|

ගුණදාස අමරසේකරගේ කෙටිකතා විමැසුමක්
ගුණදාස අමරසේකර මේ වන විට කෘති අටකින් සිංහල කෙටිකතා සාහිත්‍යය පෝෂණය කොට ඇති
කෙනෙකි. විශේෂ කරුණු කීපයක් නිසා ඔහුගේ කෙටිකතා විචාරක අවධානයට ලක් විය යුතු යැයි
හඟිමි.
අ) ‘රතු රෝසමල’ (1952), ‘ජීවන සුවඳ’ (1956), ‘එකම කතාව‘ (1969), ‘එක්ටැමෙන් පොළවට’
(1972), ‘කතා පහක්’ (1979), ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’ (1988), ‘මරණ මංචකයේ දුටු
සිහිනය’ (1988), ‘විල් තෙර මරණය’ (2007) යන කතා සංග‍්‍රහ අටකින් පනහ දශකයේ මුල සිට
අද දක්වා වූ දශක හයකට සමීප කාලයක් තිස්සේ සිංහල කෙටිකතා සාහිත්‍යාංශයට දායකත්වය
සැපයීම.
විස්තර » |