මහනුවර යුගයේ බෞද්ධ බිතුසිතුවම්වලට ඉන්දීය හෝ සියම් සම්භවයක් නැහැ

 


 

මහාචාර්ය මහින්ද සෝමතිලක

ශී‍්‍ර ලංකාවේ දැනට සිටින එක ම කලා ඉතිහාසඥයා ලෙස සැලැකිය හැක්කේ මහාචාර්ය මහින්ද සෝමතිලක ය. ඔහු දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරයි. ඔහු දර්ශනශූරි (PHD) උපාධිය ලද්දේ නවදිල්ලියේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙනි.

විස්තර »

හිරගෙදර හූනා

 

මාරයාගේ සෙවනැල්ල දුටු ඒ යුගය කෙසේ නම් අමතක කළ හැකිද? සියලු පුවත්පත්වල සිරස්තලයන්හි මරණයේ සෙවණැල්ල හොල්මන් කරන්නට පටන් ගත්තේ ඒ කාලයේ සිට ය. විශ්වවිද්‍යාල වසා දැමූ අතර ක‍්‍රමයෙන් දේශපාලන සිරකරුවන්ගෙන් සිරගෙවල් පිරීතිරී ගියේ ය. තරුණ දූ දරුවන් ඇති දෙමවුපියෝ බෝධීන් වහන්සේ ගේ මුල් පෑදෙන තෙක් පැන් කළගෙඩි වක් කරන්නට වූහ. රැඳවියන් යන නාමයෙන් අත්අඩංගුවට ගත්ත ද ඔව්හු සැබෑවට ම සිරකරුවෝ වූහ. රාජ්‍ය විරෝධීන් ලෙස සැක කළ හැකි සෑම අයෙක් ම සිර අඩස්සියට පත් වූවා සේ ය.

විස්තර »

 නුවර කලාවියේ ජනප‍්‍රවාදයට එක් වූ
කිවිඳියකගේ අන්දරය...

 

වත්ත වනාතේ තෙරුව මෙකන් කොරාන මැනිකි නැම්බී හිමි බංඩගෙ ඇගේ සට්ටි වැදි වැදි (ගැටි ගැටී) යන ගමං පේරුව දිහා බලාන හිටිය කොම්බිට අපූරු පද හතරක් මතක් වුනා. වට පිට බැලින්නන් කුරුලු කොබෙය්යෙක්වත් පලාතක පේනඩ නෑ. ඒක හින්දා විලිපලි ඇරලා රාගත් අල්ලලා මේන් මෙයා කාරෙට පද හතරේ ගැට මූට්ටු කෙරුවා.

විස්තර »

සිංහලයා සමාජ සත්ත්වයකු බවට දෙස් දෙන
සිංහල අවුරුදු උලෙළ

 

සිංහලයා අති සමාජ සත්වයකු බවට ප‍්‍රථම ඉඟිය කළේ සුප‍්‍රකට ලේඛක රොබට් නොක්ස් ය. ඔහු උත්සව පැවැත්වීමට ලැදි ය. කතා කිරීමට ද ඉතා කැමති ය. ඔවුන්ට විශාල මහා මාර්ග නැත. ගමන් කරන්නේ රූක්ෂ ගසින් සෙවන සැපයෙන දෙවට පාර වල් දිගේ ය. ඒ ද එකිනෙකා පසු පස්සේ ය. එහෙත් මුලින් යන තැනැත්තා පවා අගින් යන තැනැත්තා සමඟ සංවාදයේ යෙදෙන අපූරු ක‍්‍රමය සිංහල මගියා සොයා ගෙන ඇත. රජුන් මැති ඇමැති වරු හා රට කෙරෙන අන්දම තැන සාකච්ඡා පැවැත්වීමට බොහෝ පිරිමි රුචි ය.

 විස්තර »

කරුණාබර ජයග‍්‍රහණය

 

එක් කරුණාබර යුවතියක් එක්තරා කාලයක සිය පියා සහ කුඩම්මා සමඟ දිවි ගෙව්වා ය. මේ නපුරු කුඩම්මාටත් දියණියක සිටියා ය. කුඩම්මා ඇගේ දියණියට මිස පුරුෂයා ගේ දියණියට නම් කාරුණික වූයේ නැත. කුඩම්මා ගේ දියණිය වනාහි ඇගේ පෙර විවාහයේ දරුවා ය. මේ නිවසේ ගැටුම් බහුල විය. දිනක් කුඩම්මා සිය පුරුෂයා අමතා මෙසේ කීවා ය: “නුඹේ දූ කොහොමටවත් හදන්නට බැරි එකියක්. ඈ වනාන්තරයේ බිම්ගෙට ඇරලවපං. එහිදී ඈ හොඳින් හැදේවි”

  විස්තර »

සාහිත්‍ය විචාරයක් අද දක්නට නෑ

 

මෙවර පුනර්පාඨනය සඳහා අප තෝරා ගත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මේ ලිපිය 1989 ජූලි 4 වැනිදා දිනමිණ පුවත්පතේ පළ වූවකි. මේ ලිපිය සැකැසී ඇත්තේ ඩී.ආර්.විජයවර්ධන අනුස්මරණ ප‍්‍රදානය දින උත්සවයේදී සිදු කළ දෙසුමක් ඇසුරෙනි. සාහිත්‍ය ක්‍ෂේත‍්‍රය කාය¸ තුනකින් යුක්තයි. එනම්, නිර්මාණය, රසවින්දනය හා විචාරය. මේ කාය්‍යත‍්‍රය අතර පවතින්නේ පරස්පරාපේක්‍ෂතා නමැති සම්බන්ධයයි.

විස්තර »

 සිරිපා පිදුම් ගැන කියන අඹගමු සෙල් ලිපිය

 

පළමුවැනි විජයබාහු මහරජ රුවන්මැලි සෑ අබියස කළ දෙවැනි පූර්ණ අභිෂේකය දී රන්කාසි නිකුත් කළ බව මම පෙර දී කීවෙමි. පශ්චාත් පොලොන්නරු අවධියේ සිට භාවිත කාසි විශේෂ කිහිපයක් පුරා විද්‍යාව මගින් දැන් තහවුරු කරගෙන සිටී. කි‍්‍ර.ව. 7 - 8 සියවස්වල පටන් කෝට්ටේ රාජධානි සමය දක්වා පරිහරණය කළ කාසි මේ අතරට ගැනෙයි. මේ කාසි ඒකක අනුව වර්ග කිහිපයෙකි. කහවණුව, අඩකහවණුව, දෙඅක, අක, මස්ස හා අඩමස්ස යනුවෙන් මේවා හඳුනා ගත හැකි ය.

විස්තර »

තීරු රචකයා අනුන්ට හිනාවෙන අතර
තමන්ටත් හිනාවෙනවා

 

තිඹිරියාගම බණ්ඩාර

“පුවත්පත්වල පළ කෙරෙන තීරු ලිපි අතරින් මා වඩාත් පි‍්‍රය කරන්නේ තිඹිරියාගම බණ්ඩාරගේ “බණ්ඩාගේ වාක්කිය” නම් වූ තීරු ලිපි පෙළටයි. සැබෑ ගැමියකු වශයෙන් ගැමි බස ද පරිසරය ද උපයෝගී කරගනිමින් උපහාසය සහ මුවට සිනා නංවන හාස්‍යය ද උපදේශය ද ඔහු පාදක කරගන්නා චරිත ඔස්සේ පාඨකයන් හට ඉස්මතු කරයි. දිගු කලක් තිස්සේ ඒ තීරු ලිපි පළවන නමුත් එදා ආරම්භයේදී එහි තිබූ නැවුම් සුවඳ තවමත් පහව ගොස් නොමැති වීම සතුටට කරුණකි. ඒවා හැමදාමත් නවතාවෙන් කිය විය හැකි ය.”

විස්තර »