හැම දෙයක් ම අද මට දැනෙන්නේ මේ ඊයේ පෙරේදා සිදුවුණා වගෙයි

 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද 90 වැනි ජන්ම දිනය සමරයි

සිංහල සිනමාවේ මහා යුග පුරුෂයා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද (5) ස්වකීය ජීවිතයේ 90 වැනි උපන් දිනය සමරයි. ඔහුගේ පළමුවැනි වෘත්තාන්ත චිත‍්‍රපටය වන ‘රේඛාව‘ සිංහල සිනමාවේ සැබෑ උපත ලෙස විචාරකයන් විසින් හඳුන්වනු ලබයි. සිංහල සිනමාවේ දේශීය මුහුණුවර මතු වූයේ ආචාර්ය පීරිස්ගේ චිත‍්‍රපටවලිනි. එසේ ම සිනමාව යනු ගැඹුරු, සංකීර්ණ කලා මාධ්‍යයක් බව පළමු වතාවට ස්පුට කළේ ද ඔහු ය. අපේ සිනමා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කෘතිය ලෙස විචාරකයන් විසින් අවිවාදයෙන් ම පිළිගනු ලබන ‘නිධානය’ ආචාර්ය පීරිස්ගේ අධ්‍යක්ෂණයකි.

විස්තර »

සංගීතය සාහිත්‍යය

 

1958 ජුනි මාසයේ නිකුත් වූ ‘සාහිත්‍ය’ විශේෂ කලාපයට කලාකීර්ති පණ්ඩිත විමල් අභයසුන්දරයන් විසින් ලියන ලද ලිපිය අපි මෙවර පුනර් පාඨනය සඳහා තෝරා ගතිමු.
සාහිත්‍යයකින් තොර ව සංගීතයක් හැඩ ගැසෙනු නොහැක්කකි. සංගීතයේ මූල බීජය ගීතය වන බැවිනි. ලොව පටන් ගත් දා සිටම මිනිසා ගීතය, සිය හැඟීම් පළ කිරීමේ මාධ්‍යයක් හැටියට භාවිත කරයි. මිනිසා කිසි විටෙකත් ගීතයෙන් වියෝ වී නොසිටි බව මානව විද්‍යානුකූලවත් ලලිත කලානුකූලවත් ඔප්පු වූවකි. ලෝකයේ පවත්නා සෑම සංගීත පද්ධතියක් ම විග‍්‍රහ කර බැලීමෙන් මේ කාරණය සනාථ කිරීමට සාධක සපයා ගත හැකිය.

විස්තර »

 නුවර කලාවියේ ජනප‍්‍රවාදයට එක් වූ
කිවිඳියකගේ අන්දරය...
 

කොම්බි කෙල්ල කිලච්චි වෙලා දඩි බිඩියෙන් නැගිට්ටා. අත්තප්පේ... කියාගනම ලාම්පු කුප්පිය අරන් දොර ඇරගන මඬුවට ආවා. ඒ වෙන කොටත් අත්තප්පා හුල පත්තු කොරාන කඩුල්ල ගාව. ගමේ ගෙවල් ඔලිනුත් හුලු අතු අරගන දෙතුන් දෙනෙක් ආවා. ”කාටදෝ අලියා ගහලා මේන් මේ ගහමුල වැටිලා ඉන්නවෝ” කොම්බිගෙ ගේ ගාව තියන ඉනි වැට පැත්තෙන් කවුදෝ කෑ ගෑවා. හුලු එලි ටික එතෙන්ඩ රොක් වුනා. බැලින්නම් කරමෝරපු නාම්බන් ගැටයෙක් . . . . .

විස්තර »

 බොරලුගොඩින් අහුලා ගත් වංශ කතාව

 

මාර්තු 26 වැනිදා ට යෙදුණු පිලිප් ගුණවර්ධන අනුස්මරණ දිනය නිමිත්තෙනි.

වරෙක සමාජයේ ප‍්‍රකට කාන්තාවන් හමුවී ඔවුන්ගේ වංහුං ලිවීමට මට ඇරැයුමක් එක්තරා ප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි පුවත්පතකින් ලැබිණි. එහෙත් වෙස් පෙරළෙන මම ද එය එක එල්ලේ දිගට ම නොකෙළෙමි. මගේ ළමා කාලය හා බැඳුණු සබරගමු ප‍්‍රදේශයේ කතුන් දෙදෙනෙකු පමණක් මම හමු වීමි. ඒ අයිරංගනී සේරසිංහ හා සුමිත‍්‍රා පීරිස් ය.

 

 විස්තර »

සමුගැනීම

 

ටිං ටිලි...න්, ටිලිං... ටිලී...න්.ග් නො නැවතී සාලය කොනේ නිදා සිටි දුරකථනය තිගැස්සි අවදි වෙයි. තමා සමීපයට කවුරු හෝ කැඳවා ගන්නා තුරු ම දුරකතනය උත්සාහය අත් හළේ නැත. සති අන්තයේ එක දිගට ම ලැබුණු දින තුනක රාජකාරි විවේකය කායික හා මානසික සතුටක් ලෙසින් චාරුනීට දැනිණි. පාළු විසල් ගෙය තුළ නිදි යහනේ නින්දත් නොනින්දත් අතර සිටි ඇයගේ සුවදායි නින්දට මෙතෙක් බාධාවක් වූයේ නිවස අසල පිහිටි දුම්රිය මාර්ගයේ හූ හඬ නඟන දුම්රියන් පමණි.

  විස්තර »

හැව අරින සමාජයක කවිය

 

දු කිරි බොන සේ ය, උදේනි සරත්චන්ද්‍ර ලියූ ‘පුරඟන නැඟණියෝ’ කවි කියවූ මට එසේ දැනුණේ ඒවා හොඳ ම කවි නිසා ය. ඔහු මෑතකදී පළ කළ මේ කවි පොත ඉකුත් වසරේ පළ වූ හොඳ ම කවි බව මගේ හැඟීමයි. 1974 දී උදේනි ලියූ ‘සොල්දාදුවා සහ විජිතය’ දෙවන මුද්‍රණය ද මෑතකදී පළ විය. 70 දශකයේ (මොනිකා බුද්ධි සහ මා) අප තිදෙනා හා කවි ලියූ උදේනි ගේ එදා කවි ද හද පාරණ ගුණයෙන් ආඪ්‍ය විය.

විස්තර »

වාදයට ම උපන්නී

 

වාදය ඉතා පි‍්‍රය කළ කාන්තාවක් එක්තරා පුරුෂයෙකුට බිරිය ව සිටියා ය. ඇය ඉතා මුරණ්ඩු ය. තමා ගේ ගෙමිදුලට එන අන් අයකුගේ කුකුළකු හෝ එළුවකු හෝ වේවා තමාට හිමිකර දෙන මෙන් ඇය සිය සැමියාට බලකොට කියා සිටින්නී ය. සැමියා සිටියේ බිරිය පිළිබඳ මහත් වූ කලකිරීමකිනි. මෙසේ කල්ගතවන අතර දිනක් තම ගෙවත්තට පැමිණි වතුහිමියා ගේ පාත්ත රැළ දුටු ඈ සිය සැමියා අමතා මෙසේ ඇසුවාය. ”එහෙම වෙන්නෙ කොහොමද?” ඇය පොළොවේ . . . . .

විස්තර »

රුවන්වැලි සෑ ඉදිරිපිට රාජාභිෂේකය දා
රන්කාසි නිකුත් කරයි

 

තම සෙනෙවියන් මරා දැමීමට එරෙහි ව ඓතිහාසික පාඩමක් ඉගැන්වූ විජයබා මහ රජු සොළියාගේ නැවත පැමිණීම හෝ පිළිතුරක් අපේක්ෂාවෙන් තම නාවික හමුදාව වසර කීපයක් ම උතුරුබඩ වෙරළේ නවතා තැබිණි. දකුණු දිග හා වයඹ දිග වෙරළද එසේ ම ආරක්ෂා විණ. වේලක්කාර කැරැල්ලේ උණුසුම් පාඩමින් රාජ්‍ය පාලනයට සතුරන් වැද්දගැනීම පිළිබඳ අවදානම තේරුම් ගත් රජතුමා ඔවුන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමෙන් ද වැළැකිණි.

විස්තර »