සිංහල අවුරුද්ද දැය ම එකතු කරන දිනයක් කර ගනිමු

 


 

අරීසෙන් අහුබුදු

සිංහල ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල අලුත් අවුරුද්ද හෙට (13) උදාවෙයි. සිංහල අවුරුද්ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිංහලයන් ගේ ජාතික මහෝත්සවයක් බවත් ඊට හින්දු සංස්කෘතියේ බලපෑමක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ කලාකරුවකු වන අරීසෙන් අහුබුදු ශූරීහු පවසති.

විස්තර »

වෙදමුත්තා

 

නමුණුකුල කඳු මුදුන හිරු රැස් පොරවාගෙන සිටි යි. වහලයක්, ආවරණයක් නො මැතිව වුව ද කිසිවක් දවන, තවන කිරණක් නො වන එය, නගරයට ඔරවන හිරුමඬල ම යැයි නො සිතෙන තරමට මුදු ය.

සංචාරක නිවාසයේ වැට මායිමෙහි පිපුණ සූරියකාන්ත මල් මෙන් ම පාත්තිවලින් හා පෝච්චිවලින් හිස ඔසවන රෝස, ඩේලියා හා කානේෂන් මල් ද හිරු දෙස බලා සිටින්නේ සතුටිනි.

විස්තර »

 අහිමි ව යන අපේ කී‍්‍රඩා

 

ගිම්හානයේ ශීතල කෙමෙන් වියැකී යන විට විකසිත හිරුගේ දැඩි අව් රශ්මිය හේතුවෙන් පැමිණෙන ‘අව්+රෞද්ද්‍ර’ නැතිනම් අවුරුද්ද කෝකිල කූජනයත් පෙරටුකර පැමිණෙයි. ඇහැල මල් පිපී වසන්ත සුළඟින් නැළැවෙන රන් පැහැය, එරබදු මල් රත් පැහැයෙන් වර්ණාලෝක තනන්නේ නැවුම් අපේක්ෂා පොදිබඳිමිනි.

සිංහල සංස්කෘතියත් සමඟ බැඳි කී‍්‍රඩා බොහොමයක් අලුත් අවුරුද්ද මුල් කරගෙන එළිදැක්වෙයි. ඒ කී‍්‍රඩා සියුම් ව විශ්ලේෂණය කිරීමෙන් පෙනීයන්නේ සරල බව, අල්පේච්ඡ බව, සාමූහික බව, මෙන් ම එකිනෙකා පරයන බිහිසුණු තරගකාරීත්වය නොව හුදු සරල විනෝදයයි.

විස්තර »

අවුරුද්ද හා බැඳුණු අන්දර

 

සන්ත උත්සවය පිළිබඳ අදහස භාරතයෙන් ලංකාවට පිළිපන්නකි’යි සිතේ. වසන්ත උත්සවයකදී සෝමපානයෙන් මත්වී, ප‍්‍රියයන් සමඟ රමණය කළ ස්ති‍්‍රයක විඩාපත් ව සිටින අන්දමේ ශ්‍රේෂ්ඨ ගල් කැටයමක් මථුරාවෙන් ලැබී තිබේ.

ප‍්‍රියයන් හා ප‍්‍රියම්බිකාවන් පෙම්සුව විඳීම පිණිස එක්වන වසන්ත කාලය පිළිබඳ අදහසක් ඉසුරුමුණි පෙම්යුවළෙන් ද නිරූපිත ය.

එය පිහිටා තිබූ රන්මසු උයන රාජකීයයන්ගේ ශෘංගාර නිකේතනය විය. අලුත් අවුරුදු උලෙළෙහි පැවැත්වෙන ගැමි කී‍්‍රඩාවක් වූ අං කෙළිය ද ශෘංගාරාත්මක අදහසක් ගැබ් වූවකි.

 විස්තර »

එදා අවුරුද්දේ කජු-කෙළි

 

මහාචාර්ය විනී විතාරණ

අපි උපන්නෙ දකුණෙ – ගිරුවාපත්තුවෙ. එදා අපට සිංහල අවුරුද්ද ලැබුවෙ බක් මාසෙ නෙවෙයි, නවම් මාසෙ හරියෙ දී ම යි!

කජ්ජු ගස්වල මල් පිපෙනව. හරි සුවඳයි. ඇත්තට ම සුවඳ විහිදෙනව. අපි සුවඳැයි කියල කිවුවට දාස් මල්වල සුවඳ විහිදෙන්නෙ නැහැනෙ: නහයට ඇල්ලුවම වැටහෙනව. නමුත් කජ්ජු ගස්වල මල් ඇත්තට ම සුවඳ විහිදුවනව. සුළඟට එනව ඒ සුවඳ.

මේ කජ්ජු මල් පිපෙනකොට තව එකෙක් එනව. ඒ අවිච්චියා. උදේ පාන්දර ඉර පායන්න ඉස්සර, කුමක් හරි පඳුරක ඉඳගෙන “ආවිච්චියොං... අවිච්චියොං...” කියනව.

  විස්තර »

අලුත් අවුරුද්දට පරණ සිරිත් විරිත්
සෙවීම මුළාවක්

 

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක

ලංකාවේ මහා පරිභෝජනවාදී සංස්කෘතිය නෛතිකමය හා දේශපාලනමය වශයෙන් ආරම්භ වීම සිදුවන්නේ 1977 න් පසුවයි.
 

එහෙත් ඊට පෙර සිටම ඊට අදාළ කොන්දේසි සම්පූර්ණ වෙමින් පැවතුණු බැව් කිව හැකියි.

1975 වෙද්දී සමඟි පෙරමුණු රජයේ පස් අවුරුදු සැලැස්ම කඩා වැටුණා.

විස්තර »

 අලුත් අවුරුද්දේ සමාජ මානව විද්‍යාත්මක පසුබිම

 

ලුත් අවුරුද්ද දෙස මානව හා සමාජ විද්‍යාත්මකව බැලීමට එහි මූලික කේන්ද්‍රීය අංග පළමු ව තේරුම් ගැනීම වැදගත් ය. පළමු කොට අපට පෙනෙන්නේ හිරු පිළිබඳ විශ්වාසය හා බැඳුණු මානව විද්‍යාත්මක පැත්තයි. දෙවනුව අවුරුදු සිරිත් විවිධ අංගයන් හා බැඳුණු සමාජ විද්‍යාත්මක ලක්ෂණයි.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම අලුත් අවුරුද්දේ සිදුවන බැවින් අලුත් අවුරුද්දේ නිර්මාපකයා සූර්යයා ය යන මතය පෙරදිග ජන විශ්වාසයන්හි ප‍්‍රචලිත ව පවතින්නකි.

විස්තර »

“කෝණේ කමුද හේනේ පිළපිට නෑනේ”

 

ළොස් මසක් පුරාවට හිරු - සඳු සමඟ, “අංකරමාලක්කමක” (ප‍්‍රබල සටනක) යෙදුණු, අපේ ගොවි ඇත්තෝ කුඹුර, හේන්කොටුව හා වැව් තාවල්ල යන ති‍්‍රවිධ “යුධඟනාවන්” ගෙන් මඳකට සමුගත්හ.

සංග‍්‍රාමය සඳහා උපයෝගී කරගත් කැත්ත, උදැල්ල, නඟුල ඇතුළු ගොවි “යුධෝපකරණ” ද සුළු කාලසීමාවකට බිම තැබූහ. එසේ ම ඔව්හු තම සටනට උරකර දෙමින් නිරන්තරයෙන් ම සන්නද්ධ ව සීරුවෙන් සිටි “අම්බරු” “හමුදාවන්” වෑ නිල්ල, - තාවල්ල - හා ලඳු ගොල්ල යන “යුද මුක්ත” කලාපයනට අනුයුක්ත කර, කෙටිකාලීන “සටන් විරාමයක්” ප‍්‍රකාශයට පත් කළහ.

විස්තර »