මාර්ටින් වික‍්‍රමසිංහ කවදාවත් සරච්චන්ද්‍ර ඇසුර
පි‍්‍රය කළේ නැහැ

 

ආචාර්ය ලක්‍ෂමී ද සිල්වා

මාර්ටින් වික‍්‍රමසිංහයන් ගේ තුන් ඈදුතු නවකතාවේ පළමුවැන්න වන ‘ගම්පෙරළිය’ ’UPROOTED’ නමින් පසුගියදා ඉංගිරිසියට පරිවර්තනය කරනු ලැබිණි. එහි සම කර්තෘවරුන් ලෙස කටයුතු කළේ මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ පුත් විශේෂඥ වෛද්‍ය රංග වික‍්‍රමසිංහ හා ආචාර්ය ලක්‍ෂමී ද සිල්වා ය.

විස්තර »

සෙවීම

 

බැලූ බැල්මට මේ ඡායාරූපයේ රත්රන් පෙනෙන්නට නැත.
එහෙත් ඊශාන දිග කොංගෝවේ ජීවත් වන මේ පුද්ගලයන්ගේ රැකියාව රත්රන් සෙවීමය. ඔවුහු මඩ ගොහුරු හාරා රත්රන් සොයති. අතින් අතට යන මඩවලින් පිරුණු තාච්චිවල රත්රන් සැඟවී ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. එම මඩ එක් තැනක ගොඩ ගැසී ඔවුන් අතට යළි හිස් තාච්චිය පැමිණේ.

විස්තර »

පොතානේ කාවිච්චි කොම්බි

 

නුවර කලාවියේ ජනප‍්‍රවාදයට එක් වූ කිවිඳියකගේ කතාව...

19 වැනි සියවසේ මුල් ම යුගයේ සිට ඒ සියවසේ තුන් වැනි දශකයේ අවසන් භාගය දක්වා කාලයේ නුවර කලාවියේ එළිමැද තුලානේ පොතාන නමැති ගමේ ජීවත් වු දක්‍ෂ කවි කාරියක් ගැන ජනප‍්‍රවාදයේ තොරතුරු හමුවෙයි. ඇය පොතාන ගම්මැද්දේ එවක සිටි පුංචි කඩකාරයකු ගේ දියණියකි. රූප සෝබාව කදිම ය. හුරුබුහුටි ය. කටකාර ය. දඟකාර ය. ඉලන්දාරි සිත් වශී කර ගන්නා සුළු ය.

විස්තර »

මනසෙහි අඳුරු පැතිකඩ අපූරුවට පෙන්වන ගොතික්

 

ගොතික් සම්ප‍්‍රදාය නූතනයේ සැලකෙන්නේ මධ්‍යම යුරෝපයේ පැවැති පුහු විශ්වාස පසෙක දමා දීප්තිමත් යුගයක් සඳහා උරදුන් කලාවක් ලෙසිනි. ගොතික් කලාවේත් එහි සාහිත්‍යයේත් නිර්මාණයට මෙන්ම එහි උද්දීපනයට එහි ගැබ් වන රෞද්‍ර බව, මනºකල්පිත බව සහ කටුක බව හේතු විය. පසුගිය වසර කිහිපයේදී බි‍්‍රතාන්‍යයේ ටේට් හි නව ප‍්‍රදර්ශන භාණ්ඩයක් ලෙස ගොතික් ප‍්‍රතිරූප යොදා ගැනුණි. එහි තේමාව කොට ගැනුණේ ‘ගොතික් මායාවන්, ෆියුසෙලි, බ්ලේක් හා රෝමානු සිතිවිලි’ යන්නයි.

 විස්තර »

බාල් කාක් සහ නෝනෝ

 

වේද් රාහී විසිනි

වෙශ්‍යාඛ මාසය අවසන් වන්ට ආසන්න ව ඇත. උණුසුම් සුළඟ හමා යාම ආරම්භ වී ඇත. නොනෝ සිමෙන්ති පොළවට බඩ තද කරගෙන සිව්පා විහිදාගෙන දිග ඇදී සිටියේ ය. ඌ හුස්ම ගන්නා බවක් පෙනෙන්නට නැත. ජීවිතය හැරගොස් ඇතිවාක් මෙනි. නෝනෝ ගේ දුක්මුසු තත්ත්වය දෙස සුන් වූ බලාපොරොත්තුවලින් යුතු ව බාල් කාක් බලා සිටියේ ය. ඔහුගේ දෑස්වලින් කඳුළු කඩා වැටිණ. හෙතෙම ෂෙරිකා මාතාවට කන්නලව් කළේ ය.

  විස්තර »

රූපණ සිද්ධාන්ත හා ගාමිණි

 

විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා වූ ගාමිණි ෆොන්සේකා (1936 - 2004) රංගේශයාණන්ගේ 73 වැනි ජන්ම දිනය ඊයේ (21) ට යෙදී තිබිණි.

රූපණය පිළිබඳ පෙරදිග සිද්ධාන්ත අධ්‍යයනය කිරීමේදී භරත මුනිවරයාගේ ‘නාට්‍ය ශාස්ත‍්‍රය’ නමැති සංස්කෘත නාට්‍ය ඇසුරෙන් ලියූ මාහැඟි කෘතිය වෙත අවධානය යොමු කිරීමට අපට සිදුවේ. භරත මුනිවරයාට අනුව ‘සුඛ දුක්ඛ වශයෙන් ජීවිතයේ පවත්නා ස්වභාවයන් වතුර් අභිනයෙන් පේ‍්‍රක්ෂකයා වෙත ඉදිරිපත් කිරීම නාට්‍යය” වේ.

විස්තර »

පනාකඩුව තඹ සන්නසේ වරදාන හා තේරුම්

 

පනාකඩුව ඓතිහාසික තඹ සන්නස මෙරට ඉතිහාසය උඩු යටිකුරු කළ එකකි. ලක් ඉතිහාසය තුළ තඹ සන්නස්වලින් මුලින් ම යම් යම් අදහස් ප‍්‍රකාශ වන්නේ නිශ්ශංකමල්ල රජ සමයේදී ය. ඊටත් එහා සිටි රජවරුන් තම රාජඥාවන් තඹ පත‍්‍රවල සටහන් කළ බවක් මෙකී සන්නස සොයා ගන්නා තුරු හෙළි නොවිණි. මහැදුරු සෙනරත් පරණවිතානයන් පවා මේ සන්නස ලැබෙන තුරු සිතා සිටියේ නිශ්ශංකමල්ල කාලයෙන් එහා එවැන්නක් සිදු නොවිය හැකි බව ය.

විස්තර »

 මා ‘භාරත ගීතය’ ලිව්වේ මෙහෙමයි

 

හේමපාල මුනිදාස

සුප‍්‍රකට ලේඛකයකු හා පත‍්‍ර කලාවේදියකු වූ හේමපාල මුනිදාසයන් 1957 සැප්තැම්බර් 8 වැනිදා ‘සිළුමිණ’ පුවත්පතට ලියූ මේ ලිපිය මෙවර පුනර් පඨනය සඳහා අපි තෝරා ගතිමු. පුරාතනයෙහි පහළ වුණු වෛඥනික විද්‍යා රාශියක සමුත්පාදකයා වශයෙන් ගණන් ගැනෙන පරාශර මහාර්ෂි පුත‍්‍ර ව්‍යාඝ ඉසිවරයාණන් විසින් මෙයින් ශත සංවත්සර තෙලෙසකට පමණ පෙර භාෂිතයයි සලකනු ලබන මහා භාරතයත් එහි ජීව රූපය වූ කුරුපාණ්ඩව මහා යුද්ධාරම්භයෙහිදී ශී‍්‍ර කෘෂ්ණයන් . . . . . .

විස්තර »