප‍්‍රස්තුතය වූ ‘ආසියානු යුද සාහිත්‍යය’ බොහෝවිට යුදකාමී බව හෝ යුදයේ දෘඪ විජය ඔල්වරසන් තැලීමකට යොමු කරනවාට වඩා එපිටට ගොස් ඉන් ඔබ්බෙහි ඇති සාමකාමී මැදි මාවත සොයා යෑමක් බවයි. එබැවින් ‘ලෝක ජාතික වීරකාව්‍ය’ ගොමුවෙහි ආසියානු ලකුණ යනු, ආසියානුවන්ගේ ජනශ‍්‍රැතීය ලතාව ද, සංස්කෘතීය අනන්‍යතාවද කැටි කර ගත් වෙසෙසි වූ අයුරේ වීර කාව්‍ය වග්ගයක් බැව් කිව යුතු ය.

 විස්තර »

හිමගිරෙන් ආ යතිවරයාගේ ළමා කාලයේ කඩතිර ඇරේ

 

එළැඹෙන වෛශාකෝත්සවය නිමිත්තෙන් හිමාල කඳුකරයෙන් ලංකාවට අවුත් ක්ෂේත‍්‍ර කීපයක නොමැකෙන නමක් තබා ගිය යතිවරයෙකු තේමා කර ගත් ග‍්‍රන්ථයක් අගය කිරීමටත් කලාතුරකින් කියැවීමට ලැබෙන ඒ ගවේෂණාත්මක කෘතියේ කරුණු බිඳක් දැක්වීමටත් සිතුණි.

ඒ පොත ගැන අගැයුමක් හෝ විවේචනයක් කිරීමට මට කතු වර හිමිනමගෙන් කිසිම ඇරැයුමක් නොලැබුණ ද මා දුරකථනයෙන් ඉල්ලූ අවසරය පමණක් අනුමත වුවද එහි ඇතුළත් කරුණු කීපයක් තීරයේ පාඨකයා ඉදිරියේ දිග හැරීමට කිතියක් මට ඇති වූයේ පහත පසු බිම ඔස්සේය.

  විස්තර »

සෙල් ලිපියෙන් හෙළිවන විජයබා පුරාවත

 

ලංකා පුරාවිද්‍යාව විෂයයෙහි කළ සේවය සඳහා ශ‍්‍රී ලංකාවාසීන් මහත් සේ ණයගැති කරගත් එච්.සී.පී.බෙල් මහතා මේ සෙල්ලිපිය පරික්ෂා කළේය. පසු කාලයේ දී එහි ස්පශ¡ලාංඡන සකස් කරවා සංස්කරණය සඳහා එංගලන්තයට යවනු ලැබිණ.

මේ ලිපිය ලැබුණු ස්ථානය වන අඹගමුව, ගම්වාසීන් 500 ක් පමණ වෙසෙන කුඩා ගම්මානයකි.

විස්තර »

 ජීවිතයේ යූ හැරවුම

 

කාශ්ඨක හිරු රැසින් පීඩාවට පත් ගුරු පැහැති බිමි කඩක් මතින් වැටී ඇති මහා මාර්ගයකි. එම මාර්ගය සිසාරා ගැවසෙන පාලුව මකාලමින් වේගයෙන් ධාවනය වන මෝටර් රථයකි. එහි සිටින එකම මගියා ආවේශයෙන් මෙන් රථය පදවයි.

ඔහුගේ වම් අත සුදු පැහැ වෙලුම් පටියකින් වෙලා තිබේ. කිසියම් අර්බුදයකට මුහුණ පා ඇති සැටියකි. බැලු බැලු අත ඇත්තේ පාලුව පමණකි. තද හිරු රැස් වැළැක්වීමට පුංචි පඳුරක් හෝ අවට නොමැත. අනපේක්ෂිත සිදුවීමකි. එක්වරම රථයේ රේඩියේටරයේ වෑල්වයක් පුපුරා යයි. ගමන අඩාල වේ.

විස්තර »

සගයා

 

හිරු පෘථිවියට ඉහළින් සිටිමින් මිනිසාට ජීවිතය දෙයි.

හිරුත් සමඟ දවස අරඹන මිනිසාට හිරු ගේ අගය වැටහෙන්නේ නැත. ඒ හෙට හිරු පායන බවට ඔහුට සැකයක් නැති බැවිනි.

සොබාදහම එසේ ය. නොවෙනස් ය. ගතික මානව සමාජයේ ස්ථාවරත්වයට උපමා සපයන හිරුගේ අගය මිනිසා තේරුම් නොගනී. ඒ ඔහු ගතිකත්වය අතර නොනැසී පවතිනු පිණිස අරගලයක නිරත වන බැවිනි.

එම අරගලයෙන් මොහොතක් මිදී හිරු දෙස බලන්න. සිත සැනසෙනු ඇත.

විස්තර »